2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සිංදු කියන්න ගිය මඟුල් ගෙදර මනමාලිගෙ නංගිට පෙම්බැන්ද දුලාජ්

2018 ජනවාරි මස 14 16:20:47 | deeptha

2018-01-12-ent-42

ගායන ශිල්පී දුලාජ් ධනුෂ්ක පසුගිය දා ඔහුගේ ජීවිතේ සුවිශේෂම කඩඉමක් පසු කළා. ඒ විවාහ දිවියට එකතුවීමෙන්.

අලූත් ජීවිතයක්, අලූත් බලාපොරොත්තු සමගින් දුලාජ්ගෙ ජීවිතයට එකතුවුණු ඒ ආදරය පිළිබඳ ඔහු සඳැල්ලට අදහස් දැක්වූයේ මෙලෙසින්.

 

2018-01-12-ent-45ජනවාරි 3 වෙනිදා තමයි අපේ විවාහ උත්සවය පැවැත්වුණේ. ඇය ඉරේෂා නිමන්ති. ඉරේෂාව මට මුණගැහෙන්නෙ එයාගෙ අක්කගෙ විවාහ උත්සවය දවසෙ. එදා මම ඒ විවාහ උත්සවයෙ ගීත ගායනා කරන්න ගියා. එතැනදී තමයි අපි හඳුනාගත්තෙ.

ඇත්තටම ඇය දැක්කම මගෙ හිතේ ආදරයක් ඇතිවුණා. ඒ ආදරේ ටිකින් ටික හිතේ ඇතිවුණාම මට ඒක එයාගෙන් අහන්න හිතුණා. ඒත් කැමති වෙයිද? අකමැති වෙයිද කියන දේත් හිතේ තිබුණා.

ඒත් කොහොමහරි එයාව මුලින්ම දැන හඳුනගෙන මම මුලින්ම යෝජනාව දාලා බැලූවා. මුලින්ම නම් මට ගණන් ඉස්සුවා. කැමත්ත ප‍්‍රකාශ කළේ නෑ. නමුත් ඊට සති දෙකකට වගේ පස්සෙ අම්මලා තාත්තලාත් එක්ක කතා කරලා කැමැත්ත ප‍්‍රකාශ කළා.

විශේෂයෙන්ම මම ඇයට කැමති වෙන්න හේතුව තමයි කරුණාවන්තකම. ඒ වගේම හරි සරළයි. බොරු මවාපෑම් නෑ. මම ඒ ගතිගුණවලට හරිම කැමතියි. මමත් හරිම සරළ විදියට ජීවත්වෙන්න කැමති කෙනෙක්.

ඒ නිසා මගෙ සහකාරියත් ඒ වගේ වෙන්න ඕනෑ කියන මතයේ මම හිටියා. ඇයට මම ආදරේ කරන්න ප‍්‍රධාන හේතුව වුණෙත් ඒ ගතිලක්ෂණ තමයි. මගේ ආදරය ඉල්ලගෙන එන කෙනෙක්ව මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. මම පස්සෙන් ගිහින් ආදරේ ඉල්ලලා මට කැමති වෙන කෙනෙක්ව බලාපොරොත්තු වුණේ. ඉතින් සති දෙකක් විතර ඇහුවම ඊට සති තුනකට පසුව 2016 ජූනි 26 තමයි ඉරේෂා මට කැමති වුණේ. ඒ දවස මට තවම මතකයි. කොයිතරම් ගෑනු ළමයි හමුවෙලා තිබුණත් ඒ අතරින් ඉරේෂා සුවිශේෂ වුණේ අඳින පළඳින විදිය, හැසිරෙන විදිය හැමදේම මම ආස විදියේ දේවල් නිසා. ඉතින් මට හිතුණා ඇයත් එක්ක මගෙ ජීවිත ගමනෙ ඉදිරියට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.

ඒ නිසා මම හරි සතුටින් ඇයට යෝජනාව කළේ. ඒක ගොඩක් සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. කොහොමත් ගෑනු ළමයෙක් එක පාරම ආදරෙයි කියලා කියන්නෙ නැතිව මුලදී ගණන් උස්සලා කුතුහලය දීලා ආදරෙයි කියද්දි ඒකෙත් පොඩි ගතියක් තියෙනවා. ඉතින් මම ඒ හැමදේටම ආදරේ කළා.

ඉරේෂා මට කැමැත්ත ප‍්‍රකාශ කළාම මගෙ උපන්දිනේට එවපු මුල්ම තෑග්ග තමයි ලංකාවෙ වෙබ් සයිට් එකකින් කේක් එකක්, ගිටාර් එකක් තියෙන කේක් එකක්, තමයි මට එවලා තිබුණෙ. එතකොට ඇය විදෙස්ගතවෙලා හිටියේ.

ඒ අපි ආදරේ කරන කාලෙ මට ලැබුණු මුල්ම තෑග්ග. ඉතින් අපේ ආදර කතාව පටන් අරගෙන කාලයක් ගියාම අපිට අවශ්‍ය වුණේ විවාහවෙන්න. ඉරේෂා විදෙස් ගතවෙලා හිටපු නිසා අපි වැඩිපුර කතා කළේ දුරකථනයෙන්. ඒ විදියට පටන් ගත්තු අපේ ආදරේට අවුරුද්දක් ගතවෙද්දි එයා ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා අපි විවාහ ගිවිස ගත්තා.

එතැනින් පසුව අපේ විවාහ උත්සවයට අවුරුද්දක වගේ කාලයක පටන් සැලසුම් කරලා ජනවාරි 3 සිද්ධ වුණේ. අපි දෙන්නටම ඕනෑ වුණේ චාම්, සරළ විදියට විවාහ උත්සවය පවත්වන්න. ඉතින් ඒ සැලසුම් කරපු විදියටම අපේ විවාහ උත්සවය කරගන්න හැකිවුණා.

අපේ ඇඳුම් වුණත් අතිශයම සරළ විදියට නිර්මාණය කරගන්න මුල ඉඳන්ම හිතුවෙ. ඉරේෂාව මනමාලියක් විදියට ලස්සන කළේ චන්දිමාල් ජයසිංහ. මගේ ඇඳුම් නිර්මාණය කළේ නාමල් බාලචන්ද්‍ර, ඡායාරූපකරණයෙන් අපිට සහය දැක්වූවා සඳුන් විජේසිංහ. මේ හැමෝගෙම උදව් නිසා අපිට අපේ විවාහ උත්සවය ලස්සනට කරගෙන යන්න පුළුවන් වුණා. අපේ ආදරේ සාර්ථක කරගන්න අපිට උදව් කරපු හැමෝටම ස්තූති කරන්න ඕනෑ.

 

ධනු විජේරත්න

 

  2018-01-12-ent-44 2018-01-12-ent-43

අදහස්(0) බැලූවෝ (798)

සිංදු කියන්න ගිය මඟුල් ගෙදර මනමාලිගෙ නංගිට පෙම්බැන්ද දුලාජ් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :