2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

තරුෂි නයනතාරා කසාද බැඳලා....

2017 ජූනි මස 19 17:10:15 | deeptha

2017-06-16-ent-27

පුංචි තිරයේ දේදුණු හා සුජාතා ටෙලිනාට්‍යය තුළින් පේ‍්‍රක්ෂකයාට සමීප වූ ඇය තරුෂි නයනතාරායි. ඇය කාලයක් පෙනෙන්න නොසිටියත් වසර 2 කට පමණ පසු ඇය පිළිබඳ නැවතත් පේ‍්‍රක්ෂකයාගේ අවධානය යොමු වීමට පටන්ගෙන තිබේ. ඒ ඇය මෑතක දී යුග දිවියට පිවිසීමත් සමගය. ඇයගේ අලූ‍ත් කැදැල්ලේ තොරතුරු හා ඉදිරි සැලසුම් ගැන විමසීමට අපි ඇයව සඳැල්ලට එක්කර ගත් ආකාරයයි මේ.

 

තරුෂි කොහොමද ජීවිතේ ?

2017-06-16-ent-28දැන් විවාහවෙලා මාස 2 ක් විතර වෙනවා. මේ අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේ දී තමයි අපි විවාහ වුණේ. සතුටින් ඉන්නවා ඉතින්. ඒක අලූ‍ත් අත්දැකීමක්.

 

දැන් වගකීම් එහෙමත් වැඩියි නේද ?

තනිකඩ ජීවීතේ වගේ නෙමෙයි. දැන් බැඳීම් වැඩියි. හස්බන්ඞ්ගේ වැඩත් කරන්න ඕනේ. එයාගේ වැඩවලට උදව් කරන්න ඕනේ. ඒ අතරේ මගේ වැඩ කටයුතුත් කරන්න ඕනේ. දැන් ඉතින් ටිකක් කාර්යබහුලයි.

 

සැමියාගේ වැඩවලට කොහොමද සහයෝගය දක්වන්නේ ?

එයා ඔෆිස් එකක වැඩ කරන්නේ. එයා එහෙම වද දෙන කෙනෙක් නෙමෙයි. මට ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. අපි දෙන්නා බෙදා හදාගෙන වැඩ කරනවා.

 

ආදර කතාව ගැනත් කිව්ව නම් ?

ටිකක් කල් ඉඳන් අපි දැන හඳුනගෙන හිටියා. ලොකු ආශ‍්‍රයක් තිබුණේ නම් නැහැ. මගේ වයසත් හරි නිසා අපේ ගෙදරිනුත් මට ඒ දවස්වල විවාහ යෝජනා ගෙනාවා. ඒ එකකටවත් මම කැමති වුණේ නැහැ. ටිකක් කල් ආශ‍්‍රය කරනකොට අපි දෙන්නා හිතන පතන විදිය, ගොඩක් දේවල් සමානයි කියලා තේරුණා. ඉතින් එයා මට විවාහ යෝජනාවක් ගෙනාවා. මම කිව්වා අපේ ගෙදරින් ඇවිල්ලා අහන්න කියලා. එයාව දැක්කාම අපේ ගෙදර අයත් කැමති වුණා. එයාගේ ගතිගුණත් හොඳයි. ඒ විදියට තමයි අපේ ආදර කතාව පටන්ගත්තේ.

 

දැන් කොච්චර කාලයක් වෙනවද ආදරය කරන්න පටන් අරන් ?

ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල තමයි අපි යාළුවුණේ. දෙසැම්බර්වල විවාහ ගිවිස ගත්තා. මේ අවුරුද්දේ අපේ‍්‍රල් අපි විවාහ වුණා. කෙටි කාලයක් ඇතුලත හැම දෙයක්ම වුණා.

 

සැමියා මොනවගේ කෙනෙක්ද ?

මගේ සැමියා මම බලාපොරොත්තුවෙන් හිටිය විදියේ කෙනෙක්මයි. මම හිතනවා මම ප‍්‍රාර්ථනා කරපු කෙනා මට ලැබුණා කියලා. එයා මට හරිම ආදරෙයි. මාව ගොඩක් හොඳින් මගේ තාත්තා වගේම බලාගන්නවා. ගොඩක් හොඳ ගතිගුණ තියන කෙනෙක්. එයාගේ පවුලේ අයට වගේම මගේ පවුලේ අයටත් එයා ගොඩක් ආදරෙයි. මට තරහා ගියත් මොනවා හරි කියලා එයා මාව හිනා ගස්සනවා.

 

තරුෂි රඟපානවට සැමියා කැමතිද ?

රඟපෑවට නම් එයාගේ කිසිම විරැුද්ධත්වයක් නැහැ. එයා කියන්නේ මගේ රුකියාව වෛද්‍ය වෘත්තිය නිසා ඒ අතරතුර මගේ ආසාවටයි, දක්ෂතාවයක් තියෙන නිසයි රඟපෑම් කටයුතු කළාට කමක් නැහැ කියලා. මම තවම ටෙලිනාට්‍ය 2 ක විතරයි වැඩ කරලා තියෙන්නේ. ඒ ටෙලිනාට්‍ය දෙකෙන්ම මම පේ‍්‍රක්ෂකයන් අතරට ගියා. මම දැන් පෙනෙන්න නැති වුණාට පේ‍්‍රක්ෂකයන්ට මාව තවම මතකයි. මගේ වෙඩින් එක නිසා තමයි ඔවුන්ට ආයෙමත් මාව මතක් වෙන්න ගත්තේ. ඉතින් එයා කියන්නේ මගේ දක්ෂතාවයක් තියෙන නිසා තෝරා බේරාගෙන හොඳ වැඩ එකකට, දෙකකට සම්බන්ධ වුණාට කමක් නැහැ කියලයි.

 

තරුෂි වැඩියෙන්ම පේ‍්‍රක්ෂකයන්ට සමීප වුණේ සුජාතා චරිතය නිසා නේද ?

දේදුණු චරිතය නිසා මාව විශාල පිරිසක් හඳුනාගත්තා. පළවෙනි ටෙලිනාට්‍යයෙන්ම මාව සුමති සම්මාන සඳහාත් නිර්දේශ වුණා. ජනප‍්‍රියම ටෙලිනාට්‍ය නිලියන් පස්දෙනා අතරටත් මම ආවා. ඒ ටෙලිනාට්‍යයත් ඒ සඳහා නිර්දේශ වුණා. ඒක මගේ ජීවිතයේ මම ලබපු ලොකු ජයග‍්‍රහණයක්. මගේ පළවෙනි ටෙලිනාට්‍යයෙන්ම ප‍්‍රධාන චරිතයක් කරන්න මට වාසනාව ලැබුණා. ඒ නිසා දේදුණු චරිතයටත් මම ගොඩක් ආදරෙයි. හැබැයි මම ගොඩක්ම පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ සුජාතා ටෙලිනාට්‍යයේ චරිතය නිසා කියලා මම විශ්වාස කරනවා.

 

ඇයි දැන් පෙනෙන්න නැත්තේ ?

සුජාතා ටෙලිනාට්‍ය අතරතුර දී මට එයින් ඉවත්වෙන්න වුණා. ඒ වෙනකොට මම මගේ අවසාන විභාගය සඳහා සූදානම් වෙමින් හිටියේ. ඉතින් මට ඒ සඳහා කාලය අවශ්‍ය වුණා. මම ඔවුන්ට දැනුම් දීලා ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත්වුණා. ඊට පස්සේ වෛද්‍ය පුහුණුවීම් සඳහා මට විවිධ ස්ථානවලට යන්න වුණා. ඒ අතරතුර රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ විවාහ වුණා. දැන් තමයි ටිකක් විවේකයෙන් ඉන්නේ.

 

තරුෂි දැන් දොස්තර කෙනෙක්ද ?

මම තවම දොස්තර කෙනෙක් නෙමෙයි. මම තවම ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක්. මගේ ගමේ මම ආයුර්වේද රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. විවාහ වුණාට පස්සේ කොළඹ පදිංචියට ආව නිසා එය කොළඹ ටිකක් ලොකුවට පවත්වාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

තරුෂිට නපුරු චරිතමයි නේද ලැබෙන්නේ ?

දේදුණු ටෙලිනාට්‍යයේ නම් හරිම අහිංසක චරිතයක් තමයි රඟපෑවේ. දේදුණු නපුරු වෙන්නේ ඇයට ආදරේ ලැබෙන්නේ නැති නිසා. සුජාතා ටෙලිනාට්‍යයෙත් ඒ වගේමයි. මලිති නපුරු ළමයෙක් නෙමෙයි. ඇයට ආදරේ ලැබෙනවා මදි නිසා තමයි ඇය නපුරු වෙන්නේ. ඒ චරිත දෙකේම මට කරන්න දෙයක් තිබුණා. ඒ නිසා තමයි මම පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ.

 

ආයෙත් රඟපාන්න ආසාවක් නැද්ද ?

ආයෙත් රඟපාන්න නම් ආසාවක් තියෙනවා. හොඳ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම බාරගන්නවා. මගේ සැමියාත් ඒ සඳහා මට උදව් කරනවා.

 

ඉදිරියට එන්න තියෙන නිර්මාණ තියෙනවද ?

මට චිත‍්‍ර පටයකටත් කතා කරලා තියෙනවා. ඒ ගැන මම තවම හිතලා නැහැ. මිනිස්සුන්ට ටිකක් දැනෙන, මතක හිටින චරිතයකින් ආයේ ආවොත් හොඳයි කියලා හිතෙනවා. මම කලින් සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය දෙකෙත් සම්බන්ධ වුණේ ප‍්‍රධාන චරිතවලට. මම නැවතත් ටෙලිනාට්‍යකට සම්බන්ධ වෙනවනම් ප‍්‍රධාන චරිතයකට තමයි සම්බන්ධ වෙන්නේ.

 

රංගනය ගැන මොකද හිතෙන්නේ ?

මම රංගනය හදාරලා නැහැ. මම හිතුවෙ නැති පැත්තකට මගේ ජීවිතය යොමුවුණා. රංගනයේ හදාරන්න ගොඩක් දේවල් තියෙනවා. මම තවම කලා ක්ෂේත‍්‍රයේ පුංචි තැනක ඉන්නේ. මගේ වෘත්තිය කරන ගමන් හොඳ අවස්ථාවක් ලැබුණොත් රංගනය හදාරලා දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්නත් කැමතියි

 

සැමියා රඟපෑමෙන් ඉවත්වෙන්න කිව්වොත් ඉවත් වෙනවද ?

සැමියා කියන ඕනෑම වෙලාවක මම රඟපෑමෙන් ඉවත්වෙන්න ලෑස්තියි. මට හැම දෙයකටම වඩා මගේ පවුල් ජීවිතය වටිනවා. රංගනය කියන්නේ මගේ ජීවිතයේ එක දෙයක් විතරයි. ඒක මගේ මුළු ජීවිතයම කරගන්න මට ඕනේ නැහැ. මට වෘත්තියක් තියෙනවා. මගේ වෘත්තිය රංගනය නොවන නිසා සැමියා කියන ඕනෙම වෙලාවක මට රංගනයෙන් ඉවත්වෙන්න පුළුවන්. සැමියා කැමතිනම් විතරයි මම රඟපාන්නේ.

 

තරුෂි වැඩියෙන්ම කැමති වෛද්‍ය වෘත්තියටද? රංගනයට ද ?

මම වැඩියෙන්ම කැමති මොනදෙයට වුණත් මට වැඩි නැඹුරුතාවයක් දෙන්න වෙන්නේ වෛද්‍ය වෘත්තියට. මගේ තාත්තා පාරම්පරික වෛද්‍යවරයෙක් නිසා පරම්පරාව රැුකගන්න මට ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න වෙනවා. පොඩිකාලේ ඉඳන්ම ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම මම රංගනයටත් හරිම ආසයි.

 

ඉදිරි බලාපොරොත්තු මොනවද ?

සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න, හොඳ බිරිඳක් වෙන්න, මගේ දෙමව්පියන්ව හොඳින් බලාගන්නත් ඕනේ.

 

හොඳ මවක් වෙන්න ආසාවක් නැද්ද ?

අනිවාර්යයෙන්ම හොඳ මවක් වෙන්නත් ඕනේ. ඊට කලින් ළඟා කරගන්න තව ඉලක්ක තියෙනවා. ඒ ගැනත් තව ටික කාලෙකින් හිතනවා.

 

සඳුනි ඉමල්කා

 

 

අදහස්(0) බැලූවෝ (2081)

තරුෂි නයනතාරා කසාද බැඳලා.... සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :