2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

'පෝරිසාදයා' මගේ කුලුඳුල් චිත්‍රපටයයි

2018 පෙබරවාරි මස 09 16:45:05 | deeptha

2018-02-07-ent-83

නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම රූපරාජිනියක ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය ඉමායා ලියනගේ රංගනයෙන් දායක වූ පළමු සිනමා නිර්මාණය පසුගියදා දිවයින පුරා සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. සිය පළමු සිනමා රංගනය ගැන ඉමායා ‘සාරවිට’ අපිට දැක්වූයේ මෙවැනි අදහසකි.

2018-02-07-ent-85මා රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය තමයි ‘පෝරිසාදයා’. මෙය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සිරිතුංග පෙරේරා මහතා. 2014 වසරේ මම ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ දිනා ගත්තට පස්සෙ 2015 දි තමයි රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. ‘පෝරිසාදයා’ චිත්‍රපටය 2016 අවසාන කාලයේදී තමයි රූපගත කිරීම් කටයුතු කළේ. මගේ පළමු චිත්‍රපටය වගේම තමයි එහි ප්‍රවීණ රංගන ශිල්පි, ශිල්පිනියන් සමග ප්‍රධාන චරිතයකට දායක වෙන්න ලැබීමත් වාසනාවක්.

මෙහි මා රංගනයෙන් දායක වෙන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අහිංසක දියණියක් තමයි ‘සස්මිතා’ කියන්නෙ. ඒ තමයි මගේ චරිතය. මුතුකුඩ ‘සකුන්තලා’ කියන චරිතයට වඩා ලොකු වෙනසක් ‘සස්මිතා’ කියන චරිතය. ඉතින් ලොකු සතුටක් බලාපොරොත්තුවක් තියෙනවා මේ චිත්‍රපටය ගැන.

මං ගැන විශ්වාසය තැබුවාට මෙහි අධ්‍යක්ෂ සිරිතුංග පෙරේරා මහතාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා හර්ෂ උඩකන්දට සහ ධනුෂ්ක හුලංගමුවට මාව මේ ෆිල්ම් එකට යෝජනා කළාට. ඒ වගේම මෙම චිත්‍රපටයේ ශ්‍රියන්න මෙන්ඩිස්, උදාරි වර්ණකුලසූරිය, කුමාර තිරිමාදුර, දර්ශන් ධර්මරාජ්, කමල් දේශප්‍රිය, අමිල කරුණානායක, උදාර රත්නායක, අයිශාරා අතුකෝරාල, සරත් දික්කුඹුර රංගනයෙන් දායක වෙනවා. ප්‍රේක්ෂක හැමෝටම ආරාධනා කරනවා ‘පෝරිසාදයා’ නරඹන්න කියලා.

අදහස්(0) බැලූවෝ (1676)

'පෝරිසාදයා' මගේ කුලුඳුල් චිත්‍රපටයයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :