2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

හුළං ගෙදර ලකා'ගෙ විසි වසරක කතාව

2018 ජනවාරි මස 08 15:44:40 | deeptha

2018-01-06-ent-51
 

හුළං ගෙදර ලකාට සුජා ඇන්ටිගෙ ගෙදර ඉන්න ගැහැණු ළමයි දෙන්නම ආදරෙයි. ඒත් ලකා ආදරේ කරන්නෙ, එයා බෝඩිං වෙලා ඉන්න ගෙදර අයිති බාබරා සහ හුලංගෙ දියණිය වන ‘චූටි’ ටයි. ඒත් චූටි ලකාට තවම නම් කැමති නැහැ. අවසානයේදී කුමක් වේවිද දන්නෙ නැහැ. මේ දිනවල ෂඔභ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන හුළං ගෙදර හාස්‍ය රසයෙන් රසගන්වන චරිත අතර මේ ‘ලකා’ තවත් චරිතයකි. ලකාගේ චරිතය රඟපාන්නේ ‘සම්පත් ජයවීර’ රංග ශිල්පියාය. හුලං ගෙදර හාස්‍ය රසයෙන් රසගන්වන ‘ලකා’ වූ සම්පත් සඳැල්ලට ඇවිත් මොනවද කියන්නෙ බලමු.

 

සම්පත් මේ දිනවල ඔබ දායක වන නිර්මාණ ගැන මුලින්ම කියමු?2018-01-06-ent-52

ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව මීට ටික කලකට පෙර මා අධ්‍යක්ෂණය කළ ජෝඩුජෝඩු නාට්‍යයේ දර්ශන නැවතත් පටන් ගත්තා. ඊට අමතරව හුලං ගෙදර රූගත කිරීම්වලට මේ දිනවල දායක වෙනවා.

 

ඔබගෙ ජෝඩුජෝඩුවලට තියෙන ඉල්ලූම මොන වගේද?

ටික දවසක් මේක නැවතිලා තිබුණෙ. දැන් නැවතත් වේදිකා දර්ශනවාර පටන් ගත්තා.

 

හුලං ගෙදරට අමතරව වෙනත් ටෙලිනාට්‍ය මොනවද?

පිච්ච මල සුවඳයි, නමින් අලූත් ටෙලිනාට්‍යයක් සහ ජී. නන්දසේනගේ තවත් ටෙලිනාට්‍යයක රඟපානවා. ඊට අමතරව මෙඩිසිනා විකාශය වෙනවා.

 

සම්පත් අද වනවිට ඔබ ‘හාස්‍ය’ අතරට කොටුවෙලා වගෙයි?

එහෙමමත් නැහැ. චරිතාංග ශිල්පියකු ලෙස තමයි නිතරම චරිත තෝරාගන්නෙ.

 

ඔබ වඩා කැමති මොන වගේ චරිතවලටද?

විවිධ චරිතවලට ආසයි. කොහොමටත් මට චරිතාංග නළුවකු ලෙස පසුගිය කාලයේදී අවස්ථා ලැබුණා. අනෙක ඕනෑම විශේෂ චරිතයක් අත්හදා බලන්න මම කැමතියි.

 

සම්පත් මෙතෙක් රඟපෑ චරිත අතරින් වැඩිදෙනා කතා කළ චරිතය?

චරිත කීපයක්ම තියෙනවා. මේ දිනවල හුලං ගෙදර ‘ලකා’ චරිතයත් වෙනස් චරිතයක්.

 

හුලං ගෙදර ලකා ගැන ඔබගෙ බිරිඳ මොනවද කියන්නෙ?

ඇය සේවය කරන්නෙ එෆ්.එම්. නාලිකාවක. ඉතින් ඇයත් කාර්යබහුලයි. අපට ටෙලිනාට්‍ය නරඹන්නත් වෙලාව නැති තරම්.

 

‘ලකා’ නිතරම කියන්නෙ පිටපතේ තියෙන දේ විතරමද?

පිටපත අනුව තමයි. අපි එකතුවෙලා ඒ අවශ්‍ය මොහොත හදාගන්නවා.

 

කාලයකට පසුව හාස්‍ය රසය විඳිනවා කියලා තමයි බොහෝදෙනා කියන්නෙ. මේ විදියට නරඹන්නන්ට හාස්‍ය දෙන්න ගිහින්, ඔබ මුහුණදුන් අවස්ථා මොනවද?

අපි තමයි ලොකුම අමාරුවෙ වැටිලා ඉන්නෙ. මොකද ඔක්කෝටම කලින් අපට හිනායනවා. කොහොමටත් ගිරිරාජ් එක්ක එහෙම රඟපාද්දි හිනාව නවත්තා ගන්න අපටම අමාරුයි. සමහර අවස්ථාවලදී ඒ නිසාම රූගත කිරීම් පවා කිරීමට අපහසු වෙනවා.

 

ඔබට හිනාව නවත්තා ගන්න බැහැ කියලා තමයි අනෙක් අය කියන්නෙ?

ඔව්, එහෙම වෙනවා තමයි. ඒත් කොහොමහරි ඒ අවස්ථාව පාලනය කරගෙන රූගත කිරීම්වලට දායක වෙනවා.

 

රූපවාහිනී හාස්‍ය රංගනය ගැන ඔබ හිතන්නෙ කොහොමද?

හාස්‍යයට සීමාවක් නැහැ. වේදිකාවේ වේවා, සිනමාවේ හෝ ටෙලිනාට්‍ය රංගනයේදී හාස්‍යයට කවුරුත් කැමතියි. මෑතක සිට නැවතත් ජනතාව ටෙලිනාට්‍ය නරඹන්න වඩාත් නැඹුරුව සිටින වග පෙනෙනවා. ඒකට හේතුව ඉතා අර්ථවත් නාට්‍ය වගේම නිර්මාණාත්මක නාට්‍ය කීපයක්ම එකවර විකාශය වීමයි. හොඳ නිර්මාණයක් කළොත් මිනිස්සු ඒක රස විඳිනවාමයි. කවුරුහරි මතයක් හදලා තියෙනවා නම් මේ වගේ දේ විතරයි නරඹන්නෙ කියලා ඒක වැරැුදියි. කාටවත් එහෙම එක විදියක් ගැන කියන්න බැහැ. මිනිසුන්ට දැනෙනවා නම්, හාස්‍යයද, ශාස්ත‍්‍රීයද කියලා වෙනසක් නැහැ.

 

ඉන්දීය දෙබස් කැවූ නාට්‍යවලටත් දායක වුණා නේද?

දායක වූ වැඩ කීපයක් ඉවර කළා. ඒත් මින් පසුව මම එවැනි නාට්‍ය සඳහා ඉදිරිපත් නොවීමට වග බලාගන්නවා. දේශීය නිර්මාණවලට සහ ඒවා ඔසවා තබන්න උත්සාහ ගැනීම අපේ වගකීමක්. නමුත් මම දිව දෙකේ කතා කියන්න කැමති නැහැ. මොකද අපේ දෙබස් කැවීමේ සහ හඬ කැවීමේ අංශයේ ශිල්පීන්ටත් සාධාරණයක් වෙන්නට ඕනෑ. නමුත් හරසුන් ඉන්දීය නාට්‍යවලට නම් මම මින්පසු දායක වෙන්නෙ නැහැ. මේ රටේ අපේ දේකට අපි මුල්තැන දෙන්නත් ඕනෑ. හඬ කැවීම සඳහා සුදුසු ඕනෑ තරම් හරවත් නිර්මාණ තියෙනවා. හරසුන් දේ නිසා තමයි එම ක්ෂේත‍්‍රය බාල්දු වෙලා තියෙන්නෙ.

 

කොහොමද සම්පත්ගෙ ජීවිතය?

වරදක් නැහැ. ජීවිතය ගලාගෙන යනවා. සියල්ලට මුහුණ දෙමින් ගැටගහගෙන යනවා.

 

නළුකම එක්කම ජීවිතය තියාගෙන යන්නද කැමති?

රංගන ශිල්පියකු ලෙස මෙය පවත්වාගෙන යාම තමයි අරමුණ. ඒත් කලාකරුවා හෝ මේ රංගන ක්ෂේත‍්‍රයේ ශිල්පීන් රැුකගැනීම සහ ඔවුනගේ අනාගතය උදෙසා තවම කිසි වැඩපිළිවෙලක් නැහැ. ප‍්‍රතිපත්තියක් ගොඩනැගිලා නැහැ. මට හෝ කාට වුණත් තත්ත්වය එහෙමයි. ඉතින් එවැන්නක් නොවුණොත් කලාකරුවන්ට සිද්ධ වෙන්නෙ රට අත්හැරලා යන්නයි.

 

සම්පත්ගෙ අදහසක් තියෙනවද රට අත්හැරලා යන්න?

කිසිම අදහසක් නැහැ. මේ රටේ ඉඳගෙන මේ රටේ කලාවන් එක්ක ඉන්නයි කැමති. 2018 වනවිට මේ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා වසර 20ක් සපිරෙනවා. 1998 ජාතික තරුණ සේවා සභාවේ රංග ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරලා තමයි ගමන පටන් ගත්තෙ. වසර 20ම දාලා ගියේ නැහැ. මේක ඇතුළෙම දෙයක් කිරීම තමයි අරමුණ.

 

ජෝඩුජෝඩු වේදිකාවට ගෙනා සම්පත්ගෙ ජෝඩු වෙච්ච ජීවිතය මොනවගේද?

පුංචි පුතෙක් ඉන්නවා. එයාට දැන් වසර 4යි. පෙර පාසල් යනවා. එයාව හොඳ මනුස්සයකු කරවීම තමයි අපි දෙන්නගෙම අරමුණ.

 

සඳුන් ගමගේ

 

අදහස්(0) බැලූවෝ (1144)

හුළං ගෙදර ලකා'ගෙ විසි වසරක කතාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :