2017 අගෝස්තු මස 24 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මිලින්ද සඳරුවන්ගෙන් 'ආශිර්වාදය'

2017 ජූනි මස 16 14:44:25 | deeptha

2017-06-14-ent-103 

 

ගීත කලාව මේ වනවිට ජනප්‍රියත්වයට සහ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇත. එවැනි කාරණා මත අද නිර්මාණය වන බොහෝ ගීත පිළිබඳව රසික අවධානය යොමුව තිබේ. ගීතයක් නිර්මාණය වීමේදී වර්තමානයේ බලපා ඇති ප්‍රධාන කාරණාව නම්, ඒ සඳහා නිර්මාණය වන වීඩියෝවය. එතුළින් ගීතයේ ජනප්‍රියත්වයට බලපාන කරුණ බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වන බව බොහෝ දෙනා දන්නා කරුණකි.

කිසියම් ගීතයක ඇති ගුණ අගුණ කෙසේ බලපානු ලැබුවත්, එය ගීතයේ නැරඹුම් ප්‍රමාණයට හේතුවෙයි. ඒ ආකාරයෙන් යූටියුබ් ජාලයේ "Trending" සඳහා ගෙන ඒමට බොහෝ ගීත නිර්මාණ ආයතනය මෙන්ම, අධ්‍යක්ෂකවරුන්ද සිතන කරුණකි. එවැනි වකවානුවක් තුළ නිර්මාණය වන ගීතයක Audio එක පමණක් ජනප්‍රිය නොවී වීඩියෝව පමණක් ජනප්‍රිය වන බව අද වනවිට තහවුරු වී තිබේ.

මිලින්ද සඳරුවන්ගේ "ආශිර්වාදය" නම් ගීතය මේ වනවිට යූටියුබ් ජාලයේ නැරඹුම් වාර්තා අතරට පැමිණෙමින් තිබේ. ගීතයේ ජනප්‍රියත්වයට බලපා ඇති ප්‍රධාන කරුණ වන්නේ එම ගීතය සඳහා නිර්මාණය කර ඇති වීඩියෝවය. තත්කාලීන සමාජය තුළ සිදුවන කරුණක් ගෙන එය නිර්මාණය කිරීම පහසු කාරණාවක් නොවන්නේය.

මිලින්ද සඳරුවන්ගේ බොහෝ ගීත ජනප්‍රියත්වයට පත්ව තිබෙන බව කොයි කවුරුත් දන්නා කරුණකි. ෆීඩ් බෑක් සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔහු රියලිටි තරු මාවතෙන් පැමිණියත්, එම ගමන් මග තමන්ගේ ගමනට ආශිර්වාදයක් කර ගත් කෙනෙකු බව කිව යුතුය. නිකුත් වූ දිනය - 2017 ජුනි 05

ගායනය - මිලින්ද සඳරුවන්

පද රචනය - චතුර වර්ණසේකර

සංගීතය - චතුර වර්ණසේකර

නැරඹූ සංඛ්‍යාව - 127,747

 

2017-06-14-ent-104

අදහස්(0) බැලූවෝ (1168)

මිලින්ද සඳරුවන්ගෙන් 'ආශිර්වාදය' සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :