2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මගෙ ගීත වීඩියෝලින් වැඩම ප‍්‍රතිචාරයක් ලැබුණෙ මේ ගීතයට

2018 පෙබරවාරි මස 18 21:44:19 | deeptha

2018-02-16-ent-117

ආදරේ කියන්නෙ විඳින්න ඕනෑ දෙයක්. ඒත් වර්තමාන ආදර කතා ගොඩක්ම අවසන් වෙන්නෙ විඳවීම්වලින්. ඒ වගේම වර්තමාන ආදරේ පෙම්වතා හෝ පෙම්වතිය හැරගියාම විරහ වේදනාව උහුලගන්න බැරි තැන ගොඩක් දෙනෙක් බෙල්ලෙ වැළදාගන්නවා, කෝචිචියට බෙල්ල තියනවා. ගගේ මුහුදේ පනිනවා වගේ මෝඩ තීරණයන් ගන්නවා. ඒ වගේම පෙම්වතිය දාලා ගියාම තර්ජනය කරනවා, පහර දෙනවා. මිනී මරණවා වගේ තත්ත්වයන්ට පත්කරන අවස්ථා ද එමටයි.2018-02-16-ent-119

නමුත් එය නොවෙයි මේ සඳහා ගතයුතු නිසි ක‍්‍රියාමාර්ගය වන්නේ. මොකද ඔබට යම් විපතක් සිදුවුවහොත් ඔබ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරගෙන ජීවත් වන දෙමව්පියන්ට සිදුවන ඉරණම පිළිබඳ මොහොතක් සිතන්න. ඔවුන් ඔබ ගැන ලොකු බලාපොරොත්තු අරමුණු තියාගෙනයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ ඔවුන් වෙනුවෙන් ජීවත් විය යුතුයි. ටික කාලයකට හමුවූ පෙම්වතා හෝ පෙම්වතිය ඔබගේ ජීවිතය නොවෙයි.

ඔබත් මමත් අපි කව්රුත් ජීවිතේ එක් වතාවක් හෝ විරහ වේදනාව විඳලා ඇති. ඒ වේදනාව දරාගත නොහැකියි කියන්නත් ඔබත් මමත් හොඳින්ම දන්නවා. නමුත් දෛවය විසින් යමක් කෙනෙකුට අහිමි කරයිද? ඒ ඔබට නොගැළපෙන කෙනෙක් කියනදේ හිටත අරන් ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ.

ඒ විදිහට වර්තමාන ආදරය ගැන කතා කරද්දී නව පරපුරේ ගායකයෙක් වන සමිත් සිරිමාන්න ආදරයේ විරහව පිළිබඳ ආදර්ශයක් සපයන ගීතයක් ගායනා කරලා තියෙනවා.

මේ දිනවල අන්තර්ජාලය හරහා වැඩිම ප‍්‍රතිචාරයක් ලබාගෙන තියෙන මේ ගීතය පිළිබඳ වැඩි විස්තර ඔහුගෙන්ම අහලා දැනගන්න සදැල්ලේ අපි ඔහුුව කතාබහකට එකතු කරගත්තා.

 

සැබෑ ආදරේ පයින් පාගා මගේ

ජීවිතේ කරදරේ දැම්මෙ ඇයි මේ වගේ

ඔබේ ආදරේ ජීවිතේ නිසා මගේ

දෙපාරක් නොසිතාම පෙම්කළා රන්කඳ මගේ.. 

විදින්නට තිබූ ජීවිතේ විදවලා

මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා...

වේදානා හංඟලා සිනා සිසී මෙමා

ඉන්නවා ඔයා ගියේ නෑ කියා සිතා

ලෝකයා කතා කියයි ඔයාට හැංගිලා

ඉවසඟන්න බෑනෙ තාම ආදරෙයි මෙමා.

ආයෙ ආවොතින් ඔයාව හාරගන්නෙ නෑ

ජීවිතේට වේදනාව ආයෙ ඕනැ නෑ

ඒ වුණත් ඔයා කෙරේ වෛරයක්ද නෑ

මං වගේ කෙනෙක් ලැබේවි මං හිතන්නෙ නෑ

 

සමිත් මේ ගීතයට පාදක වුණ් ඔබේ ජීවිත කතාව කියන්නේ ඇත්තද?

ඔව්. මේ මගේ ජීවත කතාව, මීට අවුරුදු 7කට පෙරදී මගේ ආදරේ මට නැති වුණා. මගේ පෙම්වතිය මාව දාලා ගියා. මොකද මම ඒ දවස්වල ලස්සන නැති වුණා එයාට. ඉතින් යාළුවො එහෙමත් කියලා තිබුණා මාව ගැළපෙන්නෙ නෑ කියලා. කොහොමහරි මාව එපා කියලා දාලා ගියා ඒ කතාව තමයි මේ ගීතයෙ සඳහන් වෙන්නෙ.

 

එතකොට මේ මියුසික් වීඩියෝවට පාදක කරගත්තේ ඔබේ කතාවම ද?

ඔව්. ඒ කතාව තමයි. නමුත් පොඞ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙනවා. එහිදී විවාහ වෙන සිද්ධියක් තියෙනවනෙ. ඒ සිදුවීම තියෙන්නේ වීඩියෝව හිතට වදින්න ඕනා නිසා. නමුත් ඇය විවාහ වෙලාද? නැද්ද? කියන දේ මම දන්නෙ නෑ.

 

මේ ගීතයෙ පද රචනය සංගීතය කාගෙද?

සංගීතය චමත් සංගීත්ගෙ පද රචනය කළේ චතුර වර්ණසේකර. මේ ගීතය කළින් ලියලා තිබුණ ගීතයක්. ඉතින් මේ ගීතයේ පද රචනය මගෙ ජීවිතේට සම්බන්ධ නිසා මම ඉල්ලගත්තා. ඒ වගේම ගීතය මික්ස් කළේ චතුර දෙව්මිණ වීඩියෝ කන්සෙප්ට් එක මගේ මෙහි අධ්‍යක්ෂණය සන්දේෂ්ගෙ. ඔහු එය ලස්සනට කරලා දුන්නා. එය කලර් කළේ හසිත. මගෙ යාළුවොත් ගොඩක් උදව් කළා. වීඩියෝව කරන්න.

 

අද ඒ ආදර කතන්දරය ගැන මොකද හිතෙන්නේ?

දුකක් තියෙනවා. නමුත් ආදර කතා කාටත් තියෙනවනෙ. ඒව හරි සුන්දරයි. මතක් වෙද්දි අමුතු දෙයක් තියෙනවා. ඒත් වෙලාවකට මේ හැමෙදේම සිද්ධවෙන්නේ හොඳට කියලත් තියෙනවා. මොකද ඒ දාලා ගිය නිසානෙ මාව ගායකයෙක් වෙන එක ඉක්මන් වුණේ. මොකද මගෙ එකම අරමුණ වුණෙත් මියුසික්වලින් ම ඉදිරියට යනවා කියන දේ.

 

ඔබ මේ වෙද්දී පෙම්වතෙක්ද?

අනේ නෑ. වර්තමානයේ සතුටින් සමාදානයෙන් ඉන්නවා කාටවත් බරක් කිසිම කරදරයක් නැතිව.

 

සමිත් පුංචි කාලෙ ඉදන් ගීත ගායනා කලාද?

පුංචි කාලෙ කියන්නෙ 10 වසරට වගේ ආවම තමයි මට ගායන හැකියාවක් තියෙනවා කියලා හොඳට තේරුණේ. ඊට පෙර මගෙ ආසාව තිබුණෙ ගුවන් නියමුවෙක් වෙන්න. නමුත් ඒ ආසාව එහෙමම යටපත් වෙලා ගීත ගායනා කරන්න ආසාව ආවා. ඉතින් පාසල් කාලෙත් කොළඹ රාජකීය විද්‍යාලයේ පාසල් වේදිකාවෙ ගීත ගායනා කළා. පාසලේ ‘සග’ ප‍්‍රසංගයටත් සම්බන්ධ වෙලා ගීත ගායනා කළා. ඒ සඳහා මගෙ පාසල කොළඹ රාජකීය විද්‍යාලය ලොකු හයියක් වුණා.

 

අද වෙද්දී ගීතයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා නේද?

මගෙ ගීත වීඩියෝලින් වැඩම ප‍්‍රතිචාරයක් ලැබුණෙ මේ ගීතයට. ගීතය එළිදක්වපු දවසෙම ටෙ‍්‍රන්ඩින් අංක 1 වුණා. පළවෙනි දවසෙම ශදම ඔමඉැ හි ගීතය නරඹපු අය ලක්ෂය ඉක්මවුවා. මේ වෙද්දී බොහෝ සංඛ්‍යාවක් නරඹලා ඉතා හොඳ ප‍්‍රතිචාර දක්වනවා. මම හිතුවෙවත් නැති විදිහට මිනිස්සු මේ ගීතය භාරගත්තා.

 

ධනු විජේරත්න.

 

 2018-02-16-ent-118

අදහස්(0) බැලූවෝ (1212)

මගෙ ගීත වීඩියෝලින් වැඩම ප‍්‍රතිචාරයක් ලැබුණෙ මේ ගීතයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :