2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

'රශ්මි'ට ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැහැ

2018 ඔක්තෝබර් මස 12 06:00:34 | deeptha

2018-10-09-ent-12

සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සඳනි ප්‍රනාන්දු මේ දිනවල ප්‍රේක්ෂක ඔබ හමුවන්නේ සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන ‘තුත්තිරි’ ටෙලි නාට්‍යය තුළිනි. ඉදිරියේදී සිනමාවට ද පිවිසිමට සූදානමින් සිටින සඳනි සිය අලුත්ම තොරතුරු මෙසේ ‘සාරවිට’ අපිට පැවසීය.

 

සඳනිව අපි අයෙත් ටෙලි නිර්මාණයක දකිනවා?2018-10-09-ent-16

ඔව්, සංජය නිර්මාල් මහතා අධ්‍යක්ෂණය කළ ‘තුත්තිරි’ ටෙලි නාට්‍යය තුළින් මාව මේ දිනවල දකින්න පුළුවන්. හාස්‍යමය ටෙලි නාට්‍යයක් විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මම නිරූපණය කරන්නේ ‘ඩියා’ කියලා ‘පිටසක්වල ජිවියෙක්’ විදිහට. පබෝදා සංදීපනි අක්කාත් එක්ක තමයි ගොඩක් වෙලාවට මාව ‘තුත්තිරි’ නාට්‍යයේ දකින්න පුළුවන් වෙන්නේ.

 

තාමත් හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘රශ්මි’ට ලැබෙන ප්‍රතිචාරවලින් අඩුවක් නැහැ?

නැහැ. ඒකට හොඳම උදාහරණයක් කියන්නම්. ගිය සතියේ මම හිටියේ කොරියාවේ. ප්‍රසංග කිහිපයක් සඳහා සහභාගී වෙන්න තමයි කොරියාවට ගියේ. රසික ප්‍රතිචාරවල නම් අඩුවක් තිබුණේ නැහැ. ගොඩක් අය මාව අඳුනගත්තේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘රශ්මි’ විදිහට. ප්‍රතිචාරවලින් නම් අඩුවක් තිබුණේ නැහැ. මෙහෙ වුණත් ප්‍රේක්ෂකයෝ තාමත් ආදරේයි ‘රශ්මි’ කියන චරිතයට.

 

සඳනි ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්. නමුත්, ඔබව අපි දකින්නේ අඩු නිර්මාණ ප්‍රමාණයක?

රඟපාන්න ලැබෙන නිර්මාණවල අඩුවක් නම් නැහැ. ඒත්, මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට මට කරන්න පුළුවන් කියලා හිතෙන චරිත විතරයි තෝර ගෙන කරන්නේ. අරුණ ජයවර්ධන මහත්මයාගේ චිත්‍රපටය වුණත් මම ගොඩක් කැමැත්තෙන් භාරගත්ත චිත්‍රපටයක්. ‘තුත්තිරි’ ටෙලි නාට්‍යයෙන් තවත් ටෙලි නාට්‍යයක මේ දවස්වල වැඩ කරනවා. ඒ ජාතික රූපවාහිනියේ විකාශය වන රහස් පරික්ෂක ටෙලි නාට්‍යයකට. එහි ‘පවනි’ කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ.

 

සිනමාවටද, ටෙලි නාට්‍යවලටද වඩා කැමති?

මම සිනමාවට වැඩිපුර දායකත්වයක් දෙන්න කැමතියි. එහෙම කියලා ටෙලි නාට්‍යය පැත්ත අත්හරින්න කැමති නැහැ. ගොඩක් හොඳ නිර්මාණ ආවත් සිනමාවට වගේම ටෙලි නාට්‍යවලටත් මම අනිවාර්යයෙන්ම දායක වෙනවා.

 

රංගන ශිල්පිනියක් වුණ එක ගැන සතුටුද?

ඔව්, ගොඩක් සතුටුයි. මේක මගේ පුංචි කාලේ හීනයක් නම් නෙමෙයි. මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක්. ‘අයි.ටී.එන්.’ අවුරුදු කුමරිය වීමත් සමග තමයි රංගනයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ. කෙටි කාලයක් තුළදී යම් දුරක් ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා.

 

බුද්ධික සේනාධීර

 

 2018-10-09-ent-15 2018-10-09-ent-14 2018-10-09-ent-13

අදහස්(0) බැලූවෝ (2735)

'රශ්මි'ට ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :