2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට

2017 ජනවාරි මස 25 14:45:27 | තරිඳු ජයවර්ධන

පිටකොටුවේ මැනිං වෙළඳ පොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අත්තිවාරම ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට ගෙනියන්නේ බස්නාහිර ප්‍රදේශයේ මහනගර සංවර්ධන සැලැස්ම යටතේය.

පෑලියගොඩ ගොඩ නැගිලි ඉදි කළ හැකි වන පිරිදි ඉඩම් සංවර්ධන කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

 

අදහස්(22) බැලූවෝ (4075)

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ලලිත් 2017-01-25 16:43:35

ඔය මහා නගර හදන්නේ විදේශ වලින් ණයට මුදල් අරගෙන. තවම එකම එක මහාපරිමාණ අපනයන ව්‍යාපෘතියක්වත් කම්හලක්වත් අරඹා නැති ආණ්ඩුව මේ කරන්නේ ජනතාවගේ කරපිට තවත් බර පැටවීමයි. මැනිං වෙළඳපොළ එතනම තියෙද්දී රටේ ඉඩ තියෙන තැනක මොකක්හරි අපනයන භාණ්ඩ නිපදවන වැඩපිළිවෙලක් ඒ සල්ලි වලින් පටන්ගත්තොත් අඩුතරමින් තියෙන ණය බර ටිකක් හරි අඩුවෙනවා. ඉන්දියාව කළේ රටපුරා සුපර් මාකට් විදුලි දුම්රිය මාර්ග හදන්න කලින් මනා පුහුණුවක් දීලා වැඩි පඩිවලට සේවකයින් හැකිතරම් ලෝකය පුරා යැවීම. අපේ අය මුලින්ම කරන්න යන්නේ අතේ තියෙන ටිකත් වියදම් කරලා රුපියල තවත් බාල්දුවෙන වැඩ (නි)

බුද්ධික 2017-01-26 04:19:49

ඔව් ඔව් ඉක්මනට මේ ජාතික ප්‍රශ්න විසඳලා ඉන්න (නි)

කසුන් 2017-01-26 04:20:12

ඉවසන්න! බලගතු ශ්‍රී ලංකාවට අඩිය තිබ්බා පමණි. (නි)

සංජීව 2017-01-26 07:45:17

ඡන්ද වලට උදවු කරපු අයට කළගුණ සළකන්නත් එපැයි. ලංකාව තව අවුරුදු 50 ක් ගියත් ඔහොමම තමා. ලලිත් කියපු දේ හරි. ඒවා පෙනෙන්න පිටරටක වැඩකරලා අත්දැකීම් තියෙන්න ඕනෑ. (නි)

සංජීව 2017-01-26 07:45:18

චන්ද වලට උදවු කරපු අයට කළගුණ සලකන්න එපැයි. ලංකාව තව අවුරුදු 50 ක් ගියත් ඔහොමම තමා.(ම)

හිමාල් 2017-01-26 18:23:48

අනුන් කරන දේ විවේචනය කරමින් ඉන්නවට වඩා.. තමන් දන්න දේ හරියට කරපන් කීය කණට ගසා... (නි)

ලලිත් 2017-01-29 06:20:41

මේ කවුරුවත් මැනිං මාර්කට් ගිහින් නැහැ වගේ මට පේන්නේ. පොඩි පොදයක් ගියොත් විනාශයි (නි)

ද සිල්වා බෙර්ලින් 2017-01-29 19:52:19

මේගොල්ලො කොහේ හැදෙන්නද? ටුවරිස්ට් සීසන් එක පටන්ගත්ත ගමන්ම ගුවන්තොටුපළ කඩලා හදන්න පටන් ගත්තා. එහෙම කරන්න හේතුව විදිහට පෙන්නුවේ මෙම කාලයට වැස්ස නොමැති බව. ඔය දැන් හොඳට වහින්නේ. ටුවරිස්ට් සීසන් එක දැන් වැටිලා තිබෙන්නේ. අඩුම තරමේ රස්තියාදුවෙන මගීන්ට සාධාරණ මිලට වතුර ටිකක්වත් ගන්න බැහැ. (නි)

ජයාත් 2017-01-30 01:38:53

හිමාල්, සින්දුව හරියට අහලා ලියන්න. නැත්නම් ඔයත් අර ඩ්‍රීම් ස්ටාර් වල ඉන්න පරපුටුවන්ගේ ගොන්නට වැටෙනවා. ප්‍රේම් එ්ක ලිව්වේ මෙහෙම.... තමන් දන්නා දේ හරියට කරපන් කියලා කීය හඬා... (නි)

ඉසුරන්දි 2017-01-30 06:38:13

මමත් කැමතියි මොකක්හරි වෙනසක් වෙනවා නම්... (නි)

ජගත් 2017-01-31 15:04:16

කොපමණ වියදමක් යනවද?(හේ)

ලලිත් 2017-01-31 15:04:20

බොරු වැඩක්නේ.(හේ)

ලලිත් 2017-01-31 15:04:32

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කලත් වැඩක් නැහැ අනික් අය (බලයේ ඉන්න අය) ඒකේ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට?(හේ)

ලලිත් 2017-01-31 15:13:54

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කළත් වැඩක් නැහැ අනික් උන් (බලයේ ඉන්න උන්) ඒකෙ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට? (බ)

ලලිත් 2017-01-31 15:10:35

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කළත් වැඩක් නැහැ අනික් අය (බලයේ ඉන්න අය) ඒකෙ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට? (අ)

තිලක්-ඩුබායි 2017-02-06 01:33:25

ලලිත්, ඔබ කියන ටික තේරුම් ගන්න තරම් මොළයක් තියෙන අය පාර්ලිමේන්තුවේ නැහැ. (නි)

සුනිල් 2017-02-07 11:23:52

මේක අවුරුදු විසිපහකට කලින් කරන්න තිබුන වැඩක් (නි)

මාගලි 2017-02-09 11:39:27

ලොකු දෙයක් ආණ්ඩුව ගත් ඒ තීරණය. ඔය කුණු ගොඩ කොළඹින් ඉවත් කරන එක. තනිකර අපායක් එතන. වැඩි පිරිසිදු තැනකට ගෙනියන එකනම් ලොකු දෙයක්. අලුත් ආණ්ඩුවට තාම හුස්මක් ගන්නවත් කාලයක් නැහැ. සියල්ල සම්පුර්ණ කරනකම් බලා ඉන්නේ කට්ටිය. කෝ හිටිය අය මොනවද කළේ (නි)

මහී 2017-02-20 18:47:18

කොළඹ නගරය කිසිම සැළසුමක් නැති නගරයක්. ඒක ඉක්මනින්ම පිළිවෙලකට එන එක අවශ්‍යම දෙයක්. ගෝඨාභයගේ මොන අඩුපාඩුකම් තිබුනත් ඒකට හොඳ අඩිතාලමක් දැම්මා. ලලිත් කියනවා වගේ වැස්සක් වැටුනොත් යන්න බැරි මැනිං මාකට් එක ඇයි ඔතන තියාගෙන ඉන්නේ? චම්පික රණවක සැළසුමක් අනුව යන බව පේනවා. (නි)

ලලිත් 2017-02-21 09:21:46

වටිනා කියන ඉඩම් ටික හිතවතුන්ට දෙන්න සමහරු දාන ගැටවල තරම ජනතාව දන්නවා. (නි)

කුමාර් (ගල්ෆ්) 2017-02-28 11:01:27

අපේ රටේ හැමදේම කරන්නේ අග මුල මාරුකරගෙන, කෙටි වාසි බලාගෙන. (නි)

ධම්ම 2017-03-01 08:25:00

මිහිපිට අපාය බලන්න ඕනෑ නම් ඔය මැනිං මාකට් එක, දැන් හදන්න යන තැන තියෙන මාළු මාකට් එකට යන්න. ඒ තරමට අපිරිසිදුයි. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :