2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

බන්ධනාගාර බස්රථවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව

2017 පෙබරවාරි මස 28 22:03:43 | . , ජයන්ත සමරකෝන්

බන්ධනාගාරවල සිට පාතාල ප්‍රබලයන් ඇතුළු විශේෂ ගනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන යෑමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීම කෙරෙහි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.

කළුතර බන්ධනාගාරයේ පෙරේරා (27) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අමාත්‍යංශයේ නිලධාරීන් හා බන්ධනාගාර ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව දෙපාර්ශ්වය දීර්ඝ ලෙස කරුණු දක්වා ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.

අදහස්(10) බැලූවෝ (2039)

බන්ධනාගාර බස්රථවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මැගී 2017-02-28 18:50:11

අශ්වයා ගියාට පසුව ඉස්තාලය වසා දැමුවා වගෙයි. (නි)

අසංග 2017-02-28 21:58:04

දැන් ඉතින් කෝච්චිය ගියානේ! (නි)

මහී 2017-02-28 22:24:20

පාතාලය මර්දනය කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඉන්න කාලේ පාතාලයෝ රටේ ඉන්නෙවත් නැතුව පලාගියා. අන්න එහෙම අපරාධකරුවෝ නීතියට බයවෙන තත්වයක් ඇති වුණොත් හරි යයි. නැත්නම් මේවා පැලැස්තර පමණයි. (නි)

ද සිල්වා බෙර්ලින් 2017-03-01 00:13:24

අපරාධ නඩු විසඳන්න අධිකරණයක් බන්ධනාගාරය තුලම පිහිටුවන්න බැරිද? එතකොට රැඳවියන්ගේත් බන්ධනාගාර නිලධාරීන්ගේත් උසාවි වල වෙනත් නඩු සඳහා රැස්ව සිටින සියගණනක් වන සාමාන්‍ය ජනතාවගේත් ජිවිත ආරක්ෂා වන අතර, අපරාධ නඩු කඩිනමින් විසඳා තීන්දු දිය හැකි වනවා වගේම අපරාධකාරයන්ට ඇප ලබාගෙන සාක්ෂිකාරයන් බිය ගැන්වීමද අඩුවේ (නි)

රන්ජිත් 2017-03-01 01:08:29

නෙවිල් රෝහල බන්ධනාගාරයට පවරාගන්න මෙම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිත් පහළ වේවා. (නි)

සුරේන් 2017-03-01 02:25:11

ඔය දේ වහ වහා ක්‍රියාත්මක කරන්න. එල්ලුම් ගහ දැන්වත් ක්‍රියාත්මක කරන්න. රටට නීතියේ අාධිපත්‍යය වහා අවශ්‍යයි. (නි)

ඩී. ජයදේව 2017-03-01 03:55:55

හරියට ක්‍රියාත්මක ක‍ළොත් එක ගලෙන් කුරුල්ලෝ කීපදෙනෙක්ම මරාගන්න පුළුවන් (නි)

මාලක 2017-03-01 04:14:36

මේක නෙමෙයි විසඳුම. බන්ධනාගාර තුලම විශේෂ බන්ධනාගාර ආරක්ෂක අංශයක් නිර්මාණය කරන්න. විශේෂ තෝරගත් පිරිසක් හොඳින් පුහුණු කරන්න. (නි)

විපුල 2017-03-01 06:57:50

පාතාලේ කට්ටිය දැන් බයවෙන්න ඕනෑ නැහැ එහෙනම් (නි)

තරංග 2017-03-01 09:08:11

දැන් තමයි ගෝඨගේ අගය තේරෙන්නේ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :