2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ගිවන්ත පැවිදි බිමට

2018 ඔක්තෝබර් මස 08 10:17:47 | Dilan Chryshantha

20181008Givantha-1මේ දිනවල ගිවන්ත අර්ථසාද් වෙනස්ම චරිත රංගනයක නිරත වෙනවා. ඒ පැවිදි චරිතයක්. ඒ පිළිබඳ කතා කිරීමට මෙවර සඳැල්ලෙන් ගිවන්ත වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. ඔහු අප සමග කතාබහක නිරතවුණේ මෙලෙසින්.

ගිවන්ත මහණ වෙලා කියන කතාව ඇත්තද?

ඔව්නෙ. ඒත් ඉතින් මහණ වුණේ නම් නිර්මාණයක් වෙනුවෙන්.

මොකද්ද නිර්මාණය?

අසංක පෙරේරා අධ්‍යක්ෂණය කරන ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ නිර්මාණය වෙනුවෙන් තමයි මහණවෙලා ඉන්නෙ. මීට පෙර මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ අසංකගේ පියා රංජිත් පෙරේරා. ඔහුගේ නිර්මාණයේ ප‍්‍රතිනිර්මාණයක් විදියට තමයි නැවතත් මෙය එළිදක්වන්නෙ. වික්ටර් බංඩාර සේනාරත්න තමයි තිර පිටපත රචනය කළේ.

මේ මහණ වුණේ පළමු වතාවටද?

නෑ. මීට පෙර මම මියුසික් වීඩියෝවක මහණ වුණු චරිතයක් කළා. එය අධ්‍යක්ෂණය කළේ සුරංග සේනාධීර.

වෙල්ලස්සේ වෙඩි හඬ ගැන කතා කළොත්?

1816 කැරැල්ල පිළිබඳ තමයි මෙහිදී කියවෙන්නෙ. මම එහි නිරූපණය කරන්නෙ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ චරිතය. මේ කතාව මේ කාලෙට ගොඩක් කාලෝචිතයි කියලා හිතෙනවා. මොකද මේ රටට වන ව්‍යසනයට මිනිසුන්ට පෙන්නන්න පුළුවන් හොඳ කතාවක්. ආගම් ජාති භේදයකින් තොරව දේශපාලනයට එරෙහිව මෙය කරන්නෙ.

වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් වගේ ඉතිහාසයේ නමක් ලියවුණු චරිතයක් පණපෙවීම ලොකු අභියෝගයක් නේද? ඒක කොහොමද ජයගත්තෙ?

අනිවාර්යයෙන්ම ඒක ලොකු අභියෝගයක්. විශේෂයෙන්ම වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ චරිතය කරද්දී එහි භාෂාව වුණත් අපි සාමාන්‍ය කතා කරන භාෂාව නෙමෙයි. ඉතින් මට ඒ පිළිබඳ ලොකු අධ්‍යයනයක් කරන්න වුණා. ඒ වෙනුවෙන් ලියැවුණු පොත පත පරිශීලනය කළා. ඉතිහාසයේ ලියැවුණු එවැනි බලවත් චරිතයක් කරද්දී ඒ චරිතයට ලොකු සාධාරණයක් කරන්නත්  ඕනෑනෙ. මෙහි අධ්‍යක්ෂවරයා මාව විශ්වාස කරලා මට මේ චරිතය දුන්නෙත් මගෙන් චරිතයට සාධාරණයක් බලාපොරොත්තුවෙන්නෙ. ඉතින් මම හිතනවා මම චරිතෙට සාධාරණයක් කළා කියලා. අධ්‍යක්ෂවරයාගෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා.

ඉතින් ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?

ඇත්තම කිව්වොත් හිතාගන්න බැරි විදියට මංගල දර්ශනය දවසෙ මුළු ශාලාවම පිරිලා හිටියෙ.

විශේෂයෙන්ම අපේ රටේ නමගිය හාමුදුරුවරු බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා හිටියා. ඊට අමතරව හමුදා නිලධාරීන් පැමිණිලා හිටියා. ඒ හැමෝගෙන්ම ලැබුණු ප‍්‍රතිචාර ඉතා ඉහළයි. එතැනට ඇවිල්ලා හිටපු හාමුදුරුවන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර අතර උන්වහන්සේලා කියපු දෙයක් තමයි මේ චරිතය දකිද්දි අමුතු හැඟීමක් ඇතිවුණාලූ. ඒ තරමට හිතට කාවදින විදියට චරිතය ඉදිරිපත් කරාලූ. ඒ ගැන අහිංසක ආඩම්බරයක් තියෙනවා.

පුංචි තිරයේ ඉදිරිපත් කරපු චරිතත් එක්ක බලද්දී මේ චරිතය හාත්පසින්ම වෙනස් චරිතයක් නේද? කොහොමද ඒ වෙනස?

අම්මෝ ලොකු වෙනසක් තියෙනවා. හාමුදුරුනමකගෙ චරිතයක් වුවත් මේ චරිතය හරි බැ?රුම් ප‍්‍රබල චරිතයක්නෙ. ඒවගේ චරිතයක් ඉදිරිපත් කිරීම ලේසි පහසු දෙයක් නෙමෙයි. මම කරපු චරිතත් එක්ක මට මේ චරිතය හරහා ලොකු අත්දැකීමක් ලැබුණා. ඒ වගේම මෙවැනි ඉතිහාසගත චරිතයක් ඉදිරිපත් කරන්න ලැබීමත් ලොකු භාග්‍යයක්. වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවො රැුඩිකල් චරිතයක්. තම ආගම සහ ජාතියට ආදරය කරන ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඉතින් එවැනි චරිතයක් ගැන ලොකු අවබෝධයකුත් ලැබුණා. ඒ චරිතයට මාව තෝරාගැනීම පිළිබඳ ස්තූතිවන්ත වෙන්න  ඕනෑ.

සිවුර ඇඟට දාගත්තම ඇතිවුණ හැඟීම කොහොමද?

ඒක නම් ඉතින් කියන්න තේරෙන්නෙ නෑ. සාමාන්‍ය ගිවන්ත නෙමෙයි එතකොට. ඒ වෙලාවෙදි අපිට නොදැනුවත්වම හික්මීමක් ඇතිවෙනවා. මම නියම බෞද්ධයෙක් විදියට බුද්ධ චීවරයට ගරු කරන නිසා ඒ දේට අගෞරවයක් නොවෙන විදියට පළඳින්න  ඕනෑ. නමස්කාර කරලා තමයි පළඳින්නෙ. ඒ පැළඳගත්තම අමුතු හැඟීමක් දැනෙනවා. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ.

ඇත්තටම මහණ වෙන්න හිතුණෙ නැද්ද?

නෑ. මට වගකීම් ප‍්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් මගෙ දරුවා වෙනුවෙන් ඉටුකරන්න. මම මහණ වුණොත් ඒවා කරන්න බෑනෙ. ඒ නිසා මට මහණ වෙන්න බෑ.

මේ දිනවල පුංචි තිරයේ වැඩ කටයුතු?

මම දායකවුණ ටෙලිනාට්‍ය හයක් විවිධ නාළිකාවල විකාශය වෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ සඳ එළිය, රවීන්ද්‍ර විජේරත්නගේ ලේබරයා, ගිහාන් රෝහණගේ ඉන්ද්‍රචාපා, සුදර්ශන බංඩාරගේ පැකේජ් ඒ අතරින් කිහිපයක්.

මීට පෙර ඔබ අධ්‍යක්ෂණය කළ නිර්මාණයකට ජයග‍්‍රහණය ලැබුණා. නැවතත් නිර්මාණ කටයුත්තකට අතගහන්න අදහසක් නැද්ද?

මගෙ හීනයක් තිබුණා චිත‍්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න. මීට පෙර කෙටි චිත‍්‍රපටයක් කළා. ඒ තුළින් ගිය අවුරුද්දෙ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත‍්‍ර වුණා බස්නාහිර පළාතෙන්. එතැනින් පස්සෙ මට තිබුණු හීනයක් තමයි ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම.

ඉතින් මම කුළුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයක් පටන් ගත්තා. ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල මහන්සි වෙන්නෙ. ඉතින් මට ඒ වෙනුවෙන් හොඳ නිෂ්පාදකයෙකුත්  මුණගැහෙනවා. ඔහු සුරංග සේනාධීර. දැන් ඒ වෙනුවෙන් මේ දිනවල සූදානම් වෙනවා.

ධනු විජේරත්න

20181008Givantha-2 20181008Givantha-3

අදහස්(0) බැලූවෝ (1218)

ගිවන්ත පැවිදි බිමට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :