2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

යාළුවන්ගේ වැඩ ගැන කියන දිලේෂ්ගේ “මචං”

2018 ජූලි මස 20 16:38:55 | Dilan Chryshantha

2018-07-20-dilesh-1

මේ දිනවල ප්‍රචාරය වන අමුතුම තේමාවක් සහිත ගීතයක් තමයි Machang කියන්නේ. Machang ගීතය ගායනා කරන්නේ දිලේෂ් වෙලින්ටන්. ඉතින් දිලේෂ්ගේ සංගීත වැඩකටයුතු ගැන දිලේෂ් සාරවිටට කිව්වේ මෙහෙමයි...

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම දිලේෂ්. මම කුරුම්බා බෑන්ඩ් එකේ බේස් ප්ලේයර් කෙනෙක්. මම මුලින්ම වැඩ කරේ ඩොක්ටර් බෑන්ඩ් එකේ. ඊටපස්සේ මම රැකියාවක් කරා බෑන්ක් එකක. ඒක නිසා මියුසික් වැඩ ටිකක් අතපසු වුණා. නමුත් මම පස්සේ ඒ රැකියාවෙන් ඉවත් වෙලා මියුසික් කරන්න පටන් ගත්තා. ඊටපස්සේ බෑන්ඩ් කිහිපයකම වැඩ කරා. ඊටපස්සේ දැන් කුරුම්බා බෑන්ඩ් එකේ ප්ලේ කරන ගමන් මගේ ගීතත් කරනවා.

දිලේෂ් මියුසික් කරන්න පටන් කොච්චර කාලයක් වෙනවාද?2018-07-20-dilesh-2

මම මියුසික් පටන් අරන් දැනට අවුරුදු 10ක් විතර වෙනවා.

දිලේෂ් පසුගිය දවසක ගීතයක් එළිදැක්වූවා නේද?

ඔව්.. ගීතයේ නම තමයි Machang. මේකේ පදරචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු. මේ ගීතයේ මියුසික් කරේ ලන්ත්‍රා පෙරේරා. ගීතයේ වීඩියෝ එක කරේ Imagination Inc ආයතනය. Machang කියන්නේ හැමෝටම අහන්න, රසවිඳින්න පුළුවන් ගීතයක්.

මේක දිලේෂ්ගේ පලවෙනි ගීතය නේද?

ඔව්. මේක මගේ පලවෙනි ගීතය. මීට කලින් කවර්ස් කිහිපයක් කරලා තියෙනවා.

දිනේෂ්ට මියුසික්වලින් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද?

මම කල්පනා කරලා බැලුවා අවුරුදු 10ක් මම බෑන්ඩ් සෙල්ලම් කරා කියලා මාව කවුරුත් දැනන් හිටියේ නැහැනේ. ඉතින් මම කල්පනා කරලා බැලුවා හැමදාම බෑන්ඩ් එකක ඉන්න ප්ලේයර් කෙනෙක් වෙනවද?, මිනිස්සු දැනගන්න පුළුවන් කෙනෙක් වෙනවාද කියලා. ඉතින් බෑන්ඩ් එකක ප්ලේ කරන ගමන් තමන්ගේම කියලා ඉමේජ් එකක් හදාගන්න එක සෑහෙන්න වටිනවානේ. ඒක තමයි මට ලැබෙන ප්‍රතිලාභය. ඉතින් ඒක නිසා තමයි මේ ගීතය නිර්මාණය කරේ.

මියුසික් අතින් දිලේෂ්ගේ ඉදිරි වැඩ ගැන කිව්වොත්?

දැන් මේ ගීතය රිලීස් කරලානේ තියෙන්නේ. ඊට අමතරව ගීත රැසක් මේ වෙද්දි නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීත ඉදිරියේදී බලාගන්න පුළුවන්. මගේ යූ - ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බලාගන්න පුළුවන් මගේ කවර්ස් සහ ඉදිරියේදී එන්න තියෙන ගීත.

අපි කිව්වොත් අවසාන වශයෙන් මේ ගමනට උදව් කරපු පිරිස ගැන?

මුලින්ම මම මතක් කරන්න ඕනේ මගේ දෙමව්පියෝ දෙන්නා. එයාලා මට ලොකු හයියක් මගේ වැඩවලට. මේකෙන් වැඩක් කරගන්න පුළුවන් කියලා එයාලා දැනගත්තාම එයාලට ප්‍රශ්නයක් නැතිවුණා මම මියුසික් කරන එකට. ඊටපස්සේ මතක් කරන්න ඕනේ මගේ බිරිඳව. ඇයත් මට ලොකු හයියක්. එයා තමයි මාව හැමතිස්සෙම මාව දිරිගන්වන්නේ. එතකොට මතක් කරන්න ඕනේ මගේ ගුරුවරු වන ෂෙල්ටන් ප්‍රේමරත්න සහ තිලක් ඩයස්. එතකොට ලන්ත්‍රා පෙරේරාව සහ මට උදව් කරපු සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී ස්තූතියිවන්ත වෙනවා.

එම ගීතය පහතින් නරඹන්න..

අදහස්(0) බැලූවෝ (770)

යාළුවන්ගේ වැඩ ගැන කියන දිලේෂ්ගේ “මචං” සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :