2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

'ටැමිල්' ෆිල්ම් එකක මේන් රෝල් එකක් කරනවා මම

2018 ජූලි මස 13 06:00:16 | deeptha

2018-07-11-ent-38  

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී රූපගත කෙරෙන දකුණු ඉන්දීය දමිල චිත්‍රපටයක් සඳහා සම්බන්ධව සිටින ෂයිනි ගෝමස් සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස ආරම්භ කළේමු. වර්තමානයේ මෝස්තර නිරූපිකාවක් ලෙසද කටයුතු කරන ෂ්‍යිනි ඉදිරියේදී රංගනය පැත්තට යොමු වුමේ අදහසකින්ද සිටියි.

 

ෂයිනි ‘මොඩල්’ ෆිල්ඩ් එකට ජොයින් වෙන්නේ?2018-07-11-ent-39

‘මොඩ්ලින්’ වලට මම ගොඩක් ආස කරන කෙනෙක්. ඒ හින්දාම පුංචි කාලේ ඉඳලා මගේ අදහසක් තිබුණා ‘මොඩ්ලින්’ වලින් ඉදිරියට යන්න. ඒ හිතාගෙන මම 2013 වසරේදී ‘මොඩ්ලින්’ ෆිල්ඩ් එකට සම්බන්ධ වුණා. ඒ වසරේ නිකුත් කළ තරු පිරිසට සුදුසු මැගසින් එකක මුල් කවරයේ මගේ ඡායාරූපයක් පළ කළා.

 

ඔබ චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා?

ඔව්, ඒක දකුණු ඉන්දීය දමිල චිත්‍රපටයක්. එහි ප්‍රධාන චරිතයට පෙනි ඉන්නේ මම. සැප්තැම්බර් මාසයේදි මෙහි රූපගත කිරිම් පටන් ගන්නවා. චිත්‍රපට සහකාර අධ්‍යක්ෂවරයෙකු වන නන්දන් තමයි මේ අවස්ථාව මට ලබාදුන්නේ.

 

ඊට අමතරව?

ගොඩක් වෙලාවට මම මැගසින්වල පළ කරන ඡායාරූපවලට පෙනි හිටියා. එසේම සිංහල හා දමිල සජිවි රූපවාහිනි වැඩසටහන් කිහිපයකටම මම දායක වෙලා තියෙනවා.

 

‘මොඩ්ලින්’ පැත්තට එන්න හිතුවේ ඇයි?

මම කළින් කිව්වා වගේ ‘මොඩ්ලින්’ ෆිල්ඩ් එකට මගේ ලොකු කැමැත්තක් තිබුණා. බොහෝ විට ඒ හින්දා තමයි ‘මොඩ්ලින්’ ෆිල්ඩ් එකට මගේ පිවිසිම සිදුවුණේ කියලා හිතනවා.

 

ෆිල්ඩ් එක ගැන ඔබේ අදහස?

මොන ෆිල්ඩ් එකක වුණත් හොඳ සහ නරක කියන දෙපැත්තම තියෙනවා. මම මේ ෆිල්ඩ් එකේ වැඩ කරන්නේ ගොඩක් ආසාවෙන්. ඉතින් මගේ අදහස නම් මේ ෆිල්ඩ් එක මට ගොඩක් ගැළපෙනවා කියන එකයි.

 

මොනවද ටාගට්?

විශේෂයක් නැහැ. මම කැමතියි ෆැන්ස්ලා අතර ජනප්‍රිය කෙනෙක් වෙන්න. ‘මොඩ්ල්’ කෙනෙක් හරි ‘ඇක්ටර්ස්’ කෙනෙක් විදිහට හරි මිනිස්සු මාව අඳුනගන්නවා නම් මම කැමතියි.

 

තැන්ක්ස් කරමු කට්ටියට?

මගේ ෆැමිලි එකේ කට්ටයට මුලින්ම තැන්ක්ස් කරන්න ඕනා. ඊට අමතරව මාව දමිල චිත්‍රපටයටකට සම්බන්ධ කළ මිස්ටර් නන්දන්ව මතක් කරන්න ඕනා.

 

බුද්ධික සේනාධීර

අදහස්(0) බැලූවෝ (1245)

'ටැමිල්' ෆිල්ම් එකක මේන් රෝල් එකක් කරනවා මම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :