2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සිය වතාවකට වඩා මනාලියට ඇන්දා

2018 පෙබරවාරි මස 13 05:02:10 | deeptha

2018-02-13-ent-01

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නෙතූ ටෙලි මාලාව හැඩ කළ ප‍්‍රධාන චරිතය වූයේ ඇයයි. දිනූෂා සිරිවර්ධන ඇයගේ නාමයයි. තමුන්ට ලැබුණු අවස්ථාවෙන් බොහෝ චරිත සොයා යන ටෙලි නාට්‍ය ශිල්පිණියන් අතරේ දිනූෂා ටිකක් වෙනස් කෙනෙක්.

ඇය ලැබෙන සෑම චරිතයක්ම භාර ගන්නා කෙනෙක් නොවීම ඒ වෙනසට හේතුවිය. නෙතූ හැඩ කළ දිනූෂා මින් පසු කරන්න හදන දේ සහ ඇයගේ ඉදිරි කලා කටයුතු ගැන කීවේ මෙලෙසිනි.2018-02-13-ent-03

 

දූදිනූ කියන්නද? නෙතූ කියන්නද?

දිනූෂා කියන නම කෙටි කරලා දිනූ කියලා තමයි හැමෝම ආදරයට කියන්නේ. ඒත් මඟ තොටේ යද්දි බොහෝ දෙනා මාව අමතන්නේ නෙතූ කියලයි.

 

දූමොකද මෙච්චර කාර්යබහුල?

රඟපෑමට කාර්යබහුල නැහැ. නිරූපණ ශිලිපිනියක ලෙස, විශේෂයෙන්ම මනාලිය ලෙස හැඩ වෙන විලාසිතා නිරූපණය නිසා තමයි කාර්යබහුල. ඊට අමතරව රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහාත් පෙනී සිටිනවා.

 

දූනෙතූගෙන් පසු නැවත රඟපාන්නේ නැද්ද?

අපෝ නැහැ. ඒත් මම ගොඩ බදා ගත්තා වගේ චරිත ගොඩක් බාරගෙන කාර්යබහුල වෙන්න කැමැති නැහැ.

 

දූමොන වගේ චරිතවලටද කැමති?

හොඳ චරිත රඟපාන්න ආසයි. රඟපෑමට චරිතයක් බාර ගත්තොත් අපට දැනෙන විදියට එය රඟපාමින් ඒ නිර්මාණයට උපරිම සාධාරණය කරන්න ඕනෑ. ඉතින් සමහර විට රඟපෑම වෙනුවෙන් දුර පළාත්වලටත් යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කැපකිරීම් කළ හැකි චරිතවලට තමයි මගේ කැමැත්ත තියෙන්නේ. එවැනි චරිත ලැබුණොත් බාර ගන්නවා.

 

දූනිතරම මනාලියක වීම ගැන හිතන්නේ කොහොමද?

ඒක හරි අපූරු අත්දැකීමක්. හැමදාම වගේ එක එක විදියෙ මනාලියක ලෙස හැඩ වෙනවා. මනාලියක ලෙස ඒ විදියට හැඩවීමටත් ලොකු වෙලාවක් යනවා. ඇත්තටම ඒ නිසාම කාර්යබහුල වෙන්නත් වෙලා.

 

දූනිරූපණ ක්ෂේත‍්‍රයේදී හොඳ ආර්ථික වටිනාකමක් ලැබෙනවද?

බොහෝ විට මම කරන්නේ විලාසිතා නිරූපණ නොවෙයි. බ‍්‍රයිඞ්ල් නිරූපණ හෙවත් මනාලියක ලෙස කරන නිරූපණ අවස්ථා සඳහායි. මේ වනවිට සිය වතාවකට එහා අවස්ථා ගණනකදී මනාලියක ලෙස පෙනී සිටින්න ඇති.

 

දූසැබෑ ජීවිතයේ මනාලියක වෙන්නේ කවදද?

ඒකට තව කල් තියෙනවා.

 

දූමනාලයෙක් තෝරාගෙන ඇති?

ඔව්. ඔව්.

 

දූපෙම්වතා මේ ක්ෂේත‍්‍රයේ කෙනෙක්ද?

එයා සංස්කරණ අංශයට සම්බන්ධ චරිතයක්.

 

දූඔබගේ මංගල දිනයේදී මොන විදියට හැඩ වෙන්නද කැමති?

උඩරට විදියෙ මනාලියක ලෙස හැඩ වෙන්න තමයි ආස.

 

දූනෙතූ නිසා ද මනාලයා හමු වුණේ ?

අපෝ නැහැ. නෙතූ නිසා ලැබෙන ප‍්‍රතිචාර නම් හොඳයි. මම ආසා කරන්නේ ඒ වගේ අහිංසක චරිතවලටයි.

 

දූදිනූ මේ විදියට රඟපෑමට සහ නිරූපණයට ආවේ නැත්නම්?

මම ජූඩෝ ක‍්‍රීඩාව ප‍්‍රගුණ කළා. එහෙම නම් සමහර විට ඒ අංශයෙන් ඉදිරියට යන්න තිබුණා.

 

දූඇයි ජූඩෝ අංශයෙන් රට නියෝජය නොකළේ?

වසර හයක් විතර ජාතික සංචිතයේ පවා හිටියා. ඊට පසුව අයින් වුණා. නිරූපණ කටයුතුවලට ආවේ අපේ අක්කා නිසයි. නිරූපණ අංශයෙන් කාර්යබහුල වෙද්දි නැවත ජූඩෝ ක‍්‍රීඩාව ගැන හිතුවෙ නැහැ.

 

දූඅක්කා නිසා කිව්වේ?

අක්කා රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒ වගේම නිරූපණයෙත් යෙදුණා. එයා හර්ෂිනී සිරිවර්ධන. දැන් එයා සිටින්නේ ඉතාලියේ. එහෙ සිට රූපලාවන්‍ය කටයුතුවලත් යෙදෙනවා.

 

දූඅයිෂ් කියලා ඇයි ඔබට කියන්නේ?

මගෙ සමහර යාළුවෝ තමයි විහිළුවට එහෙම කියන්නේ.

 

දූඇත්තටම දිනූ කිව්වාම මොන වගේ කෙනෙක් ද?

බොහොම සාමාන්‍ය විනයක් ඇතිව අනික් අයට ගරු කරමින් ජීවත් වන සරල තරුණියක්.

 

දූබොහෝ දෙනාට අවස්ථා නැතුව ලතැවෙනවා. දිනූෂාට රඟපෑමට අවස්ථා බෙහෙවින් ලැබිලත් ඇයි ඒ ගැන උනන්දුවක් නැත්තෙ?

අවස්ථා පැහැර හරින්නේ නැහැ. නමුත් ඒ ලැබෙන අවස්ථාව කියලා සල්ලි පස්සෙම දුවන චරිතයක් වෙන්න මම ආසා නැහැ. හොඳ චරිතයක් කරනවා කියන්නේ මුදලට වඩා වටිනා දෙයක්. අනෙක හැමදේටම නිකරුණේ පෙනී සිටින ඕපාදූප චරිතයක් වෙන්නත් මම කැමැති නැහැ. මට මගේ සැබෑ ජීවන චරිතය ඔක්කෝටම වඩා වටිනවා. ඉතින් ඒ සීමාව දැන ගෙන කටයුතු කරන නිසා හඹා යාමේ පිපාසයක් මට නැහැ.

 

පසුතලය - ගාලූ මුවදොර හෝටලය

හැඩ ගැන්වීම් - නිල්මි සේරසිංහ

විලාසිතා - අචලා ෂෙරීන්

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

 2018-02-13-ent-02

අදහස්(0) බැලූවෝ (2875)

සිය වතාවකට වඩා මනාලියට ඇන්දා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :