2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන්න

2017 පෙබරවාරි මස 24 15:38:17 | .

ඇස් සහ පටක දන්දීම සඳහා අන්තර් ජාලය ඔස්සේ ලියාපදංචිය ලබා දීම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ආරම්භ කර තිබේ.  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, මිනිස් පටක බැංකුව සහ eChannelling සමාජ සත්කාර ව්‍යාපෘතිය මගින් එය ක්‍රියාත්මක කෙරේ.

ශරීර කොටස් දන්දීම යනු ශ්‍රී ලාංකීය ජන සමාජයේ සුලබව අසන්නට ලැබෙන දෙයක් වුවද බොහෝවිට  සිහියට නැගෙනුයේ ඇස් සහ ලේ දන්දීමයි. නමුත් අක්ෂිදාන සංගමය යටතේ ක්‍රියාත්මකවන මිනිස් පටක බැංකුවේ ආරම්භයත් සමඟ අස්ථි, හෘද කපාට වැනි ශරීර කොටස් දන්දීම සඳහාද   අවස්ථාව ලැබී තිබේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ   අන්තර්ජාලය හරහාද මුළු ශරීරයම දන්දීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ලැබීමයි. මේ සඳහා මොබිටෙල් ආයතනය යටතේ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාවේ විශාලතම වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලය වන ඊචැනලින් (eChannelling) සේවය ඔස්සේ තාක්ෂණික දායකත්වය ලබාදී තිබේ. මේ අනුව www.echannelling.com වෙබ් අඩවිය වෙත පිවිසෙන ඕනෑම අයෙකුට ඇස් සහ පටක දන්දීම සඳහා ලියාපදිංචි වියහැකිය.

මිනිස් පටක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු හේමක ද මෙල් මහතා මේ ගැන අදහස් දක්වමින් කීවේ කෙනකු මියයෑමෙන් පසු ලබා ගන්නා ඇස් සහ පටක අසරණ රෝගීන්ට නොමිලයේ ලබා දීම  මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි.

“1960 දී ආරම්භවූ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය තම සේවාවන් තවත් පුළුල් කරමින් 1996 වසරෙදී මිනිස් පටක බැංකුව ආරම්භ කරන ලදී. ඇස් හා පටක දන්දීම සඳහා දායකයින් ලියාපදිංචිකරගැනීම බොහෝ දුරට  කරනු ලැබුවේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මකවූ වැඩසටහන් වලදී මුද්‍රිත පෝරමයක් පිරවීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේය. නමුත් eChannelling ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම අන්තර්ජාල සේවාව ඔස්සේ දායකයින් ලියාපදිංචි කරගැනීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස ඇස් සහ ශරීර කොටස් දන්දීමට කැමති බොහෝ පිරිස් අතර ප්‍රචලිත වෙමින් පවතිනවා.‘‘

‘‘ කෙනෙකු මියයාමෙන් පසු ලබාගන්නා ඇස් හා ශරීර කොටස් නවීන තාක්ෂණය භාවිතයෙන් විශේෂ ක්‍රමවේදයන්ට අනුව සුරක්ෂිතව තැන්පත්කර අස්ථි පිළිකා, හදිසි අනතුරු ආදිය නිසා අසරණ වන බොහෝ රෝගීන් සඳහා නොමිලේ ලබාදීම අප ආයතනය මගින් සිදුවෙනවා. මෙම උතුම් සමාජ සත්කාරයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීම පිළිබඳව eChannelling සේවාවට අපගේ කෘතඥතාව හිමිවෙනවා.”   යැයි ද හේමක ද මෙල් මහතා සඳහන් පැවසීය.

අදහස්(8) බැලූවෝ (1050)

අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චාමික 2017-02-25 13:26:26

ඇස් දන්දෙනවා වගේ නොවේ පටක දන්දීම. මියයන්න කලින් පටක ඉවත් කළ අවස්ථාත් තිබෙනවා.

සුධිර 2017-02-26 02:23:52

අගය කළයුතු ඉතාම වටිනා මෙහෙවරක්. බොහෝදෙනාට මේ සම්බන්ධයෙන් නිසි දැනුමක් නැහැ (නි)

ඉන්දි පහලවත්ත 2017-02-26 06:48:48

කරුණකර මේ සදහා සම්බන්ද වන්නේ කෙසේද දන්වන්න .මගේ සම්පුර්ණ ශරීරය දන් දීමට මහත් කැමැත්තෙන් සිටිමි, මම විදේශයක සිටින අතර ,මේ සදහා සම්බන්ද වීමට හැකි ආකාරය දන්වන්න. පින් සිදු වේවා.! (ර)

fb-icon ප්‍රියංගිකා 2017-02-27 07:06:01

ඇත්තෙන්ම අගය කරනවා මෙවන් දේ තුළින් අපිව දැනුවත් කරනවට. (නි)

වර්නසිංහගේ 2017-02-27 11:34:15

මේ ලියාපදිංචි මරණයෙන් පසුවටද, නැතිනම් ජීවත්ව සිටියදීමද (අ)

කල්ප 2017-02-28 11:00:05

මගේ සම්පුර්ණ ශරීරය දන්දීමට කැමැත්තෙමි. මෙයට සම්බන්ධවන්නේ කෙසේද? (නි)

එරන්ද 2017-03-01 04:19:07

ඉතා වටිනා ආරංචියක් (නි)

ලාල් 2017-03-01 04:21:08

www.echannelling.com වෙබ් අඩවිය වෙත පිවිසෙන ඕනෑම අයෙකුට ඇස් සහ පටක දන්දීම සඳහා ලියාපදිංචි වියහැකිය. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :