2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සිරස දාලා වෙනත් නාළිකාවකට යන්නෙ නැහැ

2018 ජනවාරි මස 13 06:24:41 | deeptha

2018-01-12-ent-18  

සිරස ආයතනයේ ‘පෙන්ටතලන්’ වැඩසටහන ඉදිරිපත් කරන චානු දිසානායක වෙනත් නාළිකාවකට සම්බන්ධ වීමට යන බවට විවිධ මත පළ වී තිබේ. ඒ සම්බන්ධව සහ ඇයගේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව කළ සංවාද සටහනකි මේ.

 

මේ දවස්වල වැඩකටයුතු මොනවාද?2018-01-12-ent-20

මම නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අංශයේ වැඩ කරන අතරෙ සිරස ආයතනයේ නිවේදිකාවක් විදියට වැඩ කරනවා. ඒ වගේම මේ දිනවල සිරස ‘පෙන්ටතලන්’ වැඩසටහනේ දෙවන අදියර ආරම්භ වෙලා තියෙනවා. එහි පටිගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව මම වාර්තා චිත්‍රපට අංශයට යොමුවෙලා තියෙනවා.

 

“පෙන්ටතලන්” වැඩසටහන සම්බන්ධව ඔබේ අදහස?

‘පෙන්ටතලන්’ වැඩසටහන තමයි මගේ ජීවිතය වෙනස් කළේ. පාසල් දරුවන්ටත් එය අලුත් අත්දැකීමක්. මෙවර තරගකාරි පාසල් වැඩියි. පාසල් ප්‍රමාණය වැඩියි, ඒ නිසා මටත් එය ලොකු අත්දැකීමක්. ඒ වගේම පාසල් දරුවන් අතර මම විශේෂවීම සහ ක්‍රිංස්ලි රත්නායක වගේ ලංකාවේ දැවැන්ත නිවේදකයෙක් සමග වැඩකරන්න ලැබීම මං හිතන්නේ ලොකු භාග්‍යක්.

 

එම වැඩසටහනේ ඔබ නිවේදන කටයුතු වෙනස් ආකාරයෙන් නේද සිදුකරන්නේ?

අනිවාර්යෙන් වෙනසක් තියෙනවා. සාමාන්‍යය දැනුම මිනුම තරගයක නම් හොඳට ඇඳ පැලඳගෙන සරල විදියට ප්‍රශ්න අහනවා, අපි එතනින් එහාට ගිහිල්ලා දරුවන්ගේ මට්ටමට ගිහිල්ලා බොහොම විනෝදකාරි විදියට මෙහි කටයුත්ත සිදුකරන්නෙ. බොහෝ පාසල්වල දරුවෝ දඟ වෙන්නෙ නැහැ පාසලේ අභිමානය රැකගැනීම සඳහා, නමුත් මොහාතකට අපි ඒක වෙනස් කරනවා. ළාමකකම එළියට ගන්නයි උත්සහ ගන්නේ.

 

වෙනත් නාළිකාවකින් මෙවැනි වැඩසටහනකට ඔබට ආරාධනා ලැබී, ඔබ එයට සම්බන්ධ වීමට සූදානම් බවට විවිධ මත පළවෙනවා?

නෑ කවදාවත් නැහැ, සිරස මාව හදපු තැන, ‘සිරස’ දාලා වෙනත් නාළිකාවකට යන්නෙ නැහැ. විවිධ ආරාධනා ලැබුණත් ‘සිරස’ දාලා යන්නෙ නැහැ. කවදහරි සිරසෙන් ඉවත් වුණොත් ඒ වෙනත් නාළිකාවකට යන්න නෙමෙයි අධ්‍යාපන කටයුතු එක්ක නිදහස් මාධ්‍යවේදිනියක් විදියට කටයුතු කරන්න. එයටත් තව කල් තියෙනවා.

 

ඔබ නිවේදන ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද?

මම පාසල් ගියේ මාතර සුජාතා විද්‍යාලයට. පාසල් කාලෙදි බාහිර වැඩකටයුතු කළා, විශේෂයෙන් නර්තනය, විවාද කණ්ඩායම්වල කටයුතු කළා. පසුව විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ මං හදාරන විෂයන්ට සමගාමීව වේදිකා නාට්‍යය, නර්තනය වගේ දේවල් කළා. ඒ අතරේ තමයි සිරස ආයතනයට සම්බන්ධව වෙන්න ලැබුණේ.

 

ඔබ වෘත්තිමය නිවේදිකාවක්ද?

ඔව්, මම වෘත්තිමය වශයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවක්. ආයතනයේ සෙසු වැඩසටහන් නිවේදන කටයුතු ඒ අතර සිදු කරනවා. ඒ වගේම මම සමාජ විද්‍යා උපාධිය අවසන් කරලා ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා සිනමාකරණය සහ වාර්තාමය චිත්‍රපට පිළිබඳ ඉගෙන ගන්න.

 

ඡායාරූප සහ සටහන මහේෂ් මලවර ආරච්චි

 

2018-01-12-ent-19

අදහස්(0) බැලූවෝ (1253)

සිරස දාලා වෙනත් නාළිකාවකට යන්නෙ නැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :