2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කැලෑ මලේ කොහේ ගියාදෝ

2017 ජූනි මස 13 06:29:49 | deeptha

2017-06-12-ent-111

වසර දෙකකට ආසන්න කාලයක් එන්සෙපලයිටීස් නම් රෝගය හේතුවෙන් රෝගාතුරව සිටි ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගිය 08 වැනිදා අප අතරින් සමුගත්තේය. මිය යන විට කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු 47 වැනි හැවිරිදි වියේ පසු විය.

ප්‍රින්ස් අනූව දශකයේදී තරුණයන්ගේ හද දිනූ නාමල් උඩුගම, ආත්මා ලියනගේ සමගින් ජනප්‍රිය ගණයේ ගීත ගණනාවක් ගායනා කළ ගායකයෙකි. විශේෂයෙන්ම "සුදු මල් පොකුරක්", "සීගිරියේ කුරුටු ගීත", "පෙම්වතුන් සිනා සේ", "වෙරළ කොණක හිඳ", "සඳ රේණු වෑහෙනා", "කැලෑ මලේ කොහේ ගියාදෝ", "මා එදා කියූ දේ", "මා හඬවලා", "මහද ප්‍රේමාදරේ", "ඔබ හා ගෙවූ අතීතේ", "ඔබ පෑ පෙම් සිනා", "සමුගන්න සමුදෙන්න නම්", "සඳ කුමාරියක් දීගෙක යනවා" ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ඔහු, 90 දශකයේ ජනප්‍රිය ගීත ශෛලියේ පුරෝගාමියා යැයිද කිව හැකිය. ඒ සිංහල ගී කැසට්පට ප්‍රචලිතව තිබූ එම යුගයේ වැඩිම අලෙවි වාර්තා තැබූ ගායකයෙකු ලෙස ප්‍රින්ස් හැඳින්වෙන බැවිනි. එසේම ඔහු එකල ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙකු ලෙස හඳුන්වනු ලැබූ අතර, ගායන ලොවේ කුමාරයා ලෙසින්ද හැඳින්විණ.

90 දශකයේ ලාංකීය තුරුණු හදවත් ප්‍රේමණීය ගී ස්වරයෙන් මුසපත් කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත 1970 වසරේ ජුනි 13 වනදා ගාල්ල ඇල්පිටියේදී උපත ලැබූ අතර, ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් අකුරු කළේය. ප්‍රින්ස්, පාසල් සමයේ පටන්ම ගායකයකු වීමේ සිහිනය සැබෑ කර ගන්නේ ජාතික තරුණ සේවා සභාව හේතුවෙනි.

ඒ අනුව ඔහු තම පළමු ගීතයෙන්ම ලාංකීය රසික හදවත් තුළ ලැඟුම් ගත්තේය. එබැවින් තමාටම අනන්‍ය වූ ගායන රිද්මයකින් දශක දෙකක් පුරා ඔහු තුරුණු හදවත් ආමන්ත්‍ර‍ණය කළ අතර, ඒ ජනප්‍රිය ගීතයේ විවිධ හැඩතල මවමිනි.

එහෙත් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයත් සමග ප්‍රින්ස් පැතූ ලොව ඔහු ඉදිරියේම බිඳවැටුණු අතර, කලාකරුවෙක් ලෙස ඔහු හරිහම්බ කරගත් මුදල් ප්‍ර‍තිකාර සඳහා හෝ ප්‍ර‍මාණවත් නොවන සීමාවට පැමිණියේ ඉතා අවාසනාවන්ත ලෙසනි.

අවසානයේ සිය රෝගී තත්ත්වයට ප්‍ර‍තිකාර ගැනීමට වෙනතක් නොවූ තැන නිර්මාණ කිහිපයක් වෙන්දේසියට තැබීමට ඔහුට සිදුවූ අතර, ඔහු අවසාන කාලයේදී ජීවත් වූයේ සිය නැගණිය වූ ශිරෝමි ප්‍රියංගිකාගේ රැකවරණය මැදය.

 

මාලන් විදානපතිරණ

 

2017-06-12-ent-109  2017-06-12-ent-110

 
අදහස්(0) බැලූවෝ (821)

කැලෑ මලේ කොහේ ගියාදෝ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :