2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කැලෑ පාළුවෝ සීගිරිය රක්ෂිතය වනසති

2017 මාර්තු මස 01 10:46:38 | කාංචන කුමාර ආරියදාස

සිගිරිය අභයභූමියට අයත් සිගිරිය හා පිදුරංගල ගල් දෙක අතර  පුරාවිද්‍යා හා වනජීවී කලාපයේ දැව ජාවාරමේ නියුතු බාල වයස්කරුවකු  හා ඔහුගේ පියා සැකපිට අත්අඩංගුවට ගත්බව වනජීවී කාර්යාලය කියයි.

ගස් කැපීම සම්බන්ධයෙන් තවත් අයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සිගිරිය වනජීවී කාර්යාලය පවසයි. වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරක් හරහා දින තුනක් රැක සිටිමින් මේ මහා වන සංහාරය සිදු කරන පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු කියති.

මේ එක ගසක් සදහා මේ සැකකාර පියා රු 40 බැගින් පුතාට හා මිතුරාට ගෙවන බව කියති. ඒ අනුව රක්ෂිතය තුළ කපා ගොඩගසා තිබු ගස් 350ක් රැගෙන යාම සදහා පැමිණි පියා හා පුතා වනජීවී නිලධාරින් විසින් වනය තුළදීම අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතරතුර වනයේ සැගවී සිටි පුතාගේ මිතුරා පොරවත් පිහියත් දමා පැනගොස් ඇතැයි කියති.

S1260006 S1260009 S1260022 S1260032

අදහස්(13) බැලූවෝ (3011)

කැලෑ පාළුවෝ සීගිරිය රක්ෂිතය වනසති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සම්පත් 2017-03-01 05:59:59

මේවා නම් දුප්පත්කමට විකුණන්න දරට කපපු පොඩි පැල. මේකත් නිකන් මහා පරිමානෙන් අරක්කු ගෙන්වලා ප්‍රසිද්ධියේ විකුණන අය ඉන්නකොට ගමේ රා මදින එකාව අල්ලාගෙන යනවා වගේ වැඩක්. (නි)

ටිරාන් 2017-03-01 06:02:16

කෝ මේ පරිසරවේදියෝ? (නි)

ටිකිරි බණ්ඩා-නුගේගොඩ 2017-03-01 07:20:21

රටක වුණත් හරිහමන් නීතියක් නැති වෙනකොට රටක් වුණත් බල්ලට යනවා. (නි)

තුසිත 2017-03-01 07:20:44

සහගහන අපරාධ. මේවාට දැඩි දඬුවම් දියයුතුය (නි)

කෝනාර 2017-03-01 07:40:36

අපේ මිනිසුන්ට කොහෙද මේවායේ අගයක්? (නි)

රජින්ද 2017-03-01 07:45:17

යුද්ධ කාලේ මීටවඩා කොච්චර හොඳද කියලා මට දැන් හිතෙනවා. ඒ කාලේ මියගියාට වඩා අද මියයනවා. ඒ වගේම ඒ කාලේ රැකුණු සොබාදහම අද පහත් විදිහට විනාශ කරමින් යනවා. ඒ කාලේ ගිය යුධ වියදම් වලට හරියන්න අද වෙනත් නාස්තිකාර වියදම් වෙනවා. බැලුවාම ඒ කාලේ මීට වඩා හොඳයි. (නි)

රවීන් 2017-03-01 08:02:59

මේ අයට දියහැකි දඬුවම එල්ලුම් ගහ දක්වා වැඩිකළ යුතුය. (නි)

සංජීව 2017-03-01 08:05:57

ලංකාවේ ඇත්තේ දුප්පත් මිනිසාට පමණක් බලපාන පුදුම නීතියකි (නි)

දයානි 2017-03-01 08:06:04

ඇහුවොත්,දැක්කොත් ලංකාවේ මෙවැනි අපරාධමයි. (නි)

මහී 2017-03-01 08:16:50

අනේ දෙවියනේ, මොවුන්ට හොඳක් වෙන්න එපා. මීටවඩා මහා පරිමාණයෙන් කරන දේශපාලුවන්ටත් හොඳක් වෙන්න එපා (නි)

සුසන්ත 2017-03-01 08:52:12

මේ වගේ සුළු දේවල් වලට නම් පැනලා එනවා. අරෙහෙ විල්පත්තුව අක්කර දහස් ගණන් කැලෑ කපනවා. අනේ එ්ත් බලු බල්ලෙක් නැහැ ඒවා නවත්තන්න. (නි)

ජයන්ත 2017-03-01 09:14:25

ඔය වනාන්තර ටික හමුදාවට බාරදුන්නා නම් ලස්සනට බලාගනීවි. ඒගොල්ලෝ වනයට ආදරේ කරන අය. (නි)

හෆීල් 2017-03-01 10:50:19

විල්පත්තු වෙනුවෙන් හඬනඟන පරිසරවේදීන්, ඇයි මේකට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :