2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

තරු බැබලුණ විවාහ ගිවිස ගැනීම

2018 ජූලි මස 05 15:25:58 | deeptha

2018-07-04-ent-03

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස කිහිප වරක්ම නම් වූ මුකේෂ් අම්බානි හා ‘මුම්බායි ඉන්ඩියන්ස්’ ක්‍රිකට් කණ්ඩායමේ හිමිකාරිණිය වූ නීටා අ ම්බානිගේ බාලපුත් ආකාෂ් අම්බානිගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා මුම්බායි හි පිහිටි මුකේෂ් අම්බානිගේ සුපිරි නිවසේදී පවත්වන්නට විය. ආකාෂ් අම්බානිගේ අතගනු ලැබුවේද තවත් කෝටිපති ව්‍යාපාරික පවුලක බාල දියණියක් වූ ශලෝකා මෙහෙතාය. මෙම විවාහ ගිවිස ගැනීමට බොලිවුඩ් සුපිරි තරු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ද පැමිණ සිටිනු දක්නට ලැබුණි.

මෙම විවාහ ගිවිස ගැනීම උත්සවයේදී බොහෝ පිරිසකගේ අවධානය යොමු වුයේ කාලයක් බොලිවුඩයේ රහස් පෙම්වතුන් යුවළක්ව සිටි ප්‍රියංකා චොප්රා හා ෂාරුක් ඛාන් කාලයකට පසුව එකිනෙකා හමුවීමය. ෂාරුක් සිය බිරිඳ ගෞරි සමගින් මෙම උත්සවයට පැමිණ සිටි අතර, ප්‍රියංකා සිය වර්තමාන පෙම්වතා වු ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් සමගින් පැමිණ සිටියහ. රන්බිර් හා ආලියා, සචින් හා ඔහුගේ බිරිඳ අංජලී, මහේන්ද්‍ර සිං දෝනි හා සාක්ෂි, කරන් ජෝහර්ද පැමිණි සිටි තරු අතර සිටියහ.

 

2018-07-04-ent-04

අදහස්(0) බැලූවෝ (1083)

තරු බැබලුණ විවාහ ගිවිස ගැනීම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :