2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සීදුවේ ඝාතනය සිදු කල සංගීත කණ්ඩායම ගැන කියමින් සීදුව සකුරා නායක කියන කතාව

2018 ජූනි මස 14 19:16:24 | Dilan Chryshantha

පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ දැඩි ලෙස කතාබහට ලක්වුනු සීදුවේ ව්‍යාපාරිකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙනි. එම ඝාතනය සම්බන්දයෙන් මේ වන විට මාෂා නමැති සංගීත කණ්ඩායමක නායකයා වන ප්‍රධාන ගායකයා ඇතුළු එම කණ්‌ඩායමේ සාමාජිකයන් සිව් දෙනාට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කරමින් ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්‌ත්‍රාත් නියෝග කර තිබුණා.

ඇප ප්‍රතික්‌ෂේප වූ සැකකරුවන් වූයේ එම ගායක කණ්‌ඩායමේ ප්‍රධාන ගායකයා වන දිවුලපිටිය තම්මිට පදිංචි ෂාන් ප්‍රමෝද් පෙරේරා, සීදුව බණ්‌ඩරවත්තේ පදිංචි දිනේෂ් උපේන්ද්‍ර, මාකවිට පදිංචි තරුඳු ටිරෝන් ජයරත්න සහ ලක්‍ෂිත දිල්ෂාන් යන අයයි බව සඳහන් වන්නේ. 

මේ කාරණාව සම්බන්ධයෙන්  ඇතැම් වෙබ් අඩවි සහ පුවත් මෙම පුවත වාර්තාකළේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් මෙම ඝාතනයට සම්බන්ධ වී ඇති බවයි.

මේ හේතුවෙන් සීදුව ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් රැසක් අර්බුධයකය හේතුවී ඇති බව සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නායක අජිත් විතාණගේ තම ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කර තිබෙනවා. 

ඔහු සඳහන් කර ඇත්තේ, එම ඝාතනයට සම්බන්ධ සංගීත කණ්ඩායම ජනප්‍රිය නොමැති බවත්, ජනප්‍රිය වචනය භාවිතයෙන් සීදුව ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් අපහසුතාවට පත් වන බවයි.

20180614Ajith-1

අදහස්(0) බැලූවෝ (1269)

සීදුවේ ඝාතනය සිදු කල සංගීත කණ්ඩායම ගැන කියමින් සීදුව සකුරා නායක කියන කතාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :