2018 ජනවාරි මස 17 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මේ ගීතය 'අම්මා' ගැන කියැවෙන ගීතයක්

2018 ජනවාරි මස 13 16:25:40 | deeptha

2018-01-12-ent-23

දමිත් අසංක යනු හැමදාමත් රසිකයන්ට මතක හිටින විදියේ ගීත ගායනා කළ ගායකයෙකි. මීට දින කිහිපයකට ප්‍රථම ඔහුගේ අලුත්ම ගීතය එළිදැක්විය. ඒ “නෙතඟින් ගලන්නේ” නම් ගීතයයි. එම ගීතය පිළිබඳ කතාබහ කිරීමට ඔහු ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.

 

ඔබගේ නවතම ගීතය මුලින්ම කතා කරමු?2018-01-12-ent-32

මේ ගීතය ‘අම්මා’ ගැන කියැවෙන ගීතයක්. පසුගිය කාලෙ කරපු ගීත අතරත් ‘අම්මා’ ගැන කරපු ගීත කිහිපයක් තිබුණා. ඒ නිසා එක ළඟම මව් ගුණ ගීත ගායනා කිරීම කොහොම දැනෙයිද කියලා මම දන්නෙ නැහැ. ඒත් මට ගීතයේ තියෙන වචන ටික ගත්තම එක පද පෙළක් තියෙනවා. “සිරුරෙන් ගැලූ ලේ කිරි සාගරේ“ ඒ කොටසට තමයි මම ගොඩක්ම කැමති. ඒ පද පේළිය ඇහෙද්දි මට මෙතෙක් කල් නොතේරුණු කාරණයක් ගැන වැටහෙන්න ගත්තා. අපිට අපි ගැන මොන තරාතිරමෙන් හිතුණත්, අපි මොන තලයකට ගියත් අපි ඒ තැනට යන්නෙත් අම්මා නිසා නේද? ඒ අම්මගෙ කිරිවලින් නේද? කියන කාරණය මට තේරුණා. ඊට වඩා කම්පනයක් ආවේ අම්මා ලේ කිරි කරලා දෙනවා කියන කාරණය අද වෙනකන් මට දැනුණෙ නැහැ. මම හිතන්නෙ බහුතරයකට එය තාම දැනිලා නැහැ. නමුත් සත්ව ලෝකයේ ඉඳන් මනුෂ්‍ය ලෝකය දක්වා ඉන්න මොන අම්මත් එකයි. ඒක තමා මම මේ ගීතය ගායනා කරන්නත් හේතුව.

මේ ගීතය පද රචනා කළේ මනීෂා ඒකනායක. සංගීතවත් කළේ බුද්ධිම චලන කියලා මල්ලි කෙනෙක්.

 

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

දැනට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒ වගේම මම හිතනවා මේ ගීතය ඇහුවට පස්සේ අපි අම්මලා එක්ක තිබුණු ගනුදෙනුවෙන් අපි ඈත් වෙලා හිටියනම්, අපි අම්මා ගැන හොයලා බලන එක, අම්මට සලකන එක ගැන හිතයි කියලා. අපි අම්මා කෙනෙක්ට සලකනවා කියන්නෙ කන්න බොන්න දෙන එකම නෙමේ. සමහර විට අම්මා කෙනෙක් නොමග ගිහින් ඉන්න පුළුවන්. සමහර විට ටිකක් කේන්ති යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් කියලා දීලා මේ තරම් වටින අම්මව අපි ආරක්ෂා කර ගන්න ඕන. ඒ හැඟීම ඇති කරන පාලමක් හදන්න තමයි අපි මේ උත්සහ කළේ. මේ වගේ නිර්මාණවලින් බලාපොරොත්තු වෙනවා ක_රත්වය කියන වචනය අතුගාලා ඒ වෙනුවට සෙනෙහස කියන වචනය ගෙන එන්න.

 

ඔබ ගීතයක් එළිදැක් වූයේ කාලෙකට පස්සෙ නේද?

ගෙවිලා ගිය කාලය ගත්තම අපි ගීතයක් කරන්න අවුරුදු ගණන් ගත වුණ තත්ත්වයක් තිබුණා. ඒ කියන්නෙ අපි දෙන්නේ ගීත එකතුක්. නමුත් දැන් ඒක වෙනස් වෙලා. දැන් රසිකයො පුරුදු වෙලා ඉන්නවා මාස 2ක්, 3ක් ඇතුළත අලුත් දේකට යන්න. මේ ගීතයත් මාස 5, 6කට පස්සේ තමයි රසිකයො අතරට එන්නෙ.

 

විෂුවල් එක ගැන කතා කළොත්?

මම බොහෝ වෙලාවට මගෙ රසිකයින්ගෙන් ඉල්ලන දෙයක් තමයි ගීතය විෂුවල් එක නැතිවත් අහල බලන්න කියන එක. මම හිතනවා ඒ මොහතේ හිතට දැනෙන දේ තමයි විෂුවල් එක වෙන්නෙ කියලා. අපි කරලා තියෙන මියුසික් වීඩියෝව ගත්තම සමාජමය කාරණා දෙන්න උත්සහ කළා. නමුත්, එය සීයට සීයක් හරි වෙන්නෙත් නෑ, සාර්ථක වෙන්නෙත් නැහැ. නිර්මාණයේ තිබෙන දෙය වෙන්නෙත් නැහැ. නමුත් එයින් යම් යම් පණිවිඩ දෙන්න පුළුවන් නම් එය ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම කියන්න ඕන මේ විෂුවල් එක වීඩියෝ කළ සමන් රත්නායක මල්ලිට මම පෞද්ගලික කැමතී. මොකද, මේ වීඩියෝ එක කරන්න ගිය පළවෙනි දවසෙ ලොකු වැස්සක් වැස්සා. අපිට එදා කල්දාන්නත් තිබුණා අවශ්‍ය නම්. නමුත් ඒ මල්ලිගෙ එහෙම එකක් නැහැ. කාලය කියන දේ හරි වැදගත්. අපි මොන තරාතිරමක හිටියත් අපිට ජීවත් වෙන්න කාලය තියෙන්නෙ අවුරුදු 60ක් 70ක් වගේ කාලයක්. අපි හිතමු ගහක කොළයක් කඩාගන්න දවසක් බලන් ඉන්න සිද්ධ වුණොත්, ඒක අපි කර ගන්න කාලය නාස්ති කර ගැනීමක්. මම හිතන්නෙ සමන් එහෙම නෑ. කාලයේ වැදගත්කම තේරුන් අරන් ඔහු වැඩ කළා.

 

ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වැඩකටයුතු ගැන කතා කළොත්?

අලුත් ගීත නිර්මාණ කිහිපයක් ඉදිරියේ දී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මගේ නව නිවසේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා ඉදිරි අවුරුදු 2 කෙටි නිවාඩුවක් ගන්න කියලා හිතාගෙන ඉන්නවා. නිවසේ වැඩ කටයුතු ඉවර වෙනකන් එළිමහන් ප්‍රසංගවලට සහභාගි වීම අඩු කරන්න හිතාගෙන ඉන්නවා. නමුත් ඉන්ඩෝ ෂෝවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි

 

  2018-01-12-ent-31 2018-01-12-ent-30 2018-01-12-ent-29 2018-01-12-ent-28 2018-01-12-ent-27 2018-01-12-ent-26 2018-01-12-ent-25 2018-01-12-ent-24

අදහස්(0) බැලූවෝ (225)

මේ ගීතය 'අම්මා' ගැන කියැවෙන ගීතයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :