2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඊළඟ පරම්පරාව යහපත් කිරීමට අවශ්‍ය දේවල් තමයි අපි සම්පාදනය කරන්න උත්සාහ කරන්නේ

2018 ජූලි මස 12 16:11:32 | deeptha

2018-07-11-ent-143

දරුවන් වෙනුවෙන්ම වෙන් වූ ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාළිකාව ලෙස A plus kids TV හැඳින්විය හැකිය. ඩයලොග් චැනල් අංක 52 ඔස්සේ නැරඹිය හැකි මෙම නාළිකාව ආරම්භ කර මේ වන විට වසරක් සපිරේ. ඒ පිළිබඳව වැඩිදුරටත් කතාබහ කිරීම සඳහා A plus kids TVහි ප්‍රධාන විධායක නිලධාරී කන්චක අසේල ගාල්ලගේ අප සමග මෙලෙස එක්විය.

 

A plus kids TV නාළිකාව ආරම්භකර මේ වන විට වසරක කාලයක් ගතවෙනවා. මුලින්ම ඒ ගැන කතා කරමු?2018-07-11-ent-141

අපි මේ නාළිකාව ආරම්භ කරද්දී ලංකාවේ ළමයින් වෙනුවෙන් නාළිකාවක් වෙන්වෙලා තිබුණේ නැහැ. එවැනි නාළිකාවක් ආරම්භ කරන්න යම් පසුබෑමක් තිබුණා. නමුත් අපි එය සිදුකළා සේම මේ වන විට බොහෝ දරුවන් ප්‍රමාණයක් මේ නාළිකාව නරඹන්න යොමුව තිබෙනවා. ගත වූ කාලය දෙස බැලුවොත් බොහෝ සතුටුදායක මට්ටමකට අප පැමිණ තිබෙනවා. මේ වන විට මේ නාළිකාව වැඩිහිටියන් බලෙන් දාලා ළමයින්ට බලන්න කියලා යොමු කරන්නේ නැතුව ළමයින්ම බලන නාළිකාවක් බවට පත්වෙලා තියෙනවා. මෙවැනි නාළිකාවක් ආරම්භ කරන්න මා තුළ ලොකු මුදලක් තිබුණේ නැහැ. නමුත් මෙහි පවතින අවශ්‍යතාවය නිසා මෙවැනි නාළිකාවක් ආරම්භ කළ යුතුයි කියලා මම හිතුවා. මේ යෝජනාව එක්ක බොහෝදෙනෙක් ළඟට ගියාම ඔවුන් කිව්වේ මේක අවදානම් වැඩක්, ඒ නිසා දායක වෙන්න බැහැ කියලයි. ඒ නිසා මමම කෙසේ හෝ මේ දේ සිදුකළා. මේ වසර තුළ තිබුණු අවදානම, අභියෝග යම් මට්ටමකින් තුරන් වෙමින් පවතිනවා. ඇත්තටම ඒ ගැන සතුටු විය හැකියි.

 

අනෙකුත් නාළිකා ළමයින් වෙනුවෙන් පැයක් දෙකක් හරි වෙන් කරන්න උත්සාහ කරනවා. ඒ තුළ විනෝදය පදනම් කරගත් වැඩසටහන් නිර්මාණය කරන්න ඔවුන් ඉදිරිපත් වෙනවා. ඔබත් ඉන්නේ එතැනද?

සෑම රූපවාහිනී නාළිකාවකම පැය දෙකක් ළමයින් වෙනුවෙන් වෙන් කරනවා තමයි. ඒ කාලය තුළ බොහෝවිට ඔවුන් විකාශය කරන්නේ කාටුන් වැඩසටහන්. නමුත් අපි මේ තුළම නැහැ. අපි විනෝදය තුළින් අධ්‍යාපනය ලබාදෙන වැඩසටහන් සම්පාදනයට උත්සාහ කරනවා. පාසලේ විෂය නිර්දේශයේ සඳහන් පාඩම් වුණත් විනෝදයෙන් ඉගෙන ගත හැකි ක්‍රමයක් ඇතිකරන්න තමයි අපි උත්සාහ කළේ. ඒ තුළ සිට තමයි අපි වැඩසටහන් සම්පාදනය කරන්නේ.

 

ළමා මනස සැනෙන් ආකර්ෂණය වෙන්නේ විනෝදය පදනම් කරගත් වැඩසටහන් වලට?

අපි අධ්‍යාපනයට වගේම විනෝදයටත් සියයට පනහක පමණ ඉඩක් වෙන්කරනවා. ළමයෙකුට එකවර බෙහෙත් දුන්නොත් බොන්නෙ නැහැ. නමුත් චොකලට් කනවනේ. අපි චොකලට් පෙත්ත ඇතුළෙ දාල තමයි බෙහෙත් දෙන්නේ. එහෙම වුණාම ළමයා කන්නේ චොකලට් එක. හැබැයි ඇඟට වැටෙන්නේ බෙහෙත් ටික. විනෝදයෙන් තමයි ළමයා මේ නාළිකාව බලන්නේ. අපි උත්සාහ කරන්නේ මේ තුළින් අපේකම, සංස්කෘතිය වැනි දේවල් දරුවන්ට වටහා දීමටයි.

 

ඔබේ නාළිකාවේ ඉලක්කගත ප්‍රේක්ෂකාගාරය වන්නේ ළමයින්. මෙහි සීමා මායිම නිර්ණය කිරීම හා ඒ සඳහා වැඩසටහන් සම්පාදනය කරන්නේ කොහොමද?

මටත් දරුවන් තිදෙනෙක් ඉන්නවා. හොඳ නරක කියන එක සාපේක්ෂයි. නමුත් කිසියම් බුද්ධියක් තිබෙන කෙනෙකුට මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා ගෝචර වෙනවනේ. මෙහිදී සහන් රන්වලව මතක් කළ යුතුයි. අපි මේ ගැන කතා කළා. මේ ගැන කතා කරද්දි අපිට ඇති වූ අදහස තමයි මීට පෙර පැවතියේ පවුල් සංස්ථාවක්. එක ගෙදර බොහෝදෙනෙක් හිටියා. අම්මයි, තාත්තයි නිවසින් ගියාම ආච්චියි, සීයයි හරි ළඟ හිටියා. ඔවුන්ට අපේ අතීත කතා කියල දෙන්න කාලය තිබුණා. කතන්දර වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ එක්කම ඒ කතාබහ තුළින් අපේ සංස්කෘතියේ යම් යම් දේවල් කියල දෙනවා. නමුත් දැන් මව සහ පියා විතරයි ඒ පවුල තුළ ඉන්නේ. ඒ නිසා දරුවන්ට අත්දැකීම් දෙන්න කවුරුත් නැහැ. පාසලේදී සිද්ධවෙන්නේ කටපාඩම් කිරීමක්. මතක ශක්තිය වැඩිම කෙනා දිනනවා මිසක් ඉන් එහාට දෙයක් නැහැ. අපි මෙහිදී පාසලේ විෂය නිර්දේශයත් සමග හොඳ පුරුදු, සිරිත්විරිත්, අපේකම, ශ්‍රීලාංකික කියන දේ ලබා දෙනවා. කුඩා කල සිටම මනුෂ්‍යත්වය උගන්වමින් තමයි අපි මේ නාළිකාවේ වැඩසටහන් සම්පාදනය කරන්නේ.

 

මිට අවුරුදු දහයකට කලින් හිටපු ළමයා නෙමෙයි අද ඉන්නේ. අද ළමයා කියන කෙනා තාක්ෂණය එක්ක බොහෝ බද්ධවෙලා තියනවා. මෙය දකින්නේ කොහොමද?

මම කැපිටල් මහරාජා ආයතනයේ සංස්කරණ ශිල්පියෙක් හා පසු නිෂ්පාදකවරයෙක් ලෙස කලක් කටයුතු කළා. තාක්ෂණය අතින් මම යාවත්කාලීන වෙමින් ඉන්න මනුස්සයෙක්. අද ළමයෙක් අන්තර්ජාලය භාවිත කරන්නේ කොහොමද කියන එක දන්නවා. ඒ දේවල් භාවිත කළ යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. නමුත් මේක කොහොමද කරන්නේ කියලා බොහෝ අයට දැනුමක් නැහැ. එහෙම නිසි මගපෙන්වීමක් කරන්න කෙනෙකුත් නැහැ. ඉස්සර පොත් බලනවා වගේ දැන් අන්තර්ජාලය බලනවා. ඉස්සරත් අසභ්‍ය පොත් තිබුණා. නමුත් පොත් බලන කෙනා අසභ්‍ය මිනිසෙක් වුණේ නැහැනේ.

දැන් පොත් ගොඩක් වෙනුවට එක ලැප්ටොප් එකකින්, අයිපෑඩ් එකකින් ඒ සියල්ල කියවන්න, බලන්න පුළුවන්. අලුත් තාක්ෂණය භාවිතකරන විදිහ තේරෙන්නෙ නැතිකමක් තියෙන්නේ. හොඳ පොත් බලන්නේ මෙහෙමයි කියලා මීට පෙර පන්සලෙන්, පාසලෙන් කියල දුන්නා වගේම අපිත් මේ තාක්ෂණය භාවිත කරන විදිහ කියා දිය යුතුයි කියලා මම හිතනවා.

 

මේ නාළිකාවේ ඉදිරි ගමන් මග හා මතක් කළයුතු අය ගැන සඳහන් කළොත්?

වසරක කාලයක් තුළ අපි සාර්ථකයි කියලා හිතනවා. ළමයින් මේ නාළිකාවට ආකර්ෂණය වෙලා තිබෙනවා. නමුත් අපි ඩයලොග් රූපවාහිනියේ විකාශය වන නාළිකාවක්. කෝටි දෙකක ජනගහනයක ලක්ෂ දහයක නියෝජනයක්. ඒකත් ලොකු මාකට් එකක්. නමුත් ඒ තුළිනුත් දරුවන් ඉන්න නිවෙස් තිබෙන්නේ කීයද? එවැනි වාතාවරණයක් තුළ තමයි මේ නාළිකාව විකාශය වෙන්නේ. ඊළඟ සැලසුම තමයි මේ නාළිකාව අන්තර්ජාලය, ඇප් වැනි දේවල් මගින් ප්‍රේක්ෂකයන් අතරට යාම. ඒ වගේම ළමයින් වෙනුවෙන් තව බොහෝ වැඩසටහන් නිර්මාණය කළයුතුව තිබෙනවා. උදාහරණයක් සඳහන් කරනවා නම් අපි තුළ තිබෙන ආත්මාර්ථකාමී ගතිය අද ළමයින් තුළින් අපි දකිනවා. ඒක සිදුවන්නෙත් දෙමව්පියන් අතින්. දරුවන්ට කියන්නේ ලකුණු වැඩියෙන්ම ගන්න කියලා. 75ක් ගත්ත ළමයාගේ යාළුවා 76ක් අරන් තිබ්බොත් ඒ ලකුණු 75 සතපහක් වටින්නේ නැහැ. නමුත් යාළුවාට 74ක් තිබුණොත් ඒ 75 ගොඩක් වටිනවා. ළඟම ඉන්න කෙනා පරාජය කරගෙන ඉස්සරහට යන්න කියලා තමයි අද නොකියා අපි කියන්නේ. මේක තමයි සමාජයට ගියාමත් ඔවුන් සිදුකරන්නේ. මේ දේවල් තේරුම් අරගෙන වැඩ කළයුතු වෙනවා. ඊළඟ පරම්පරාව යහපත් කිරීම තමයි වැදගත් වෙන්නේ. එයට අවශ්‍ය දේවල් තමයි අපි සම්පාදනය කරන්න උත්සාහ කරන්නේ.

මුලින්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසට ස්තුතිවන්ත වෙන්න ඕන. මෙය මුදල් තිබිලා ආරම්භ කළ රූපවාහිනී නාළිකාවක් නෙමෙයි. නමුත් මට බොහෝදෙනෙක් උදව් කළා. සහන් රන්වල, අනුෂා ගෝකුල වැනි විශාල පිරිසක් මාව දිරිමත් කළා. ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම අපේ රූපවාහිනී නාළිකාව එක්ක එකතු වෙන්න කියලත් ආරාධනා කරන්න කැමතියි.

 

නිදුක් මදුෂික

 

2018-07-11-ent-140  2018-07-11-ent-142

අදහස්(0) බැලූවෝ (525)

ඊළඟ පරම්පරාව යහපත් කිරීමට අවශ්‍ය දේවල් තමයි අපි සම්පාදනය කරන්න උත්සාහ කරන්නේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :