2018 ජනවාරි මස 17 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ශ‍්‍රියන්ත මෙන්ඩිස් ගේ එක කුස උපන් සොහොයුරා හැදු 'හදන්නම බෑ'

2018 ජනවාරි මස 14 06:07:07 | deeptha

2018-01-12-ent-34

ශ‍්‍රියන්ත මෙන්ඩිස් කවුද කියලා දන්නවා නේද. එහෙනම් අජිත් මෙන්ඩිස් කියන්නේ කවුද කියලා දැනගන්නට ඕනේ. අජිත් කියන්නේ ශ‍්‍රියන්තගේ එක කුස උපන් සොහොයුරා. ශ‍්‍රියන්ත වගේම අජිතුත් නාට්‍ය කලාව තුළ දිගු ගමනක් පැමිණියා. හැබැයි ශ‍්‍රියන්ත වගේ නළුවෙක් විදියට නෙවෙයි නාට්‍ය රචකයෙක් හා අධ්‍යක්‍ෂවරයෙක් විදියට අජිත් මේ දවස්වල ‘හදන්නම බෑ’ කියන කට්ටියක් එක්ක ගජරාමෙට අලූත් වැඩක කියලා අපට ආරංචිය ලැබුණා. අපිත් හොයලා බලපුවාම ආරංචිය ඇත්ත.2018-01-12-ent-37

නාහේට අහන්නැති කලාකරුවෝ පිරිසක් එක්ක අජිත් දැන් මාස ගාණක ඉඳන් අලූත් වැඩකට ලකලෑස්ති වෙනවා. මහින්ද පතිරගේ, රොෂාන් පිලපිටිය, සමන් හේමරත්න, නිරෝෂන් විජේසිංහ, මිහිරි ප‍්‍රියංගනී, කුමාරි සේනාරත්න, සමන්ත පරණලියනගේ, සඳුන් කුඹුරුතැන්න තමයි අජිත්ගේ ‘හදන්නම බෑ’ කියන සෙට් එක.

‘හදන්නම බෑ’ කියන්නේ අජිත්ගේ හතර වන නාට්‍ය නිර්මාණය. ‘හදන්නම බෑ’ එළැඹෙන ජනවාරි 20 වැනිදා සවස 6.30 හා 21 වැනිදා 3.45ට හා 6.45ට කොළඹ නව නගර ශාලාවේදී හාහා පුරා කියලා වේදිකාවට ගොඩවීමට නියමිතයි.

අජිත් වේදිකාවට අමුත්තෙක් නෙවෙයි. හැබැයි ඔහු නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් විදියට අවුරුදු 14ක නිහඬියාවකට පස්සේ වේදිකාවට ගොඩවුණේ ‘අලූත් හොරෙක් ඕනෑ’ වේදිකා නාට්‍ය එක්ක. ඊට පස්සේ තමයි ‘හදන්නම බෑ’ කොහොම හරි හදන්න ඕනේ කියලා අජිත්ට හිතිලා තියෙන්නේ. බොහොම සුන්දර සිනහාවකින් මුව සරසා ගෙන සිටින අජිත්ගෙන් නාට්‍ය ගැන ප‍්‍රශ්න වැලක් එක දිගට අහගෙන යන්න මං සිතුවා. බල්ලොත් එක්ක බෑ, මීයෝත් එක්ක බෑ වගේ ‘බෑ’ අකුරෙන්ම ‘හදන්නම බෑ’ වගේ නාට්‍ය හදන්නේ ඇයි කියන ප‍්‍රශ්නය අජිත්ගෙන් මම ඇහුවා.

‘‘මම හිතුවා ඒ නම නාට්‍යයට හොඳටම ගැලපෙනවා කියලා. අනික කට වහර නිසා මිනිස්සුන්ට තේරෙනවා. ඒ වගේම වෙන වටිනාකමකුත් තිබෙනවා. ප‍්‍රචාරණයට පහසුයි.

සැමවිටම සමාජ දේශපාලනය සිය නාට්‍යයන් තුළට කැඳවා ගන්නා අජිත් ‘හදන්නම බෑ’ තුළිනුත් එවැනි සමාජ යථාර්ථයක් කතාකර තිබිය යුතුයි.

ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන අවිධිමත්භාවය හා ඒ හරහා තරුණ පරපුර මුහුණ දෙන ගැටලූව මේ නාට්‍යයෙ මා සාකච්ඡුා කරනවා. අධ්‍යාපනය මොන පැත්තටද කැරකෙන්නේ කියලා හිතාගන්න අමාරුයි. නිදහස් අධ්‍යාපනයේ අරමුණත් අද වෙනස් වී තිබෙනවා. උගත මනා ශිල්පයමයි මතු රැුකෙනා කිව්වාට රැුකෙන මනා ශිල්පයමයි මතු රැුකෙනා කියලයි දැන් කියන්නේ. වෘත්තීය වටිනාකමක් පමණයි අද අධ්‍යාපනයේ රැුඳී තිබෙන්නේ. ඒ වගේම චීන ආක‍්‍රමණයත් මේ නාට්‍යයයෙන් මම කතා කරනවා.’’ නාට්‍යකරුවා කියන්නේ සමාජයේ පෙර ගමන්කරුවෙක් නිසා ඉදිරියේදී සිදුවන විනාශය ඔහුට පෙනිය යුතුයි. සිදුවන අතුරු ප‍්‍රතිඵලය පෙනිය යුතුයි. එය පේ‍්‍රක්‍ෂකයාට ග‍්‍රහණය කර ගත හැකි ආකාරයටයි ඉදිරිපත් කළ යුත්තේ. නාට්‍යයේ අන්තර්ගතය වගේම ආකෘතිය වැදගත් වෙන්නේ එතනදී.

අජිත්ගේ කතාබහ ඇතුළේ මට හිතුනේ ඔහුගේ මුල් නාට්‍ය හාස්‍යමය නාට්‍යයක් කියලා එල්ල වූ චෝදනාව ‘හදන්නම බෑ’ වෙතත් එල්ල වේවිද කියලා ඔහු ඊට කදිම උත්තරයක් දුන්නා.

‘‘නාට්‍යයේ මුඛ්‍ය පරමාර්ථය කියන්න මට අවශ්‍ය ආකාරයට පෙළ සකස් කිරීම කළා.

‘‘එහිදී හාස්‍යය මම එකතු කළා. එහෙත් ඒ බලෙන් නෙවෙයි. නාට්‍ය පෙළ ඇතුළෙන්ම හාස්‍යය ගොඩනගා ගන්න ඉඩ ඇරියා. මම වේදිකාව තුළ හාස්‍යය සහිත ෆැන්ටසියක් ගොඩ නගනවා. ෆැන්ටසි එක නැතුව අපේ රටේ කලාව ගෙනියන්න අමාරුයි. මොකද රටක් දුප්පත් වෙනකොට ෆැන්ටසියම තමයි ගෙනියන්නේ. හැට, හැත්තෑව දශකවල ඉඳපු බුද්ධිමත් පේ‍්‍රක්‍ෂකයා අද අපේ රටේ නැහැ. මම මේ නාට්‍යයයෙන් කතාකරන්නේ අපේ රටේ තාරුණ්‍යය පිළිබඳ. නාට්‍යයේ ගීත තිබෙනවා. නාට්‍යයයේ අනුශාංගික අංගවලදීත් ෆැන්ටසියක් මවන්න මම උත්සාහ කළා. රළු විදියට මේ කාරණය කතා කරන්න ගියා නම් මම ප‍්‍රතික්ෂේප වෙන්න ඉඩ තිබුණා. පේ‍්‍රක්‍ෂකයා ඉන්න තැන ඔවුන්ව කළමනාකරණය කර ගත යුතු ආකාරය මට දැනෙනවා.’’

‘අලූත් හොරෙක් ඕනෑ’ නාට්‍යයේ සිටින පිරිසම ‘හදන්නම බෑ’ නාට්‍යයට ගැනීමට හේතුවත් හරියටම දන්නේ අජිත්ය.

‘‘අපේ නාට්‍ය කණ්ඩායමට අලූතෙන් එකතු වුණේ නිරෝෂන් විජේසිංහ විතරයි. නාට්‍යයක් කරන්න ගියාම නාට්‍යකරුවා මුහුණ දෙන අර්බුද ගණනාවක් තිබෙනවා. මං මේකට කියන්නේ හොඳටම හඳහන් ගැලපෙන්න ඕනේ කියලා. මං දැකපු විදියට නාට්‍ය කණ්ඩායමක් බිඳවැටෙන්නේ ඒක ඇතුළේ කල්ලිවාදය ඇති වුණාම. කණ්ඩායම ඇතුළේ ගැටලූ ඇති වුණාම. ‘අලූත් හොරෙක් ඕනෑ’. නාට්‍යයේදී මට ඒ ගැටලූ මතු නොවුණේ ඒ හැමෝම මාත් සමඟ සහෝදරත්වයෙන් වැඩ කළ නිසයි. දැනට දර්ශන වාර 140ක් ඒ නාට්‍යය ප‍්‍රදර්ශනය කළා. කිසිම ගැටලූවක් අපි අතරේ ඇති වුණේ නැහැ.’’ ‘‘ඒ වගේම මගේ කණ්ඩායම පුදුම විදියට වැඬේට කැපවුණා. සමහරු ටෙලිනාට්‍ය හම්බ වුණාම නාට්‍ය අත හැරලා යනවා. ඒත් මේ අය වේදිකාවට ආදරයෙන් මාත් එක්කම හිටියා. වේදිකා නාට්‍යවල රඟපෑමෙන් ලොකු ආර්ථික වාසියක් නැතිව වගේම ලොකු පහසුකමුත් නැහැ. දුෂ්කරතා විඳගෙන තමයි නාට්‍ය කරන්න වෙන්නේ.’’

අජිත්ලාට අද නාට්‍ය කරන්නට සිදු වී තිබෙන්නේ විජය නන්දසිරි නම් මහා රංගධරයාගේ අහිමිවීමෙන් කලා ලෝකය තුළ රික්තකයක් නිර්මාණය වෙමින් තිබියදීය. විජය නැතිව ‘හදන්නම බෑ’ දුවන්න හැකි දැයි අජිත්ගෙන් මම ප‍්‍රශ්න කළෙමි.

ඇත්තටම විජයගෙන් මගේ නාට්‍යයට වගේම සමස්ත නාට්‍ය කලාවටම අලෝකයක් ලැබුණා. ඔහු හොඳ නාට්‍යකරුවෙක්. ඔහු තමන්ගේ චරිතය කරලා පැත්තකට වී සිටියේ නැහැ. ඔහු අලූත් හොරෙක් ඕනෑ දර්ශන 38ක් රඟපෑවා. නාට්‍යයේ අඩුපාඩුවක් තිබුණොත් ඔහු ඒක අපි එක්ක සාකච්ඡුා කළා. විජය කියන්නේ කිසිම කරදරයක් නැති තමන්ගේ ඩියුටිය හරියට කරපු නාට්‍යකරුවෙක්, විජයට ලාංකීය නාට්‍ය කලාවේ වෙනම පේ‍්‍රක්‍ෂකාගාරයක් ගොඩ නැගී තිබුණා. ඔහු මියගියාට පසු එයින් කොටසක් වේදිකාවෙන් ගියා. කොටසක් තාම ඉන්නවා. විජය ඇයි සාර්ථක වුණේ කියලා බලනකොට ඔහු තමයි මුහුණෙන් සහ දෙබස්වලින් හොඳටම රංගනයේත් දක්‍ෂතා ප‍්‍රකට කළ නළුවා. දඟලපු නළුවන්ට වඩා ඉතා සාර්ථකව හාස්‍යය ඔහු මතු කළා. විජය හිටියනම් ‘හදන්නම බෑ’ නාට්‍යයෙත් ප‍්‍රධාන චරිතය රඟපාන්නේ ඔහු. ඒ අඩුව දැන් මහින්ද ඔහුට හැකි අයුරින් ඉටු කරනවා. ඔහු නාට්‍යයට සාධාරණය ඉෂ්ට කරනවා.

අජිත් ලියපු හදපු හැම නාට්‍යයක්ම දර්ශන සියය ඉක්ම වූ බව මට සිහිපත් වූයේ එකවරමය. ‘හදන්නම බෑ’ නාට්‍යයත් ඒ මඟම යනු ඇතැයි මම විශ්වාස කරමි.

 

අමිල චින්තක ගමගේ / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 

  2018-01-12-ent-36 2018-01-12-ent-35

අදහස්(0) බැලූවෝ (547)

ශ‍්‍රියන්ත මෙන්ඩිස් ගේ එක කුස උපන් සොහොයුරා හැදු 'හදන්නම බෑ' සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :