2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පිය උරුමයෙන් මියුරු ගී හදන රෝහණගෙ පුතා

2018 ජනවාරි මස 07 06:23:12 | deeptha

2018-01-05-ent-79

මේ සිහින හරි පුදුමයි

බිඳ වැටී වැටී උපදින හැටී

සඳ තරු තියා සරසන හැටි

මේ සිහින හරි පුදුමයි.

ප‍්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ දීර්ඝ කාලීන නිහඬතාවයකට පසු, ඉකුත් වසරක, රසික සහෘදයන් වෙනුවෙන් තිළිණ කළ සිහින හරි පුදුමයි ගී එකතුවේ. එම නම් ගත් පළමුවැනි ගීතය අහන විට අමුත්තක් දැනිණි. ඒ එහි වූ සංගීතය නිසාය.

මා සිතුවේ ඒ රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණයක් කියාය. එහෙත් සංගත තැටියේ කවරයේ සඳහන් වූයේ ඒ සංගීතය, කළිඳු වීරසිංහගේ කියාය.

 

කව්ද මේ කළිඳු?

 

එදා මම දිවුල්ගනේ ගායන ශිල්පියාගෙන් විමසුවෙමි.

අපේ රෝහණගේ ලොකු පුතා.

ගහේ කටු උල් කරන්නට ඕනෑ නැති බවට ගැමි කියමනක් තිබේ. ඒ අයුරින්ම රෝහණ වීරසිංහගේ පුතාට ගීතයකට මනරම් සංගීත නිර්මාණයක් කළ හැකි විය යුතුය, එහි පුදුමයක් නැත.

‘‘මේ සංගීත නිර්මාණය අහපු ගමන්ම මට ආසා හිතුනා මෙලඩිය හොඳ නැත්නම් පද රචනය හොඳ නැත්නම් මම කවදාවත් ගීතයක් ගායනා කරන්නෙ නැහැ. නමුත් මේ මෙලඩි එක පළපුරුදු සංගීත ශිල්පියෙක්ගෙ නිර්මාණයක් තරමටම විශිෂ්ට නිර්මාණයක්. ඒ නිසා මම දෙපාරක් හිතන්නෙ නැතුව මේ ගීතය ගායනා කළා’’

දිවුල්ගනේ තව දුරටත් පැවසුවේය.

අන්න ඒ කළිඳු පදිංචිව සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවේය. කලක් මෙල්බර්න් නුවර පදිංචිව සිටි ඔහු දැන් බි‍්‍රස්බේන් නුවර වාසය කරයි. ඔහු අරකී මේ සිහින හරි පුදුමයි ගීතය නිර්මාණය කළේ මෝනෑෂ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේදීය.

‘‘ඒ කාලෙ රවි සිරිවර්ධනත් මගෙත් එක්කම ඕස්ටේ‍්‍රලියාවෙ ඉගෙන ගත්තා. රවි තමයි මගේ සංගීත ගමනට තල්ලූවක් දුන්නෙ.’’

කළිඳු මා සමඟ කතාබහ ඇරඹුවේ එසේ පවසමිනි. කළිඳු මීට දෙසතියකට පමණ කලින් ලංකාවට ආවේ වෛද්‍යවරියක වන ඔහුගේ බිරිඳද දරු දෙදෙනාද කැටිවය.

ඔහුගේ මෙදා ගමනේ සුවිශේෂ පරමාර්ථයක්ද වේ

එය නම් ඔහු නිර්මාණය කළ තනු සහිත ගීත දහනමයක් ඇතුළත් සංගිත තැටියක් නිකුත් කිරීමය.

මොකක්ද මේ සී.ඞී. එක?

මම කළිඳුගෙන් ඇසීමි.

‘‘මම සංගීත නිර්මාණය කළ ගී ඇතුළත් සී.ඞී. එකක්. අද ලෝකයෙම රටාව වෙලා තියෙන්නෙ ගීතයකට මියුසික් වීඩියෝ එකක් හදල අන්තර්ජාලයට එකතු කරන එක. ඒත් ඉස්සර එහෙම නෙමෙයි සී.ඞී. එකක් කරන්නෙ සී.ඞී. එකක් කියන්නෙ අනන්‍යතාවය සටහන් කිරීමක් ඒ නිසා සී.ඞී එක බොහොම වටිනවා. අද සී.ඞී. එකකට වෙළෙඳ පොළක් නැහැ. ලක්ෂ ගානක් වියදම් කරල සී.ඞී. එකක් කළාම හෙට ඒක හොරට ගහල ‘පෙමන්ට් එකේ විකුණන ක‍්‍රමයක් අද තියෙන්නෙ. ඒත් සී.ඞී. එකක් කියන්නෙ වැදගත් කටයුත්තක් හින්දයි මම මේ විදිහට මගෙ ගී නිර්මාණ සී.ඞී. එකකට එකතු කරන්නේ.’’

මම නම් ඔයාගෙ තනු නිර්මාණයක් මුල්ම වරට ඇහුවෙ මේ සිහින හරි පුදුමයි ගීයෙන්

මම කළිඳුට කීවෙමි

ඊට කලින් සුනිල් එදිරිසිංහ අංකල්ට මම ගීයක් නිර්මාණය කළේ’’

‘‘ඒ මොකක්ද?’’

මගෙන් වෙන් වී යන්න පළමුව

වරද මට පවරන්න සොඳුරිය

ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්

වැරදිකරු වෙමි මං

ඔබ යන්න සැනසිල්ලේ

ඔය ගීතයත් ලිව්වේ රවී එයා සිංදුව ලියලා මට දුන්නා. දීලා කිව්වා මේකට මෙලඩි එක දාන්න කියලා

ඉතින් රවීට අවනත වුණාද?

‘‘ඔව් නමුත් මට පොඩි චකිතයක් ඇතිවුණා. මොකද මම ඊට කළින් මෙලඩි දාල නැති නිසා. කෝකටත් මම මෙලඩි එක දාලා තාත්තට කිව්වා අඩුපාඩු කියලා දෙන්න කියලා ඉතින් තාත්තා මට අඩුපාඩු කියලා දුන්නා.’’

කොහොමටත් ඔයාට තාත්තාගෙ ආභාසය තියෙනව ඇතිනෙ.

‘‘ඔව් ඉතිං පුංචි කාලෙ ඉදලම මම හැදුනෙ සංගීත පරිසරයක හැම දවසකම වාගෙ අපේ ගෙදර ගීතයක් නිර්මාණය වෙන පරිසරයක්නෙ තිබුණෙ. ඇරත් තාත්තා මෙලඩියක් දාන හැම දවසකම ඉස්සෙල්ලම තාත්ත දෙන්නෙ මටයි මල්ලිටයි. අපි දෙන්න තමයි තාත්තගෙ පළමුවෙනි. රසිකයො ඉතින් අපි දෙන්නා ඒ මෙලඩියෙ හොඳ වගේම නරකත් කියනවා තාත්තා නිහතමානීව මටයි මල්ලීටයි අවනත වෙලා මෙලඩි එකේ අඩුපාඩුව හදනවා. මේ හින්දා මෙලඩි එකක තිබිය යුතු රහ මොකක්ද කියලා මම දැනන් හිටියා.’’

 

2018-01-05-ent-78

 

ඉතින් සුනිල් එදිරිසිංහ ඔබේ පළමු මෙලඩිය සහිත ගීතය ජනප‍්‍රිය වුණාද?

අපොයි ඔව්. ඒ ගීතය සෑහෙන පිරිසක් බලලා කමෙන්ට් ‘‘එහෙමත් දාලා තිබුණා. හැමෝම වගේ කිව්වෙ ලස්සන ගීතයක් කියලා ඒ ප‍්‍රතිචාර මට හුඟාක් වටිනාකමක් දුන්නා. ඒ නිසා අවස්ථාවක් ලැබුණ හැම වෙලාවකම මම හොඳ මෙලඩි හදන්න උනන්දු වුණා.

නමුත් ඔබ ඉන්නෙ ඕස්ටේ‍්‍රලියාවෙ මේ දුර බැහැර කම් ඔබට බාධාවක් වෙන්න ඇති?

එහෙම එකක් නැහැ. ලංකාවේ ගායකයන්ගෙ ගායිකාවන්ගෙ ප‍්‍රසංග වැඩිපුර තියෙන්නෙ ඕස්ටේ‍්‍රලියාවෙනෙ. හැම සති අන්තෙකම කවුරු හරි ලංකාවෙ කෙනෙක් ඕස්ටේ‍්‍රලියාවට ඇවිත් ප‍්‍රසංගයක් තියනවා. ඒ හැම එකකටම කට කපලා සෙනඟ කොටින්ම කිව්වොත් ලංකාවෙ වත් එහෙම කට කපල සෙනඟ පිරෙන්නෙ නැහැ. ඒ නිසා ඕස්ටේ‍්‍රලියාවට එන ගායන ශිල්පීන් මට නිතර නිතර මුණ ගැහෙනවා.

හැම ප‍්‍රසංගයකටම ඔබ යනවද?

හුඟාක් ඒවට යනවා. ඕස්ටේ‍්‍රලියාවෙ ප‍්‍රසංග සංවිධානය කරන්නෙ ඉන්ද්‍රජිත් නාවින්න ඔහුට තියෙනවා බෑන්ඞ් එකක් ඒත් මේ බෑන්ඞ් එකේ ශිල්පියෙක් නැති දවසට තාල තරංග වාදකයා විදිහට සහභාගී වෙන්නෙ මම. අනිත් අතට රෝහණ වීරසිංහගෙ පුතා විදිහට තාත්තගෙ යාලූවො ටික මාව මුණ ගැහෙනවාමයි.

අපේ රටේ සංගීත අධ්‍යක්ෂණය කරන එකම රෝහණ, රෝහණ වීරසිංහ නොවේ. එහෙත් ලංකාවේ සිටින එකම එක ආදරණීය රෝහණ, රෝහණ වීරසිංහය වරක් ආදරණීය රෝහණ නමින් පැවැත්වුණු ප‍්‍රසංගය පසුව ලොව විවිධ රටවලටද ව්‍යාප්ත විය. ඕස්ටේ‍්‍රලියාවේදීද ආදරණීය රෝහණ ප‍්‍රසංගයක් පැවැත්විණි.

ඒ ප‍්‍රසංගයට කළිඳුත් සම්බන්ධ වුණාද?

මම කළිඳුගෙන් අසමි

‘‘ඔව් මම වාදනයෙන් දායක වුණා මගේ දුව තාත්තා එක්ක සිංදුවකුත් කිව්වා.’’

කොහොමද ආදරණීය රෝහණට ලැබුණු ප‍්‍රතිචාර?

බොහොම හොඳයි මෙහෙ ඉන්න හුඟාක් රසිකයෝ ආදරණීය ‘‘රෝහණ ප‍්‍රසංගය බලන්න ආවෙ පුදුම ආශාවකින්.

රෝහණ වීරසිංහ වඩාත් ප‍්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වුවද ඔහු ගාකයෙක්ද වෙයි. ගමන් මඟක් තිබුණාද මේ පේ‍්‍රම චාරිකාවේ මෙන්ම මුතුකුඩ ඉහළන මල්වරුසාවේද රෝහණ ගැයූ ගීතාවලියෙහි ජනප‍්‍රියම නිර්මාණ වෙයි. රත්තරන් දුවේ මගේ රත්තරං දුවේ ගීතයද නන්දා මාලිනිය සමඟ ගයන්නේ රෝහණය. කළිඳුගේ කටහඬ ඇසුණු සැනින් මට ඇහුණේද ඔහුගේ කටහඬ ගායකයකුට කියාපු කට හඬක් කියාය.

සිංදු කියන්න හිතුණෙ නැද්ද?

මා කළිඳුගෙන් ඇසුවේ ඒ නිසාමය.

‘‘නෑ’’

කළිඳු උත්තර දුන්නේය.

‘‘මට කුසලතාවය තියෙන්නෙ සංගීත නිර්මාණයට. ගායනය මම ප‍්‍රගුණ කරලා නැහැ. අනිත් එක මෙහෙම හිතන්නකො. මම වෙහෙස මහන්සි වෙලා නිර්මාණය කළ තනුවට මමම ගීතය ගායනා කළානම් ජනප‍්‍රිය වෙන්නෙ නැහැනෙ. නමුත් මම හදපු තනුවක් ජනප‍්‍රිය ගායන ශිල්පියෙක් ගායනා කළාම ඒ ගීතය රසිකයො අතරට යනවනෙ. වෙන්න ඕනෙත් ඒකනෙ. අනිත් එක සුදුසුම කෙනා සම්බන්ධ වුණාම ඕනෙම දේක වටිනාකම වැඩියි.’’

රෝහණ වීරසිංහද වරක් මා සමඟ කීවේ ඔය කතාවමය.

‘‘සිංදු කියනවට වැඩිය මම දක්ෂ තනු නිර්මාණයට සංගීත අධ්‍යක්ෂණයට. ඒ හින්ද මම ගීත ගයන එක නතර කළා.’’

රෝහණ කීවේය

ඔහුගේ පුත් කළිඳු දරන්නේද ඒ මතයමය.

එසේ වුවත් රෝහණ වීරසිංහ මෑතකදී අලූත් ගීතයක් ගායනා කළ බව අපට දැනගන්නට ලැබිණි. ඒ අනගාරික ධර්මපාල උපහාර ගීතයකි. එහෙත් ඒ ගැන වැඩිපුර කතා නොකර කළිඳු ගැනම කතා කරමු.

කොළඹ අශෝක විද්‍යාලයෙන්ද ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලද ඔහු පාසල් සමයෙන් පසුව සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගත්තේය. චාමින් කබ්ස් නම් වූ එහි සිටිය වුන් අතර විහඟ විජේසේකර, බිලී ප‍්‍රනාන්දු සහ සංඛ එදිරිසිංහද වූහ. විහඟ, ලක්ෂ්මන් විජේසේකරගේ පුතාය, සංඛ සුනිල් එදිරිසිංහගේ පුතාය, කළිඳු ඕස්ටේ‍්‍රලියා යන්නේ ඔය අතරතුරය.

මොකක්ද කළිඳු ඔයාගෙ සී.ඞී. එකේ නම?

මම යළිත් කළිඳු අමතමි

‘‘තාරකා මල්’’

කවදද ඉතිං තාරකා මල් පිපෙන්නෙ?

මේ මාසෙ 13 වෙනිදා හවස 5 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී තාරකා මල් පිපෙන සන්ධ්‍යාව මනරම් සන්ධ්‍යාවක් වනු ඇත්තේය. මෙදිනට දිවුල්ගනේ. සුනිල් එදිරිසිංහ, ශෂිකා නිසංසලා, ඇතුළු ශිල්පීන්, ශිල්පිනියන් රැුසක් ගී ගැයීමට නියමිතය. එම ප‍්‍රසංගයේ වාද්‍ය වෘන්දය මෙහෙයවන්නේ රෝහණ වීරසිංහය.

මේ ප‍්‍රසංගය රසික ඔබටද විවෘතය.

 

ශාන්ත කුමාර විතාන

 

  2018-01-05-ent-77 2018-01-05-ent-76

අදහස්(0) බැලූවෝ (1341)

පිය උරුමයෙන් මියුරු ගී හදන රෝහණගෙ පුතා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :