2018 අගෝස්තු මස 15 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

නිළියන් තිහක් මනාලියන් කළ චන්දිමාල් ජයසිංහ

2018 මැයි මස 20 11:50:54 | deeptha

2018-05-19-ent-68

රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තිය කරගෙන එම කර්මාන්තයන්හි බොහෝ දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ ජනපි‍්‍රය රූපලාවන්‍ය ශිල්පියෙක් මෙවර සඳැල්ලට එකතු කරගන්න හිතුවා.

ඒ ඔහුගේ වෘත්තීය ජීවිතය ගැන කතාබහ කරන්නටත් සමඟින් ඒ වගේම ඔහු ළඟඳීම තවත් විශේෂම වැඩ කටයුත්තක් කරන්නත් සූදානමින් ඉන්නවා. කුඩා කල පටන්ම රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයට ඇළුම් කළ ඔහු නමින් චන්දිමාල් ජයසිංහ.

 

මුලින්ම කියමුද මේ ක්‍ෂේත‍්‍රයට පා තැබුවේ කොහොමද කියලා?

මුලින්ම තාත්තා තමයි මේ ව්‍යාපාරය පොඩියට කරගෙන ගියේ. ඒවා පොඩි කාලෙ ඉඳන් මම බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉඳලා තමයි මමත් ඉගෙන ගත්තෙ.

 

එතකොට මේ දේවල් ඉගෙන ගන්න වෙන කොහෙවත් ගියේ නැද්ද?

මේ දේවල් ආරම්භයේදී ඩිප්ලෝමා, උපාධි මොනවත්ම මම කරලා නෑ. පොඩි කාලේ තාත්තා දිහා බලාගෙන ඉඳලා ඔළුවට දාගත්තු ප‍්‍රමාණයක් තිබුණනේ.

 

ඒ දේවල් එක්ක ස්වයං අධ්‍යාපනය මගින් තමයි සියල්ල කරන්න පටන් ගත්තෙ. එත් එක්කම ඉන්ටර්නැෂනල් මේකප් ආටිස්ට්ලා ගොඩක් ෆලෝ කළා. මුලින්ම ඔබේම රූපලාවන්‍යගාරයක් ආරම්භ කළේ?

2004 වර්ෂයේ තමයි මුලින්ම රූපලාවන්‍යාගාරයක් විදියට ආරම්භ කළේ. ඒක බොහොම සුළුවෙන් පටන් ගත්තෙ. ඒ අඩි 10ං10 කාමරයක ගොඩක් වෙලාවට අදාල තැන්වලට ගිහින් තමයි ඒ කටයුතු සඳහා දායක වුණේ.

 

ඒ විදියට ආරම්භ කරපු ගමනෙදී අද වෙද්දී ඔබ දුර ගමනක් ඇවිත්.?

ඔව් සිරස ‘‘ඩාන්සින් ස්ටාර්’’ වැඩසටහනේ ප‍්‍රධාන මේකප් ආටිස්ට් වුණේ මම. එතැනින් පසුව තමයි කට්ටිය මාව ටිකින් ටික දැනගෙන මාව එයාලගේ වැඩ කටයුතුවලට සම්බන්ධ කරගත්තෙ. විවිධ රූපවාහිනී මධ්‍යස්ථානවල වේශ නිරූපණ ශිල්පියෙක් විදියටත් මම වැඩ කළා. ඉතින් මම භාරගත්ත වෘත්තිය රාජකාරියෙ ප‍්‍රසිද්ධ කලාකාරිනියකගෙන් මුලින්ම විවාහ මංගල්‍යයක් සඳහා ආරාධනා ලැබෙන්නෙ රංගන ශිල්පිණී හිමාලි සයුරංගිගෙ විවාහ උත්සවය.

ඇය මා කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව ඒ වැඩ කටයුතුත්ත භාරදුන්නා. ඒ පටන් ගත්තු ගමනේදී මේ වෙනකොට නළු නිලියන්ගේ විවාහ උත්සව තිහකට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. මෑතකදී නම් කරපු විවාහ උත්සවවලින් වැඩිම ප‍්‍රතිචාරයක් තිබුණෙ පුබුදුගෙයි මාෂිගෙයි විවාහ උත්සවයට.

 

විවාහ උත්සවයක් භාරදුන්නම ඒ වෙනුවෙන් කොයිතරම් කාලයක් මහන්සි වෙනවද?

දැන් අපේ තියෙන අද්දැකීම් එක්ක සතියෙන් වුණත් විවාහ උත්සවයක් කරන්න පුළුවන්.

 

මේ වෙද්දි ඔක්කොම විවාහ උත්සව කොයිතරම් කරලා තියෙනවද?

මේ වෙද්දි නම් විවාහ උත්සව 3000 අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ වගේම රෝසි සේනානානයක මහත්මියගෙ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියා විදියටත් වැඩ කරනවා.

 

පිටරටවලින් ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

ආරාධනා ලැබෙනවා. ඒත් ඒ සඳහා සම්බන්ධ වෙන්න වෙලාවක් නැති ප‍්‍රශ්නෙ තියෙන්නෙ. මොකද භාරගත්තු වැඩ කැන්සල් කරන්නත් බෑනේ. මොකද මනාලියො ගොඩක් බලාපොරොත්තු තියාගෙන අපිව විශ්වාස කරලා අපිට විවාහ උත්සවයක් භාර දෙන්නෙ. ඒවත් එක්ක නිවාඩුවක් ගන්න අමාරුයි.

 

කාගෙන්වත් චෝදනා එහෙම ලැබිලා නැද්ද?

චෝදනා නම් ලැබිලා නෑ.

 

එතකොට අමතක නොවන සිදුවීම්.

එක පාරක් විවාහ උත්සවයක් කරන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා කකුල කැඩුණා. කොහොමහරි හොස්පිටිල් ගිහින් ප්ලාස්ටර් ගහගෙන වුණත් ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා. ඒක මගේ ජීවිතේ අමතක නොවනම සිදුවීමක්.

 

මේ මස අවසානයේ විශේෂ දෙයක් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියි?

ඔව් මගේ උපන්දිනය මේ මාසෙ 31 වෙනිදට යෙදිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ලොකු ඉවෙන්ට් එකක් කරන්න සුදානම් වෙලා ඉන්නෙ.

 

ඒ ගැන කතා කරමුද?

ගිය වසරෙත් මගේ උපන්දිනය වෙනුවෙන් ලොකු ඉවෙන්ට් එකක් කළා. ඒ 350 අධික නළු නිළියන් සහභාගිත්වයෙන් බොලිවුඞ් තීම් එකට ගැළපෙන විදියට තමයි ඒ උපන්දිනය සැමරුවේ. ඒක ලංකාවෙ ගොඩක් හිට් වුණා.

ඒ වෙනුවෙන් අනුග‍්‍රාහකයොත් ගොඩක් හම්බවුණා. මෙවරත් ඊටත් වඩා ලොකු ඉවෙන්ට් එකක් කරන්න තමයි සූදානම් වෙන්නෙ. මෙවර 600කට අධික පිරිසක් මේ සඳහා සම්බන්ධ වෙන්න නියමිතයි. මැයි 31 වැනිදා ශ‍්‍රැන්ගිලා හෝටල් පරිශ‍්‍රයේදී තමයි උත්සවය පැවැත්වෙන්නේ.

 

 

අදහස්(0) බැලූවෝ (1020)

නිළියන් තිහක් මනාලියන් කළ චන්දිමාල් ජයසිංහ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :