2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි පෙත්සමට ඒකල ජනතාවගෙන් සහයෝගය

2017 මාර්තු මස 01 21:28:23 | . , තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනය වන අන්දමින් කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි වීම සඳහා ඒකල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසකට අද ශ්‍රේෂඨාධිකරණය  අවසර   දුන්නේය.

මෙම පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවෙකු වීම සඳහා ඒකළ ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසෙක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය සුනිල් කුරේ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම අවසරය ලබා දෙන ලදී.

මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවූ අතර එහිදී මෙම අවසරය ලබා දෙන ලදී.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන කුණු කන්ද ජා ඇල ඒකළ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට බැහැර කිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් ඊට සම්බන්ධ වීමට ඒකළ ප්‍රදේශයේ ගම්වාසීන් අධිකරණයෙන් අවසරය ඉල්ලා සිටියේය.

එසේම පෙත්සම සම්බන්ධයෙන් වන වැඩිදුර විභාගය ලබන ජූනි 23 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අදහස්(0) බැලූවෝ (206)

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි පෙත්සමට ඒකල ජනතාවගෙන් සහයෝගය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :