2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

'කොළඹ සන්නිය Returns' හෙට සිට සිනමාශාලාවල

2018 සැප්තැම්බර් මස 20 16:49:27 | Dilan Chryshantha

කොළඹ සන්නිය පිළිබඳව මේ දිනවල නැවතත් සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ තමයි කොළඹ සන්නිය Returns නමින් නැවත සිනමා නිර්මාණයක් බිහි වීමයි. මේ නව චිත්‍රපටයේ  පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙන්. චිත්‍රපටය නිෂ්පාදනය සඳහා සහන අබේවර්ධන, ෂමාල් ඩිල්ෂාන්, දිනිත් කොර්නෙට් දායකවී තිබෙනවා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ජනිත් ගුනසේකරගෙන්. ගයාන් උඩවත්ත සංගීත නිර්මාණයෙන් සම්බන්ධ වනවා. සරත් කොතලාවල, සැනට් දික්කුඹුර, රජිත හිරාන්, මේනකා මධුවන්ති, කුමුදුනි අධිකාරි, රොහාන් විජේසිංහ, රසිකා නිමාලි ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය සපයනවා.

සැප්තැම්බර් 21 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී “කොළඹ සන්නිය Returns” නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා. 

මැණික් සන්ද්‍රා සාගර අධ්‍යක්ෂණය කළ “කොළඹ සන්නිය” චිත්‍රපටය සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය චිත්‍රපටයක්. එඩි ජයමාන්න ප්‍රධාන චරිතය නිරූපණය කළ කොළඹ සන්නියේ ජෝ අබේවික්‍රම, ෆ්‍රෙඩි සිල්වා, දයා ද අල්විස්, දෙනවක හාමිනේ, ගීතා කුමාරසිංහ ඇතුළු දක්ෂ නළුනිළි පිරිසක් රංගනයේ යෙදුනා. හදිසියේ ධනවතුන් වන ලොතරැයි ජයග්‍රාහක ගැමි පවුලක් කොළඹ ජිවත් වන්නට දරන උත්සාහයක් හාස්‍ය රසය සමගින් මේ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයා වෙත ගෙනඒමට සමත් වුනා.

ඒ ආකාරයෙන්ම “කොළඹ සන්නිය Returns” චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් අතර රැඳෙන චිත්‍රපටයක් වේවි යැයි බොහෝ දෙනා අදහස් පළ කරනු ලබනවා. 

 

අදහස්(0) බැලූවෝ (3647)

'කොළඹ සන්නිය Returns' හෙට සිට සිනමාශාලාවල සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :