2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

චරිතාංග නිළියක් වෙන්න මං කැමතියි

2018 අගෝස්තු මස 18 16:31:39 | deeptha

2018-08-16-ent-99

‘සිරස’ රූපවාහිනියේ විකාශය වූ ‘ෆිල්මිස්ටාර්’ වැඩසටහන හරහා රසික ආදරය දිනාගත් චතු රාජපක්ෂ මේ වනවිට රංගනයට අවතීර්ණය වී සිටියි. ඒ පිළිබඳව සහ ෆිල්මිස්ටාර් තරගයේ ජයග්‍රහණ සම්බන්ධව කළ සංවාද සටහනකි මේ.

 

මේ දවස්වල සිදුවෙන වැඩකටයුතු මොනවාද?2018-08-16-ent-100

මේ දවස්වල ‘සිරස’ රූපවාහිනියේ විකාශයවෙන “තුත්තිරි” ටෙලි නාට්‍යයේ සහ හිරු රූපවාහිනියේ විකාශය වීමට නියමිත “ඉරු දේවි” නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒවායේ වැඩ සැප්තැම්බර් මාසයේ පටන් ගන්නවා. එහි ප්‍රධාන චරිතය මට ලැබිලා තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දායක වුණා. ඉදිරියේ දී ඒවා දැකබලා ගන්න ලැබෙයි. ඒත් එක්කම දැනට මම ‘සිරස’ ප්‍රවෘත්ති අංශයටත් සම්බන්ධවෙලා ඉන්නවා.

 

“තුත්තිරි ” නාට්‍යයේ ඉරුෂිගේ චරිතය පිළිබඳව මුලින්ම කතා කරමු?

ඇත්තටම ‘සිරස’ නාළිකාවේ විකාශවන “තුත්තිරි” නාට්‍යය වෙනස් ආකාරයේ කතාවක්. පිටසක්වල ජීවින් පිළිබඳව සොයා බලන මහාචාර්යවරයෙක් සමග තමයි මට කටයුතු කරන්න තියෙන්නේ. සමහර වචන මට උච්චාරණය කරන්න අමාරුයි. ඒත් මම ඉරුෂිගේ චරිතයට සාධාරණයක් කළා කියලා විශ්වාස කරනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දිහා බැලුවම ඒක හොඳට පේනවා.

 

ඔබ “සිරස ෆිල්මිස්ටාර්” තරගය සඳහා සම්බන්ධ වුණේ කොහොමද?

ශෙනාල් මද්දුමගේ අයියා හරහා ඉරුෂ ද සිල්වා තමයි මට ‘ෆිල්මි ස්ටාර්’ තරගය ගැන කිව්වේ, එයා තමයි ‘ෆිල්මි ස්ටාර්’ එකේ මුලින්ම හිටිය අධ්‍යක්ෂක, ඒ විදියට තමයි මම එයට සම්බන්ධ වෙන්නේ. අපි එකම පවුලක් වගේ තමයි කටයුතු කළේ, හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා.

 

අවසන් තිදෙනා අතරට ඔබ තේරීපත් වුණා වගේම, හොඳම රුවැත්තියට හිමි සම්මානය ඔබට හිමිවුණා. මෙය ඔබට දැනුණේ කොහොමද?

ෆිල්මි ස්ටාර් තරග මාලාවේ හොඳම රුවැත්තියට හිමි කිරුළ වගේම, හොඳම නිළියට හිමි සම්මානය දෙවතාවක් මට හිමිවුණා. එය ජීවිතයේ ලැබුණු විශාල භාග්‍යක් ලෙස මම දක්නවා. ඒ එක්කම අවසන් තිදෙනා දක්වා හිටියා කියලා කිවුවම එය තරගයේ ජයග්‍රහණය හා සමානයි. මොකද එතන හිටිය හැම තරගකරුවෙක්ම ඉතා දක්ෂයි.

 

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳව මතක් කළොත්?

ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. සමහරු අහනවා ‘ඔයා චතු නේද? කියලා. එතකොට හරිම සතුටක් දැනෙන්නේ. මම කරපු බොහෝ නිර්මාණවලට ගොඩක් අය කැමතියි කියලා කතා කරලා කියනවා. කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන් අපි ගැන සතුටින් කතා කරනවා කියන්නේ ඒක මං ලැබූ ලොකු ජයග්‍රහණයක්.

 

ඔබට උදව් කළ පිරිසකුත් ඇති?

මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, මල්ලි, නංගි, අක්කා. මේ හැමෝම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේම සිවදාසන්, සුරංග අල්විස් යන මහත්වරුන්, ඉරුෂ, චතුර, කීර්ති යන අයියලත් මගේ ගමනට සහයෝගය ලබාදුන්නා.

 

ඡායාරූප සහ සටහන මහේෂ් මලවර ආරච්චි

අදහස්(0) බැලූවෝ (1212)

චරිතාංග නිළියක් වෙන්න මං කැමතියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :