2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ජයලාලූයි - මමයි වේදිකා නාට්‍යයක එකට රඟපාන්නෙ අවුරුදු 20කට පසුවයි

2017 ජූනි මස 19 13:44:12 | deeptha

2017-06-16-ent-20

අපි අවුරුදු විස්සක්

මේ හිර කඳවුරේ හිටියා

දැන් උන්ට අපට කන්ඩ

දෙන්ඩ බෑ

තව දුරටත් උන්ට අපිව

වැඩැක් නෑ

දැන් උන් අපිව මරල දාවි

 

2017-06-16-ent-23‘‘ගොන්ඩෝලා’’ නාට්‍යයේ ලොකු සහෝදරයා තමයි මෙහෙම කියන්නෙ. මේ ලොකු සහෝදරයා ලෙස මෙම නාට්‍යයේ අපූරු චරිතයකින් හමුවන ප‍්‍රවීන රංගවේදී රොඞ්නි වර්ණකුලය. සුපුරුදු ප‍්‍රහසනාත්මක රංගනයකට එහා ගිය වෙනස් රංගනයකින් ගොන්ඩෝලා හැඩකරන රොඞ්නි සඳැල්ල රසවත් කළ මොහොතකි මේ.

 

රොඞ්නි නිරන්තරයෙන්ම වේදිකාවේ සක‍්‍රීයව සිටින චරිතයක්. ගොන්ඩෝලා නාට්‍යය හැර මේ දිනවල ඔබ දායක වන වෙනත් නාට්‍ය ගැන සඳහනක් කළොත්?

සුපුරුදු පරිදි දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ මධුර ජවනිකා නරි බෑනා නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව මෑත කාලයේ බිහි වූ හොරු හොඳයි නාට්‍යයේත්, අලූත්ම නාට්‍ය ලෙස ගොන්ඩෝලා නාට්‍යයේත් රඟපානවා.

 

‘‘ගොන්ඩෝලා’’ අලූතම නාට්‍ය ගැන කතා කළොත්?

වේදිකාවේදී වෙනත් නාට්‍ය සමග ජයලාල් මට හමුවෙලා තියෙනවා. ඒත් එයාගෙ නාට්‍යයක මම රඟපාන්නෙ පළමු වතාවටයි. වේදිකාවේ මගේ සමකාලීනයෙක්. ඔහුගේ මේ දේශපාලනික ප‍්‍රහසනාත්මක නාට්‍ය නිර්මාණය වේදිකාවට අරුතක් සපයාවි. මෑත කාලයේදී අඩුxවැඩි වශයෙන් ප‍්‍රහසනය රැුගෙන තමයි නාට්‍ය නිර්මාණය වුණේ. ප‍්‍රධාන භූමිකා දෙකක් හරහා දේශපාලන මති මතාන්තර ගැන හරි අපූරුවට කියැවෙන නාට්‍යයක්.

 

මීට පෙර ජයලාල් එක්ක රඟපෑ නාට්‍ය ගැන සහ ඒ මතකයක් ගැන කිව්වොත්?

කාලයකට ඉහත දී අපි දෙන්නා බන්ධුල විතානගේ මහතාගේ ‘සෙනෙහෙබර ඩොලී’’ නාට්‍යයේ රඟපෑව. 87 දී විතර තමයිි ඒ විදියට රඟපෑවේ. ඉන්පසුව නැවතත් අපි දෙන්නා විවිධ කලා කටයුතුවලදී මුණ ගැහුණත් මේ විදියට සම්බන්ධ වුණේ අවුරුදු විස්සකට විතර පසුවයි. ඔහු මුණ නොගැසුණු කාලය ගැන කතා කළොත්. ඒ කාලයේදී ඔහු විශාල ලෙස දැනුම සොයා ගිහින්. බොහෝ දේ ගැන දැනුමැති පුද්ගලයකු බවට පන්වෙලා. අපි තව තවත් කලා කටයුතු සමග අත්දැකීම් ලබාගෙන. ජයලාල් ඇත්තටම බොහොම මිත‍්‍රශීලි චරිතයක්. දැණුමැත්තෙක්. හොඳ නාට්‍යකරුවෙක්, දරුවන්ට දැනුම බෙදා දෙන ඇදුරුතුමෙක්. පසුගිය කාලයේදී විවිධ නාට්‍ය සමග ඔහු කටයුතු කරමින් සෑම අංශයකින්ම වගේ වඩා පරිපූර්ණ චරිතයක් බවට පත්වුණා.

 

මේ නාට්‍යයේ පුහුණුවීම් කරද්දී ඔබ දෙදෙනා අතර වූ සාකච්ඡුා සංවාද එහෙම මොනවද?

දේශපාලනය ගැන ඔහුට තියෙන්නෙ පුළුල් දර්ශනයක්. පිටපත රචනයේදී පවා ඔහු මතු කරන දේ බොහෝ වටිනවා. ඒ නිසා අපටත් චරිතය ගොඩ නගා ගැනීමට පහසුවක් ලැබෙනවා. ඇත්තෙන්ම වේදිකා නාට්‍යයකදී රූප රාමු හැදෙන්න ඕනෑ, එතැනදී කැමරාව වන්නේ මිනිස්සුන්ගෙ ඇස්. අපි මේ නාට්‍යයේ පුහුණුවීම් කරගෙන යන්නෙ තදබදයකින් නෙවෙයි. ඔළුවෙ පීඩනයක් තියාගෙන නෙවෙයි. ඉතාම සැහැල්ලූවෙන්, නිදහසේ, රටතොට සිදුවන දේ ගැන ලෝකයේ සිදුවන දේ ගැන කතා කරමින් අපි ඒ පුහුණුවීම් කරගෙන යනවා.

 

මේ වන විට ඔබ වේදිකා නිර්මාණ කොපමණ සංඛ්‍යාවක් රඟපාලා තියෙනවද?

මට මතක විදියට 51 ක විතර.

 

වේදිකාවේ මේ දක්වා ගත කළ කාලය ගැන දැනෙන්නෙ හැෙඟන්නෙ මොන විදියටද?

ශ්‍රී ලාංකීය වේදිකාවේ නාට්‍යකරුවකුවීම ගැන මට නම් විශාල සතුටක් තියෙන්නෙ. වේදිකාවේ රංගන ශිල්පියා කෙරෙහි පේ‍්‍රක්‍ෂකාගාරය අතර තියෙන්නෙ හොඳ පිළිගැනීමක් වගේම ගෞරවයක්. ඒකත් සතුටකට දෙයක්.

 

වේදිකාව හැර මේ දිනවල ඔබ ගැන කතාවෙන්නෙ?

අලිකතාව’’ චිත‍්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. හිතුවක්කාරි අලූත් චිත‍්‍රපටය තිරගත වීමටත් නියමිතයි.

 

එක්වර වේදිකා නාට්‍ය කීපයකම රඟපාද්දී ඒ ඒ චරිත සඳහා ඇතුළත් දෙබස් අමතක වීම් වන්නෙ නැද්ද? කොහොමද ඔක්කෝම මතක තියා ගන්නෙ?

ඒක ටිකක් සංකීර්ණ බව ඇත්ත. එකිනෙකාට ඥාණ සම්භාරයේ තියෙන විශේෂ දක්ෂතාවයක් විය යුතුයි.

පරිගණකයක් භාවිතයේදී එක් ෆ්‍රෝග‍්‍රෑම් එකක් කරනවා නම් එතෙන්ට අදාළ මතක ගබඩාවේ විතරයි නියැලෙන්නෙ. ජංගම දුරකථනයක සිම් කීපයක් තිබුණත් ඒ වෙලාවට භාවිතා කරන්නෙ අදාළ සිම් එකයි. අන්න ඒ වගේ තමයි.

 

අද දවසේ ඔබගේ පුද්ගලික ජීවිතය ගෙවෙන හැටි කිව්වොත්?

ඉතාම සතුටින් සුන්දරව ගෙවෙනවා. බිරිඳ දරුවෝ එක්ක ඒ සතුට ලබනවා. දුලා දෙන්නා ඉගෙන ගෙන හමාරයි. පුතා මෙවර සා/පෙළට සූදානම් වෙනවා.

 

කලා අංශයට ඔවුනගේ නැඹුරුවක් නැද්ද?

අපොයි බොහොම ආසාවක් තියෙන්නෙ. පුතා පාසලේ සංගීත කටයුතුවලදී ඒවාට දායක වෙනවා. ලොකු දුව නර්තන අංශයේ ගුරුවරියක්. දෙවැනි දුව අංග රචනය ගැන හදාරනවා. ඔවුනගේ ජීවිත ගලා යන්නෙ කලාව එක්කයි.

 

මේ සියල්ල අතරේ රොඞ්නිට රටේ දේශපාලනය ගැන දැනෙන්නෙ කොහොමද?

ඇත්තම කිව්වොත් රටේ දේශපාලනය ගැන කතා කරන්න දෙයක් නැති තරම්. රටේ මිනිස්සුන්ට හරියට සිද්ධ වුණේ ඉඟුරුදීලා මිරිස් ගත්තා වගේ වැඩක්. උදෑසන නැගිට්ට වෙලේ සිට මිනිස්සු ජීවත් වෙන්නෙ පීඩනයකින්. එකතකට ඒකට දේශපාලකයින්ටම බැණලා ඇති වැඩකුත් නැහැ.

මිනිස්සුන්ටත් දොස් පවරන්නට ඕනෑ, අද රටට අවශ්‍ය අලූත් ආණ්ඩුවක් නෙවෙයි අලූත් මහජනතාවක්. ජනතාවගේ හැටියට පාලකයින් බිහිවෙනවා පාලකයින්ගේ හැටියට ජනතාව හැසිරෙනවා. ආතතියකින් තොරව. මේ පවතින රටාව යටතේ ජනතාවට ජීවත්වීමට බැරිවේවි. පාසලක වුණත් ළමයින්ට දැනුම දුන්නාට ආකල්ප බිහිකරන්නෙ නැහැ. දැනුම විතරමයි. එකනේ ටොෆි කොලය පවා පාරට දාන්නෙ. මේ කුණු ප‍්‍රශ්නය දිහා බලන්න. නමුත් දවසකට ටොෆි කොල කීයක් පාරට දානවද කියලා හෘද සාක්ෂියෙන් අහන්න? ඇත්තටම අපිත් හැදිලා ඉන්න ඕනෑ.

 

සඳුන් ගමගේ

 

 

අදහස්(0) බැලූවෝ (1228)

ජයලාලූයි - මමයි වේදිකා නාට්‍යයක එකට රඟපාන්නෙ අවුරුදු 20කට පසුවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :