2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

නොයෙල් රාජ්ගේ 'තව කෙනෙක්'

2018 පෙබරවාරි මස 16 11:45:11 | deeptha

 

 

අද වනවිට එකම ගීත රාමුවක ගීත නිර්මාණය වීමේ ප්‍රවණතාවක් ඇති බව කවුරුත් දන්නා කාරණාවකි. ආදරය හෝ විරහව කියන මේ කුමන කාරණාව වුවත්, ඒ සඳහා නිර්මාණ කරනු ලබන වීඩියෝව සඳහා නම් සරාගී දර්ශන ඇතුළත් කිරීම නම් සිදුවෙයි. අද බොහෝ විට මියුසික් වීඩියෝ නිර්මාණයේ දී මාතෘකා වන්නේ පෙම්වතුන් හෝ විවාහක දෙපළක අතරමැදියෙකු ලෙස අනියම් සම්බන්ධතාවක් ආරම්භ වීමය. එවැනි වීඩියෝ අද වනවිට දහස් ගණන් නිර්මාණය වෙයි.

නොයෙල් රාජ් යනු වේදිකාවේ මෙන්ම සංගීත ලෝකය තුළ වෙනසක් කළ අයෙකි. ඔහු ප්‍රසංග වේදිකාව තුළ බොහෝ ලෙස කැපී පෙනුණේ ඔහුගේ ඇති විවිධ භාෂා, ගායන හැකියාව නිසාවෙනි. ඔහු විසින් එළිදැක් වූ බොහෝ ගීත වෙනස් රූප රාමු මෙන්ම ගීත රටාවන්ගෙන්ද හැඩ වූ බව නොරසහකි. එහෙත් පසුගියදා එළිදැක් වූ ‘තව කෙනෙක්’ ගීතයත් රැල්ලට හසුවී නිර්මාණය වූවක් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

අද වනවිට නිර්මාණය වන ගීතවල ඇති සරාගී රූප පෙළ බොහෝ විට නැරඹුම් වැඩිකර ගැනීමට යොදා ගන්නා ගැනෙයි. ගීතයේ ඇති තේරුම කුමක් වුවත්, වීඩියෝව නිර්මාණය වන්නේ ඊට හාත්පසින් එහාගිය දෙයකි. කෙසේ වුවත් නොයෙල් රාජ්ගේ මෙම ගීතයට ලැබෙන ප්‍රතිචාර නම් සුබ නොවෙයි. ඕඩියෝව සඳහා බොහෝ දෙනෙකු ප්‍රතිචාර දැක්වුවත්, මෙම වීඩියෝව සඳහා නම් බොහෝ දෙනා එකතු කරන්නේ දැඩි විවේචනය.

 

නිකුත් වූ දිනය - 2017 පෙබරවාරි 06

ගායනය - නොයෙල් රාජ්

පද රචනය - සජිත් වී චතුරංග

සංගීතය - රදීශ් වැන්දබෝනා

නැරඹූ සංඛ්‍යාව - 100,321

 

අදහස්(0) බැලූවෝ (1371)

නොයෙල් රාජ්ගේ 'තව කෙනෙක්' සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :