2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ප්‍රින්ස්ගේ කාමරයට ගියාම මට ඇඩුනා

2017 ජූනි මස 17 14:19:41 | deeptha

 2017-06-16-ent-06

ප්‍රින්ස් මට මුලින්ම මුණගැහුණේ මගේ කුමාර කාලයේදීයි. නාමල් උඩුගම, ග්‍රේෂන් ජයමහ, ආත්මා ලියනගේ වගේ අපි ඔක්කොම එක කාලයේදී මුණගැහුණා. ඒ අපේ වසන්ත කාලයේදිනෙ. ඉතින් එහෙම කාලයේදී ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයාව මුලින්ම මම දැක්කේ සංදර්ශන වේදිකාවේ. ඒ 1994 – 1995 කාලවලදී තමයි. හරි අපූරැ කටහඬක් වගේම වැඩි කතාබහක් නැති බොහෝම නිහඬ චරිතයක්.

2017-06-16-ent-05පහුකාලයේදී අපි සංගීත ප්‍රසංගවලදී නිතර නිතර මුණගැහුණා. වෙනත් රටවල්වලට ගියා. ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ ප්‍රේමණීය අත්දැකීම් සම්බන්ධව මාත් එක්ක කිසිවිටකත් කතා නොකරපු යාළුවෙක්. එයාගේ ප්‍රේමය විරහව හැමදෙයක්ම තිබ්බේ ගීතය තුළයි. විටක අපි කවුරැවත් නොදන්න ඉතිහාස ප්‍රේමයක් ඔහුට තියෙන්න ඇති. ඒ විරහවට, ඒ තනිකමට, ඒ ප්‍රේමණීය කටහඬ ඇතිවෙන්න ඇති. එතනින් එහාට එයා ආදරේ කරන්න බයවුණා. ඒ නිසා මම දැකපු අවාසනාවන්තම තනිකඩයා එයයි. අපි මෙච්චර යාළුවන් විදිහට ආශ්‍රය කළත් මට වෙලාවක් තිබ්බේ නෑ මගේ මිත්‍රයාගෙන් දවල් වරැෙව් ගිහින් අහන්න &ඇයි උඹ මෙහෙම ඉන්නේ... ඇයි මොකද වුණේ කියලා...* ඒක මගේ අවාසනාව වෙන්නත් ඇති. ඒක අහන්න මම ගියේ මගේ යහළුවාගේ මිනිය අරගෙනයි.

එදා ප්‍රින්ස්ගේ කාමරයට ගියාම මගේ ඇස්වලට කඳුළු ආවා. එළියේ කුමාර ජීවිත පෙන්නන, එළියේ කෑගහලා හිනාවෙන, සැහැල්ලුවෙන් ඉන්න, අනිත් අයගේ ප්‍රශ්නවලට උදව් කරන සමහර මිනිසුන්ගේ ජීවිත හරි හුදෙකලාවයි. ඒ කාමරය ඇතුළෙදි මම ඇත්තටම මම මගේ යාළුවාට ‘ගිහින් එන්නම්’ කිව්වා. ඒත්... ඒ කුමාරයාගේ ජීවිතය ඇතුළේ කුමාරියක් හිටියේ නෑ. ඔහුට හිටියේ අම්මා පමණයි. ඒ අම්මා ගියාට පස්සෙ ඔහුට ආදරණීය දෙවන අම්මෙක් හිටියා. ඒ ඔහුගේ සහෝදරිය. එතනින් එහාට ප්‍රින්ස්ට ජීවිතයක් තිබුණේ නෑ. ඔහු සින්දු කිව්වට අපි කවුරැත් නොදන්නා කිසිවකුට කවදාවත් හොයාගන්න බැරි හුදෙකලාවක් තිබ්බා. ඒ නිසයි මම කිව්වේ ‘තනිකඩයාව තනිකරන්න එපා’ කියලා. ඇත්තටම ප්‍රින්ස් අසනීප වෙනතුරැ ඉතා හොඳට සින්දු කිව්වා. ව්‍යාපාර කටයුතු කළා.

මේ වෙලාවේ මිනිසුන් ආදරේ අය අපි කිව්වාම හඬා වැළපෙද්දි, පුංචියට හරි තමන්ට පුළුවන් විදිහට උපකාර කරපු අය හිටියා. ඒ අතරේ කිසිම දෙයක් නොකරපු, විවේචනය කරපු කලාකරැවන්ද අපි අතරේ හිටියා. සමාජ ජාලාවලින් පහසුවෙන් අකුරැ ගහන්න පුළුවන්. ඒත්... ඒ අකුරැවල වටිනාකම අපි තේරැම් ගන්න ඕනේ. මිනිහෙක් වැටුණාම තමන්ට පුළුවන් විදිහට අතක් දෙන්න පුළුවන්නම් ඒක දවසක ලැබේවි.

හැමෝටම හැමදාකම හයිය තියෙන්නේ නෑ. රජ්ජුරැවන්ට පවා හයියක් නැතිව අසරණ වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා නොකර හිටියාට කමක් නෑ, ඒත් කරන කෙනාගෙන් කකුලෙන් අදින්න එපා. හැමදාම අපි හිතුවේ අපේ යාළුවාව තව තත්පරයක් හරි ජීවත් කරවන්න. මම ප්‍රින්ස්ගෙන් කාලත් නෑ... බීලත් නෑ... මම මුලින් ඔහුගේ ගෙදර ගියේ මිනිය අරගෙන. ඒත්... මට දුකයි, ඉතා සුන්දර මිනිසෙක්. ඔහුගේ ජීවිතේ හුදෙකලා බව ගැන අතිශයින්ම මම කනගාටු වෙනවා.

හිනාවෙන හැම මිනිහෙක්ම, සින්දු කියන හැම මිනිහෙක්ම, ඔහුගේ ජීවිතේ තියන සමහර දේවල් අපි පොඩ්ඩක් හරි කියවාගන්නවා නම් එයාට අපහසු වෙන වෙලාවේ අපිට මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා මගේ ආදරණීය මිත්‍රයාගේ නික්මයාමෙන් මම ඉගෙන ගත්තා.

ප්‍රින්ස් කවදාවත් ජීවිතේ පෙළගැස්සුවේ නෑ. එයා තනියම හිතුවා විතරයි. කිසිදෙයක් වචන කළේ නෑ. ප්‍රින්ස් හැමදෙයක්ම හංගගෙන ජීවත් වුණා. මීට අවුරැද්දකට විතර කලින් ප්‍රින්ස් පළමුවෙන්ම රෝගාතුර වෙච්ච වෙලාවේ මට ආරංචි වෙලා මම කඩාගෙන දිව්වා. ඒ සහෝදරිය මට තුන්පාරක් කතා කළා. ප්‍රින්ස් අහලා තියෙනවා ‘මධූට කිව්වේ නැද්ද’ කියලා. මට මගේ පපුව ඒ වෙලාවේ දරාගන්න බැරිවුණා. ඉස්පිරිතාලේ ඇඳ ළඟදි මම ප්‍රින්ස්ට කිව්වා ‘ප්‍රින්ස් මම මධූ’ කියලා. ඒත්... ඒ වෙලාවේ එයාට සිහිය තිබ්බේ නෑ. සිහිය ආවේ ඊට විනාඩි විස්සකට පස්සෙ. මම දැක්ක ගමන් ‘මේ මධූ ඇවිල්ලා’ කිව්වා. ප්‍රින්ස්ගෙ ඇස්වල කඳුළු පිරිලා තිබ්බා. මගේ යාළුවා ගැන ඇත්තටම දුකයි. රෝහලේ ප්‍රින්ස් ඉඳිද්දි අපි ගියාම එයා හිනාවුණා.

එයාගේ සින්දු අපි කියද්දි එයා හිනාවෙලා අහගෙන හිටියා. කිසිම දෙයක් කිව්වේ නෑ. පහුකාලයේදී එයාගේ සහෝදරියව පෙන්නලා මොනවද මට නොතේරෙන භාෂාවකින් එයා දෙයක් කියන්න හැදුවා. එදා ඉඳන්ම එයා දැනන් හිටියෙ නෑ එයාගේ වචන අකුරැ කරන්න. මැරෙන මොහොතෙදි ඔහු නිහඬව සිටියා මිසක ඔහු කිසිම දෙයක් කිව්වේ නෑ.

ප්‍රින්ස් වෙනුවෙන් කීර්ති පැස්කුවල්, ජයන්ත ධර්මදාස, රන්ජන් රාමනායක, සේනක ඇතුළු මිත්‍රයෝ බොහෝ පිරිසක් උදව් කළා. ඒ වෙනුවෙන් මම ඒ හැමෝටම හිස නමනවා. පපුව උණුවෙච්ච හැම හදවතකටම මගේ මිත්‍රයා වෙනුවෙන් මම බොහොම පින් කියලා කියනවා.

ඒත් යාළුවා යන්න ගියා. ඒත් ඔහු වෙනුවෙන් කළ යුතු දෙයක් අපිට තියෙනවා. ඒ වෙනුවෙන් කලාකරැවන් එකතුවෙලා ප්‍රසංගයක් පවත්වන්න තීරණය කළා.

අපි පණ අදින අම්මා තාත්තාව අතහරින්නේ නැති ජාතියක්. අපි හැමවෙලේම උත්සාහ කළේ ප්‍රින්ස්ව බේරගන්න. තත්ත්පරයක් හරි වැඩිපුර ප්‍රින්ස්ව ජීවත් කරවන්න අපි හැමවෙලේම උත්සාහ කළා. ඒ අධිෂ්ඨානය ප්‍රින්ස්ගේ නැගණියගේ හිතෙත් තිබුණා. කොහොම වුණත් ඔහු දැන් යන්නම ගිහින්. ප්‍ුංචි බරක් තියලා ගිහින් තියෙනවා. මේවා විවේචනය කරන අයට නිශ්ශබ්දව ඉන්න කියලා, පුළුවන්නම් මේ මනුස්සයා වෙනුවෙන් සින්දුවක් අහලා මේකට උදව් කරන්න. ප්‍රින්ස් කිව්වට මේ කුමාරයෙක් නෙමේ... මේ අහිංසකයෙක්. බොහෝම අහිංසකයෙක්. ඒ අහිංසකයා විශ්වාස කරපු අපි හැමෝම උදව් කරගමු.

ජයන්ත ධර්මදාස කියන්නේ කලාකරැවන්ට බොහෝ උදව් කරන මනුස්සයෙක්. ප්‍රින්ස්ටත් ඔහු බොහෝ උදව් කළා. රෝහලක සියලු මුදල් අයිති කෙනාට නෙමෙයි යන්නේ. මේ දේ අපි තේරැම් ගන්න ඕනේ.

ඉතින්... මේ ප්‍රසංගය තියන දවසට ඇවිත් ටිකට් එකක් අරගෙන ප්‍රින්ස් වෙනුවෙන් සහයෝගය ලබලා දෙන්න. අවසානයේදී හුදෙකලාවේ තනිකඩයා යන්නම යන්න ගියා...

(පුංචි ඉල්ලීමක් කරන්නම්.... ප්‍රින්ස් වෙනුවෙන් ඔබට පුළුවන් නම් යම් උපකාරයක් කරන්න.... එය ඔහුගේ නැගණියට රෝහලට ගෙවන්නට ඇති ලක්ෂ 25ක මුදලින් නිදහස් වන්නට ලොකු හයියක් වේවි. 8103017799, ශිරෝනි ප්‍රියංගිකා, කොමර්ෂල් බැංකුව, ඇල්පිටිය.)

අදහස්(0) බැලූවෝ (1002)

ප්‍රින්ස්ගේ කාමරයට ගියාම මට ඇඩුනා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :