2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

බිකිනි වගේ ඇඳුම් මම අඳින්නේ නැහැ

2017 අගෝස්තු මස 16 06:11:19 | deeptha

2017-08-15-ent-197

විලාසිතා නිරූපණ ශිල්පිනියක ලෙස ක්‍ෂේත්‍රයට අත්පොත් තැබූ ඇය අපට හමුවන්නේ සියනෑ කෝරළයෙන්. ඇය නමින් රොෂානි සංජීවිකා. ඇයගේ නිරූපණ දිවිය ගැන කතා කරන්න ඇය පසුගිය දිනක අප හා සම්බන්ධ වුණා. මේ ඒ පිළිබඳ සටහනයි.

 

ඔබ ගැන පුංචි හැඳින්වීමක් කරන්න.

2017-08-15-ent-196මගේ නම රොෂානි සංජීවිකා. වයස අවුරුදු 21යි. මගේ පදිංචිය නිට්ටඹුවෙ. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ මම. මම සැලුන් එකක් කරනවා.

 

නිරූපණයට යොමුවීම සිද්ධවෙන්නේ කොහොමද?

බැන්ඩෙක්ස් වැනි ආයතන කිහිපයක මම විලාසිතා නිරුපණ ශිල්පිනියක ලෙස වැඩ කටයුතු කළා. ඒ මාර්ගයෙන් තමයි මට මේ ක්‍ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ.

 

නිරූපණයට එකතුවෙනවට පවුලේ අයගෙන් කැමත්තක් ලැබුණද?

මුලින් නම් කැමැත්තක් තිබුණේ නැහැ. පස්සේ තේරුම් කරලා දුන්නාම නම් අකමැත්තක් දැක්වුවේ නෑ.

 

විලාසිතා නිරූපණයේදී ඔබ ඇඳුම ගැන සැලකිල්ලක් දක්වනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම ඒක ගැන හිතන්න වෙනවා. ඒක මම අනිවාර්යයෙන්ම බලනවා. බිකිනි වගේ ඇඳුම් මම අඳින්නේ නැහැ. ජැකට්, ත්‍රවුසර්ස් වගේ දේවල් කරනවා.

 

මියුසික් වීඩියෝ හෝ ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

සැලුන් එකේ වැඩත් එක්ක නිරූපණයට යොමුවෙන්න කාලවේලාව වෙන්කරගන්නේ කොහොමද?

සැලුන් එකේ වැඩ කරන්න කෙනෙක් ඉන්නවා. මම හැමවේලේම සැලුන් එකේ රැඳෙන්නේ නැහැ. නමුත් දවසකට එක සැරයක් හරි සැලුන් එකට යනවා. ලැබෙන වැඩ කටයුතු අනුව වෙලාව වෙන්කරගෙන ඒවාට දායක වෙනවා.

 

අනාගත බලාපොරොත්තු මොනවාද?

සැලුන් එක වැඩිදියුණු කරගන්න ඕන. ඉදිරියේදී තවත් ශාඛා කිහිපයක් දාන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම නිරූපණ ක්‍ෂේත්‍රයේ තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

මතක් කළයුතු පිරිසක් ඇති.

නිරෝෂා අබේවික්‍රම, සැලෝන් පතිනි එකේ හිමංසි, රෂ්මි විජේවර්ධන ඇතුළු පිරිස මතක් කරනවා.

 

සටහන - දිනිත් කණිෂ්ක

 

2017-08-15-ent-192 2017-08-15-ent-198   2017-08-15-ent-195 2017-08-15-ent-194 2017-08-15-ent-193

අදහස්(0) බැලූවෝ (2061)

බිකිනි වගේ ඇඳුම් මම අඳින්නේ නැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :