2018 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මට ඕන ෆිල්ඩ් එකක් ඔට්ටුයි

2018 ජූලි මස 13 06:33:41 | deeptha

2018-07-12-ent-35

නිතරම අලුත් දෙයක් කරන්නට උත්සාහ කරන තරුණ ගායකයෙකු වන මධු රොක්ස් දකුණුලකින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි අයෙකි. දැනට ගීත බොහෝමයක් එළිදක්වා ඇති ඔහු රංගනයට, නර්තනයට, නිවේදනයට මෙන්ම ගී පද රචනයටද එකසේ දක්ෂතා දක්වයි. ‘සාරවිට’ කතාබහට එක්වූ මධු සිය හැකියාවන් ගැන අපට පැවසුවේ මෙවැන්නකි.

 

මධු ක්ෂේත්‍රයට එන්නේ?2018-07-12-ent-36

වසර කිහිපයකට කලින්. ගායකයෙක් විදිහට තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. නමුත්, කාලයත් එක්ක මම රංගනය, නර්තනය හා නිවේදනය කියන ක්ෂේත්‍රවලටත් යොමු වුණා. දැනට මම ගීත 11ක් එළිදක්වලා තියෙනවා. ඒ ගීත අතරින් ගීත අටකට රූප රචනා නිර්මාණය කළා. තවත් ගීත රූප රචනා බොහෝමයකට මම රංගනයෙන් හා පද රචනයෙන් දායක වෙලා තියෙනවා. ගීත කිහිපයක්ම ඉදිරියට එන්නත් තියෙනවා. ‘මං පතන්නම්’, ‘මගේ ලොව හිරු’, ‘හිතපුරා සෙනෙහස’, ‘ඔබ ගියා කියා’, ‘නුඹයි අප්පච්චි’ හා ‘රාග සිත්’ කියන ගීත ජනප්‍රිය වුණා. මේ දිනවල නිතර ඇහෙන මගේ අලුත්ම ගීතය ‘අදහන්නද කොහොම’ ගීතය ජනප්‍රියව තිබෙනවා.

 

මධු කියන්නේ ගායකයෙක් විතරද?

නැහැ. මම ක්ෂේත්‍ර කිහිපයකම දැනටත් වැඩ කරනවා. මට ඕන ෆිල්ඩ් එකක් ඔට්ටුයි. වැඩක් ලැබුණොත් අනිවාර්යයෙන්ම එයට දායක වෙනවා. මම දක්ෂ නිසානේ මට වැඩ ලැබෙන්නේ. අදටත් මට වැඩ තියෙනවා. මේ වැඩවලට අමතරව ‘මධුවා ක්‍රියේෂන්’ නමින් ආයතනයක් පවත්වාගෙන යනවා. එමගින් ගීත, රූප රචනා සිදු කරනවා. අප ආයතනයෙන් මේ වනවිට නිර්මාණ රාශියක් කලාවට දායද කරලා තියෙනවා. ‘මධුවා ක්‍රියේෂන්’ හි විශේෂත්වයක් තියෙනවා. අපෙන් කරන නිර්මාණ මුදල් නොගෙන ජනප්‍රිය කරදීමට අපි බැදී ඉන්නවා. නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න බැරිව සිටින නවක කලාකරුවන්ට මේක ලොකු තෝතැන්නක්.

 

තරුණ ගායකයෝ අද ක්ෂේත්‍රය තුළ බොහෝ ඉන්නවා?

දවස ගානේ තරු බිහිවුණත් උපරිම සතියයි ඒ ජනප්‍රියත්වය තියෙන්නේ. අද කලාවේ රැදෙන්න වාසනාව, දක්ෂතාවය තිබිලා මදි, කාලෝචිත දැනුමත් ඕන. නිර්මාණ කරන්න පුළුවන්. ඒත්, ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්නයි අමාරු. මොකද ප්‍රේක්ෂකයාට අංජනම් එළි නැහැ, හොඳ නිර්මාණ තෝරගන්න. සැබෑවින්ම කලාකරුවෙක් කියන්නේ රසිකයා පිනවන්නා. නිර්මාණයක් කරපු පලියට කලාකරුවෙක් වෙන්නේ නැහැ. මම කලාවේ වෙනස්ම පැතිකඩකින් යන කලාකරුවෙක්. රසිකයාගේ හදවතට දැනෙන්න නිර්මාණය කරන කලාකරුවෝ අඩුයි.

 

උදව් කරපු පිරිස?

මට කලාවේ යෝධ පියවරක් වීමට හැකිවුණේ මගේ රසික රසිකාවින්ගේ ආදරය, ආශිර්වාදය නිසා. මම මෙය ආවස්ථාවක් කරගන්නවා ඔවුන්ට හදවතින්ම ස්තුතිය ප්‍රකාශ කරන්න. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාමත්, මුහුණු පොතේ සියලු දෙනාමත් ආදරයෙන් මතක් කර සිටිනවා.

0778 113 331

0710 351 494

 

අදහස්(0) බැලූවෝ (701)

මට ඕන ෆිල්ඩ් එකක් ඔට්ටුයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :