2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

'කියඹුලතාවේ' ගීතයට ඉහල ප්‍රතිචාර

2018 මාර්තු මස 16 11:44:02 | deeptha

සමාජ මාධ්‍ය තුළ ඇති ගුණ අගුණ පිළිබඳව මේදිනවල බොහෝ දෙනා අත්විඳින බව නම් නොඅනුමානය. ඇතැමුන් විසින් සිදුකරනු ලබන ක්‍රියාකලාප හේතුවෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළට යම්කිසි තරමේ තහංචියක් වැටී තිබේ. කෙසේ නමුත් මෙම සමාජ මාධ්‍ය තුළ සැරිසැරීමත් සමග ගීත නිර්මාණ විඳ ගැනීමේ හැකියාව තරමක් අඩු වූ බවක් නම් පෙනෙන්ට තිබේ. ඒ, ගීත සඳහා එක්වන්නා වූ නැරඹුම් සංඛ්‍යාව හේතුවෙනි. කෙසේ නමුත් ඒ කාරණාව සමගින් පසුගයදා එළිදැක් වූ ගීතයක් මේ දිනවල කතාබහට ලක්ව තිබේ. නමුත් මෙම ගීතය ජනප්‍රිය වන්නේ මීට මාස කිහිපයකට පෙරය. ඒ එහි ඕඩියෝව එළිදැක්වීමත් සමගිනි. එම ඕඩියෝවට පසුගියදා නිර්මාණය කරනු ලැබූ මියුසික් වීඩියෝවත් සමග මේ වනවිට ජනප්‍රියත්වයට පත්ව තිබේ.

දිමන්ක වෙල්ලාලගේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ තරුණ ගායකයෙකි. ඔහුගේ ගීත බොහෝ ප්‍රමාණයක් එක රැයින් ජනප්‍රිය වූ බව නම් හැමෝම දන්නා කරුණකි. ඔහුගේ වෙනස්ම ආරක ගීතයක් ලෙස “කියඹුලතාවේ” හැඳින්විය හැක. මේ ගීතය එළි දැක්වූයේ රූප රචනාවක් නොමැතිවය. රූප රචනාවක් නොමැති වුවත්, “කියඹුලතාවේ” ගීතය දිමන්කගේ රසිකයන් ඉතා ආදරණීයව වැලඳගත් ගීතයකි. මෙම ගීතයට මියුසික් වීඩියෝවක් නිර්මාණය කර තිබීම එහි විශේෂත්වය වී තිබේ. එය පද රචනයෙහි තේරුමටම ගැළපෙන අයුරින් නිර්මාණය කර තිබේ. මෙම ගීතයේ රූප රචනාවට දායක වී ඇත්තේ අමිල කරුණානායක සහ නිරෝෂා තලගලය. “කියඹුලතාවේ” ගීතයට රූප රචනාවක් බලාපොරොත්තු නොවනුත් දිමනක් තම රසිකයන් වෙනුවෙන් මියුසික් වීඩියෝවක් නිර්මාණ කර ඇති අතර, මේ වනවිට විශාල නැරඹුම් සංඛ්‍යාවක් එම ගීතයට හිමිව තිබේ.

 

නිකුත් වූ දිනය - 2018 මාර්තු 04

ගායනය - දිමන්ක වෙල්ලාලගේ

පද රචනය - කැලුම් ශ්‍රීමාල්

සංගීතය - සදීප්ත ගුණවර්ධන

නැරඹූ සංඛ්‍යාව - 255,076

 

2018-03-15-ent-48

අදහස්(0) බැලූවෝ (1482)

'කියඹුලතාවේ' ගීතයට ඉහල ප්‍රතිචාර සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :