2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ශ්‍රීලනිප විධායක සභාවට මහින්දටත් ආරාධනා

2017 මාර්තු මස 01 20:27:58 | . , ඩයනා උදයංගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට (2) පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභාවට සහභාගීවීමට හිටපු ජනාධිපතිතුමාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ගෞරවනීය ලෙස ආරාධනා කර ඇති බැවින් ඒවාට සහභාගී වී තිඛෙන ගැටළු සාකච්ඡා කර විසදාගන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ›ලනිප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.‍

 ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ආරාධනා කර නැත්තේ මේ වන විට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන නිසා බව කී  ශාන්ත බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කර පක්ෂයේ ඉදිරිගමන කඩාකප්පල් නොකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත්, සඳහන් කළේය.

එමෙන්ම පළාත් පාලන ආයතන නව පනතේ පවතින අඩුපාඩු නිවැරදි කරන විට සමානුපාතික ක්‍රමයෙන් නියෝජිතයින් සියයට 40ක් තෝරාගන්නා ලෙස සුළු පක්ෂ විසින් කරන ඉල්ලීම ඉටුකිරීමට මෙන්ම පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සියයට 50ක් කිරීමට ද පියවර ගන්නා ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අදහස්(0) බැලූවෝ (1210)

ශ්‍රීලනිප විධායක සභාවට මහින්දටත් ආරාධනා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :