2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සුපිරි තරු දෙපළගේ දියණියන් අතර සීතල යුද්ධයක ආරම්භයද මේ?

2018 අගෝස්තු මස 13 06:46:41 | deeptha

2018-08-09-ent-70

නැසී ගිය ශ්‍රී දේවිගේ දියණිය වන ජාන්වි කපූර් මේ වනවිට බොලිවුඩ් සිනමාවට පිවිස තිබේ. පසුගියදා ඇයගේ කුළුඳුල් චිත්‍රපටය වන ‘දඩක්’ චිත්‍රපටය තිරගත වීමත් සමගින් ඇයගේ සිනමා ගමන පිළිබඳව බොහෝ දෙනෙකු විමසිලිමත් විය. ජාන්වි කපූර් මෙන්ම ඉන්දියානු සිනමාව තුළ නැවත කතාබහක් ඇතිවන චරිතයක් ලෙස බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ දියණිය හැඳින්විය හැකිය. ජාන්වි කපූර්ට සිනමාවට පිවිසීමට ඇයගේ මවගෙන් සහයෝගයක් නොලැබුණත්, ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන්ට නම් ඇයගේ පියා වන ශාරුක් ඛාන්ගේ විශාල සහයෝගයක් ඒ සඳහා ලැබෙන බවට කිසිඳු සැකයක් නොමැත. ඒ කාරණාව සත්‍යයක් බවට පත් කිරීමට ශාරුක් ඛාන්ට හැකිවිය. ඒ පසුගියදා ඇයගේ ඡායාරූප පෙළක් ඉන්දියානු සුප්‍රකට ‘වෝග්’ සඟරාවේ පළවීම නිසාවෙන් සහ ඒ සඳහා ශාරුක්ගේ සහයෝගය ලැබීමත් සමගිනි.2018-08-09-ent-69

ඉන්දියාවේ සුප්‍රකට ‘වෝග්’ සගරාවේ මුල් පිටකවරය සැරසූ ඇයට බොහෝ දෙනෙකුගෙන් විවේචන එල්ල විය. බොහෝ දෙනාගේ විවේචන අතරේ බලවත් චෝදනාව වූයේ, මෙලෙස ඡායාරූප පෙලක් සුප්‍රසිද්ධ සඟරාවට එක්කිරීමට තරම් ඇය සිනමාවට හෝ කලාවට අවශ්‍ය පුද්ගලයෙකු නොවන බවයි.

මේ කාරණාව පිළිබඳව මතභේද ගොඩ නැගීමේදී ඇය සමාජ මාධ්‍ය අමතමින් පවසා සිටියේ තමන් සිනමාවට ආදරය කරන බවත්, තවමත් ශිෂ්‍යාවක් බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් අනාගතයේ තාරකාවියක් වනු ඇති බවයි. මේ කාරණාවත් සමගින් ඇය සමග සම්මුඛ සාකච්ඡා කිරීමට බොහෝ මාධ්‍ය උනන්දුවක් දැක්වීය. එහිදී ඇය එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ, මෙම සඟරාවේ පිටකවරයේ මෙතෙක් ඡායාරූප පළවූයේ ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සිටි නිරූපිකාවන්, නිළියන් හෝ ගායිකාවන්ගේ වූ බවත්, තමන්ද කලාවට සුවිශේෂී නොවුණද සිය පියා නිසා තමන් සුවිශේෂී පුද්ගලයෙකු වන බවත්ය.

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ 18 හැවිරිදි දියණියගේ ඡායාරූපයක් තම කවරයේ පළකිරීමට ඉන්දීය ‘වෝග්’ සඟරාව තීරණය කිරීම පිළිබඳ දැඩි විවේචන එල්ලවී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ කෝපයෙන් යුතුව අදහස් පළකරන බොහෝදෙනා පවසන්නේ කවරයේ ඡායාරූපයක් පළ කිරීමට තරම් සුහානා ඛාන් කළ දෙයක් නොමැති බවයි. එසේ නම් ජාන්වි කපූර් සිනමාවට තරුවක් බවත්, ඇයගේද මේ ආකාරයේ ඡායාරූප පෙළක් පළවිය යුතු බවත් ඇතැමුන් පවසයි. කෙසේ වුවත්, වෝග් සඟරාවේ මෝස්තර අධ්‍යක්ෂිකා සහ ශාරුක් ඛාන්ගේ දීර්ඝකාලීන මිතුරියක වූ අනීටා ශ්‍රොෆ් අඩජානියා (Anaita Shroff Adajania) මෙම නිරූපණ ඡායාරූප සඳහා මෝස්තර නිර්මාණය කර තිබේ. එය සුහානා ඛාන්ගේ පළමු නිරූපණ ඡායාරූප එකතුව මෙන්ම පළමු සම්මුඛ සාකච්ඡාවද වේ. මෙලෙස තමන්ගේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් මතුවී ඇති සෘණාත්මක අදහස්වලට ප්‍රතිචාර දැක් වූ සුහානා පවසා සිටියේ, බොහෝ දෙනෙකු මේ පිළිබඳ වෛරී අදහසින් බැලීම පිළිබඳව කනගාටු වන බවයි. කෙසේ වුවත් ‘වෝග්’ සුරූපී සම්මාන උත්සවයේදී ශාරුක් ඛාන් මෙම කවරය එළිදැක්වීම සඳහා දායක විය. එහිදී ඔහු ‘වෝග්’ සඟරාවට ස්තූතියද පළකරමින් කියා සිටියේ, මගේ කුඩා දියණිය සුප්‍රසිද්ධ සඟරාවේ මුල් කවරයට තෝරා ගැනීම පිළිබඳව ස්තූති කරන බවයි. ඊට අමතරව ඔහු පවසා සිටියේ ශාරුක් ඛාන්ගේ දියණිය වීම නිසා ලැබුණු වරප්‍රසාදයක් ලෙස මෙම අවස්ථාව සැලකිය යුතු නොවන බවයි. ‘වෝග්’ සඟරාව තමන්ගේ දියණිය මත තැබූ විශ්වාසය මෙම ක්‍රියාවට මූලික වූ බව ඔහුගේ අදහස විය.

මෙහිදී බොහෝ දෙනෙකුගේ විවේචනාත්මක අදහස් අතරින් ගොඩ නැගුණු තවත් සංවාදයක් වූයේ ශ්‍රී දේවිගේ දියණිය පිළිබඳවය. ශ්‍රී දේවි හා බොනී කපූර්ගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් රංගනයෙන් දායක වු සිය මංගල චිත්‍රපටය වූ ‘දඩක්’ මේ වන විට ලාභ උපයමින් සිටීමත් මේ කාරණාවට මූලික විය. පසුගිය සති අන්තය වන විට මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 80ක ආදායමක් උපයා ගන්නට සමත් වූවත් මේ පිළිබඳ ඇතැම් මාධ්‍ය අනාවරණය නොකර තිබීමත් බොහෝ දෙනෙකුගේ කනස්සල්ලට පාත්‍ර වූ කරුණක් විය. කෙසේ වුවත් ජාන්විගේ පළමු රංගනය තුළින් මෙම චිත්‍රපටය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබීමද සතුටට කරුණක් බවට සඳහන් වේ. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලක් වැය වී ඇති අතර, මේ වන විට ඊට වඩා වැඩි මුදලක් මෙම චිත්‍රපටයට උපයා ගැනීමට අවස්ථාව ලැබී තිබේ. ජාන්වි නවකයෙකු ලෙස මෙම චිත්‍රපටයට සම්බන්ධ වීම හේතුවෙන් මෙම චිත්‍රපටය නැරඹීමට බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් මතුව තිබීම චිත්‍රපටය සාර්ථක වීමට හේතු වූ බව සිනමා විචාරකයන් පවසා සිටියි. මෙම නැගී එන තරු දෙපොළ හට නම් පෞද්ගලික මති මතාන්තර නොතිබුණත්, සමාජය විසින් ඔවුන් අතර එවැනි පරතරයක් ඇති කිරීමට මූලික වන බවද ඇතැමුන් පවසයි. මේ කාරණාවන් එකිනෙකට පරස්පර වූවත්, සුපිරි තරු යුගලක දියණියන් අතර සීතල යුද්ධයක මුල පිරීමට මූලික වන්නේ සමාජ මාධ්‍ය හා විවේචනාත්මක අදහස් දරන්නන් බව මොවුන් දෙදෙනාට ආදරය කරන බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

 

2018-08-09-ent-63 2018-08-09-ent-64 2018-08-09-ent-65 2018-08-09-ent-66 2018-08-09-ent-67 2018-08-09-ent-68  

අදහස්(0) බැලූවෝ (965)

සුපිරි තරු දෙපළගේ දියණියන් අතර සීතල යුද්ධයක ආරම්භයද මේ? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :