2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සමිතා මුදුන්කොටුවගේ ‘දැනුණා මට හුඟක්’

2018 පෙබරවාරි මස 11 19:40:42 | Dilan Chryshantha

ගීත නිර්මාණ දිනෙන් දින අලුත් වෙමින් නව ආකාරයකින් කරළියට පැමිණෙයි. මේ අතර සංගීත ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් මෙන්ම නවකයන්ගේ ගීතයද කරට කර ක්ෂේත්‍රය තුළට පැමිණෙයි.  එවැනි ප්‍රවීණ ගායිකාවගේ ගීතයක් පසුගිය එළිදැක්වීය.

සමිතා මුදුන්කොටුව යනු අප රටේ දක්ෂ ගායිකාවකි. ඇයගේ ගීතවලට එදා මෙන්ම අදටත් බෙහෝ දෙනා එක සිතින් ආදරය කරති. ඒ ඇයගේ ගීතවල ඇති වින්දනීය බව නිසාවෙනි. ඇයගේ නවතම ගීතයද මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට මෙන්ම, රසවිඳීමට හැකියාව පවතී. සමිතා මුදුන්කොටුව විසින් මෑත කාලයේ ගීත නිර්මාණය තුළින් තරමක් ඈත්ව සිටියි. ඒ හේතුවෙන් ඇයගේ ගීත අද වනවිට රසිකයන්ට රසවිඳීමේ ඇති ප්‍රවණතාවය ඉතාමත් අඩුය.

 ‘දැනුණා මට හුඟක්’ ගීතයත් ආදරය පිළිබඳව කතා කෙරෙන ගීතයකි. මේ සඳහා නිර්මාණය කර ඇති මියුසික් වීඩියෝවත් මෑත කාලීන නිර්මාණය වන මියුසික් වීඩියෝවන්ට සාපේක්ෂව වෙනස් ස්වරූපයක් ගෙන තිබේ. තමන් විසින් ආදරය කරන පුද්ගලයාගේ ආදරය වෙනස් වන බව දැනුණ විට, ඇයගේ ආදරය කෙතරම් වේදනා විඳිනවාද යන්න මෙම ගීතයෙන් පැවසෙයි. එම ආදරය පිළිබඳව තම රසිකයන් වෙනුවෙන් පහදාදීමට මෙම මියුසික් වීඩියෝව මනාව රුකුලක් වනු ඇත.

  • එළිදැක් වූ දිනය - 2017 ජනවාරි 31
  • ගායනය - සමිතා මුදුන්කොටුව
  • පද රචනය - දෙනුවන් පෙරේරා
  • සංගීතය  - දුලිප් මිරැන්ඩෝ

අදහස්(0) බැලූවෝ (1172)

සමිතා මුදුන්කොටුවගේ ‘දැනුණා මට හුඟක්’ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :