2018 ජනවාරි මස 17 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

චතුරිකා 'තී‍්‍ර විලර්' එකක් 'හයර්' කරයි

2018 ජනවාරි මස 08 06:39:00 | deeptha

2018-01-06-ent-43

මේ දිනවල චතුරිකා පීරිස්ව පුංචි තිරයෙ දකින්නට ලැබෙන්නෙ හරි අමුතුම චරිතයකින් ඒ ත‍්‍රීරෝද රථ රියදුරුවරියක් විදියට. ඒ ගැන කතා කරන්නටත් ඇයගේ කලා ලොවේ තතු ගැන කතා කරන්නටත් මෙවර සදැල්ලෙන් ඇය වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ ඒ කතා බහ මේ දිනවල චතුරිකා පුංචි තිරයෙ වෙනමම චරිතෙකින් දකින්න ඉන්නවා.

2018-01-06-ent-47

ත‍්‍රීරෝද රථ රියදුරුවරියක් විදියට මුලින්ම ඒ ගැන කතා කරමු?

රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂකනයෙන් තරංග නිෂ්පාදනයෙන් විකාශය වන රැුජිණියෝ ටෙලි නිර්මාණයෙ තමයි ත‍්‍රීරෝද රථ එළවන කාන්තාවකගේ චරිතයක් කරන්නෙ, දිරිය කාන්තාවකගෙ චරිතයක්.

 

ඒ චරිතය චතුරිකාට අමුතුම චරිතයක් වෙන්න ඇති?

චරිතයෙ වට පිටාව අනුව ඇය මුඩුක්කු පරිසරයක හැදුණු වැඩුණු ගෑනු ළමයෙක්, අම්මලා, තාත්තලා කාත් කව්රුත් නෑ. ඇයගෙ සහෝදරියක් එක්ක ජිවත් වෙන්නෙ, ඉතින් ජීවත් වෙන්න ඇය ත‍්‍රීවිල් එකක් එළවලා. ගෑනු කෙනෙකුට කරන්න පුළුවන් රැුකියාවක් නෙමෙයි, නමුත් ඇය ත‍්‍රීවිල් රැුකියාව ඇගේ රැුකියාව විදියට කරගෙන ජීවිතේ ජයගන්න උත්සාහ කරනවා.

 

ඉතින් මේ චරිතය කරන්න ත‍්‍රීවිල් එළවන්න ඉගෙන ගන්න වුණාද?

ඔව්. මම ඉගෙනගත්තා මොකද ත‍්‍රීවිල් පාර්ක්වල දර්ශනත් තියෙනවනේ. ඒ නිසා පුරුදු වෙන්නම වුණා.

 

මෙවැනි චරිතයක් කරපු පළමු අවස්ථාවද?

ඔව්. ත‍්‍රීවිල් රථ රියදුරුවරියක් විදියට රංගනයේ යෙදුණු පළමු අවස්ථාව

 

චරිතය භාරගනිද්දි චකිතයක් ඇතිවුණේ නැද්ද?

නෑ. මම හිතනවා රවීන්ද්‍ර විජේරත්න ඒ චරිතය ගොඩක් විශ්වාසයෙන් මට භාරදුන්නෙ කියලා මොකද මීට කළිනුත් මට නාට්‍ය කිහිපයකට ආරාධනා කළත් යන්න වුණේ නෑ. එතැනදී මෙහි නිෂ්පාදක තරංග දිසානායක කතා කරලා මේ චරිතය නම් කොහොමහරි කරමු කියලා කිව්වේ එහිදී ත‍්‍රීවිල් එකක් එළවන මේ වගේ වට පිටාවක හැදුණු ඉතාමත් වෙනස් චරිතයක් කියලා චරිතෙ විස්තරෙ කියලා මට භාරදුන්නා. ඉතින් මම ඒ විදියට රංගනයෙ යෙදුණා. රංගනය කියන්නේ අපි අපි විදියට ඉන්න එක නෙමෙයිනෙ. වෙනත් දෙයක් ඉදිරිපත් කිරීම ඉතින් ඒ විශ්වාසය මා තුළ තිබුණා. ඒ නිසා නිම්මි චරිතය බයක් නැතිව කළා. අද ඒ වගේ චරිත සමාජයෙ දකින්න ඉන්නවා.

 

චතුරිකාට ඒ ගැන මොකද හිතෙන්නෙ?

පෞද්ගලිකව මම නම් ත‍්‍රීවිල් එළවන කාන්තාවන් වැඩිය දැකලා නෑ. නමුත් මම හිතනවා ඒක සමහර වෙලාවට ටෙලිනාට්‍ය චිත‍්‍රපටවලින් අපි ලබාදෙන නිසා අද සමාජය ඒවා අනුකරණය තත්ත්වයට එන්න ඉඩ තියෙනවා. කාන්තාවෝ නිසා අනුකරණය කරන අවස්ථා තියෙනවා. මොකද රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ඒ වගේ චරිතයක් කළොත් ඒ දේවල් තරුණ පිරිස් අනුගමනය කරන අවස්ථා තියෙන නිසා. සමහරවිට ත‍්‍රීවිල් රථ රියැදුරුවරියන් මේ චරිතය ඔස්සේ බිහිවෙයි.

 

නිම්මිට ලැබෙන ප‍්‍රතිචාර?

ගොඩක් හොඳයි කියනවා. වෙනස්ම කතාවක්නෙ තවම රූගත කිරීම් කරගෙන යනවා. ඉදිරියටත් ප‍්‍රතිචාර හොඳ වෙයි කියලා විශ්වාස කරනවා.

 

රැජිනියෝට අමතරව ”හිතුවක්කාරයි” ටෙලි නිර්මාණය හරහාත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා ඇති නේද?

ඔව්. ඒ ගුරුවරියක්ගෙ චරිතයක් ඒ තරුණියට වඩා බාල වයස්කාර තරුණයෙක් ආදරය කරනවා. ඒ විදියට තමයි ඒ කතාව ගලාගෙන යන්නේ, වැඩි විස්තර කියන්න බෑනෙ ඉතින්.

අද කාලෙ ඒ වගේ ආදර කතා ගැනනම් ඕනෑ තරම් අහන්න තියෙනවා.

 

වයසට වඩා බාල තරුණයෙක් ආදරය කිරීම පිළිබඳ චතුරිකාගෙ මතය ගැන කිව්වොත්?

ආදරය කියන එක සාපේක්ෂයි. ඒකට වයස් භේදයක් නෑ. සුදුද කලූද කියලා නෑ. දුප්පත් පෝසත්කම් නෑ. ඒ විදියට තමයි ආදරේ කියන දේ යන්නෙ ඒත් මම පුද්ගලිකව දකින්නෙ ඕනෑම කාන්තාවක් තමන්ට වඩා වයස බාල කෙනෙක් එක්ක සම්බන්ධකම් හරියන්නෙ නෑ. ඒක නිසා තමයි පවුල් ගැටලූ මතුවෙන්නෙ එක එක්කෙනාගෙ පෞද්ගලික මතිමතාන්තර තියෙනවනෙ.

 

මෑතකදි රිදී තිරයට සම්බන්ධ වුණේ නැද්ද?

සමනල සංධ්වනියෙන් පස්සෙ සම්බන්ධ වුණේ නෑ. ආරාධනා කිහිපයක් ආවා. සමහර ඒවා තිර පිටපතේ ප‍්‍රශ්න නිසා ප‍්‍රතික්ෂේප කරපු අවස්ථා තිබුණා. සමහර ඒවා ගනුදෙනු ප‍්‍රශ්න නිසා ප‍්‍රතික්ෂේප වුණු අවස්ථා තියෙනවා.

 

දැන් නිර්මාණවල වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැත්තෙ ආරාධනා අඩුකමද? නැත්තම් චරිත තෝරා බේරාගෙනද භාර ගන්නෙ?

පළවෙනි කාරණේ තෝරා බේරාගෙන වැඩ කරන්නෙ. ඒ වගේම නිර්මාණ ගත්තත් චිත‍්‍රපට හැදෙනවා අඩුයි මුදල් ප‍්‍රශ්න තියෙනවා. දැන් ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපටවල නිසි ප‍්‍රතිපත්තියක් නෑ. අපේ කලාව පිළිබඳ රජයට කිසිම ප‍්‍රතිපත්තියක් නෑ. ඉස්සර නීති රෙගුලාසි තිබුණා. දෙමළ, හින්දි හෝ කුමන ටෙලිනාට්‍යයක් පෙන්නුවත් ඉතින් ඒ හැමදේම පසුගිය කාලය තුළ උඩු යටිකුරු වෙලා ගියා. ඒවට කිසි වාරනයක් නෑ. ඉතින් අපිට තිබුණු බෙල්ට් නැතිවුණා. ඒ නිසා ටෙලි නාට්‍ය හදන්නෙත් නෑ. මේ වෙද්දිත් සිංහල ටෙලිනාට්‍යවල බෙල්ට් ගැලවිලා ඒ වෙනුවට හින්දි, කොරියන් ටෙලිනාට්‍ය එක එක ඒවා වැටෙනවා. ඉතින් සංස්කෘතියට කලාවට දැන් ඉඩක් නෑ. ඒ තත්ත්වෙ වෙනස් වෙන්න ඕනෑ. නැත්තම් අපේ රටේ සංස්කෘතික කලාව කියන දේ මිනිසුන්ගෙන් ඈත්වෙලා යනවා.

 

චතුරිකා සහ ගයාන් එක්ව නිර්මාණ කටයුත්තකට අත ගහන්නෙ නැද්ද?

අපේ නිෂ්පාදනයක් ළඟකදි කළේ නෑ. මොකද අපි අලූත් නිවසක් හදපු නිසා ඒවට ටිකක් කාර්යබහුල වුණා. ආයෙත් අලූත් නිර්මාණයක් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් තිර පිටපත් කීපයක් තියෙනවා. ඒ අතරින් හොඳ නිර්මාණයක් එළියට එයි. ඉදිරියෙදී.

මේ හැමදේමත් එක්ක මගේ ජිවිතේ බොහොම සාමකාමීව සුන්දරව ගෙවෙනවා. මමත් ගයානුත් බොහොම සාමකාමීව බොහොම සුන්දරව අපිට පුළුවන් විදියට මිනිසුන්ට උදව් කරගෙන පුළුවන් ආකාරයට නිර්මාණ කටයුතු කරගෙන සුන්දරව ජිවිතේ ගෙනියනවා.

 

ධනු විජේරත්න

 

2018-01-06-ent-41  2018-01-06-ent-46 2018-01-06-ent-45 2018-01-06-ent-44  2018-01-06-ent-42

අදහස්(0) බැලූවෝ (999)

චතුරිකා 'තී‍්‍ර විලර්' එකක් 'හයර්' කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :