2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

බෞද්ධයන්ට වන හිරිහැර නවත්වන්න‘යි තායිලන්ත තානාපතිට සංදේශයක්

2017 පෙබරවාරි මස 28 21:53:09 | . , ඩයනා උදයංගනී , ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

ලොව විශාලතම බෞද්ධ විහාරයක් වන තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානයට හා එරට ගිහි පැවිදි බෞද්ධයින්ට එරෙහිව සිදුවන හිරිහැර වළැක්වීමට කටයුතු කරන ලෙස එරට රජයෙන් ඉල්ලමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත හිමි  ඇතුළු එහි සාමාජිකයෝ පිරිසක් කොළඹ විජේරාම මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් සංදේශයක් භාර දුන්හ.

තායිලන්තයේ හමුදාව හා පොලීසිය මෙම විහාරස්ථානය වට කර එහි සිටින බෞද්ධයන් පලවා හැරීමටත්, එහි විහාරාධිපති ධම්මජය හිමියන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර තිබෙන බව කී ඕමල්පේ සෝභිත හිමියෝ එවැනි ක්‍රියා ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිසේත්ම අනුමත නොකරන බව එම සංදේශය භාර දීමෙන් අනතුරුව පැවසූහ.;

_DSC0874 _DSC0888 _DSC0895
 

අදහස්(18) බැලූවෝ (3091)

බෞද්ධයන්ට වන හිරිහැර නවත්වන්න‘යි තායිලන්ත තානාපතිට සංදේශයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නන්ද 2017-02-28 17:10:42

තායිලන්තයේ පමණක් නොවෙයි, බංගලිදේශයේත් බොදුවන්ට සිදුවෙන හිරිහැර අපමණයි. ලංකාවෙත් එහෙම නොවෙනවා යැයි කියන්න බැහැ. ඒ අයුරින්ම, කිතුනුවන්ද ඉමහත් හිරිහැරවලට මුහුණපානවා. විශේෂයෙන් ගිහි-පැවිදි බොදු නායකයන් ආගමේ නමින් කෙරෙන උත්සව, සංදර්ශන වලදී කරන කැපවීම බොදුජනතාව නගාසිටුවීම සම්බන්ධයෙන් සිදු නොකරන බවකුයි පෙනෙන්න තිබෙන්නේ. (නි)

fb-icon එරන්ද 2017-02-28 17:44:26

අනේ මන්දා බෞද්ධයින්ටම ඇයි මේ හිරිහැර? (නි)

සරණ හිමි 2017-02-28 17:50:49

ලංකාවේ එක්තරා කට්ටියකුත් ආදර්ශයට ගත්තේ ඔය තායි කට්ටිය වෙන්න ඇති කියලා හිතෙනවා (නි)

ශාන්ත 2017-02-28 21:50:59

අනේ හරිම අපරාධයක්. ලංකාවේ ගොඩක් පන්සල් නම් සල්ලි එකතු කරන එකමයි වැඩේ. ඉවරවෙන දවසක් නැහැ, ගොඩනැගිලි ගහලා පුද්ගලික පන්ති වලටත් කුලියට දෙනවා. (නි)

ලලිත් 2017-02-28 22:09:28

මෙහෙත් තව පොඩ්ඩෙන් අර අහවලුන්ගේ නැටිල්ලට ඔය ටිකම වෙන්න තිබුනා. කල් ඇතුව විසඳුන නිසා බේරුනා. (නි)

නිමල් ලලිත 2017-03-01 01:52:01

විරෝධය දැක්වීම හොඳයි. එහෙත් ලංකාවේ සිදිවෙන බොදු විරෝධී වැඩ වලට විරෝධය දක්වන බවක් පෙනෙන්න නැහැනේ. (නි)

හිරාන් 2017-03-01 02:32:19

ලංකාවේ බෞද්ධයන්ටත් වෙලා තියෙන දේවල් සොයා බැලුවොත් හොදයි නේද. (නි)

ගුණසිරි 2017-03-01 02:37:25

මොනවා කියන්නද මොනවා සිද්ධවෙන්න යනවද කියලා තේරෙන්නෙ නැහැ (නි)

කුමාර් (ගල්ෆ්) 2017-03-01 04:08:36

තායිලන්තයේ බොහෝ ආගමික ස්ථාන වල නීතිවිරෝධී ව්‍යාපාර කරගෙන යනවා ආගම මුවාවෙන්. (නි)

හිමාල් 2017-03-01 04:36:50

ලංකාවේ තත්ත්වයත් මීට දෙවැනි නැහැනේ (නි)

දයානි 2017-03-01 04:38:46

තායිලන්තේ විතරද පන්සල් වලට හිරිහැර? ලංකාවේ පන්සල් වලට හිරිහැර නැද්ද? තායි පන්සලට කලින් ලංකාවේ පන්සල් ටික ආරක්ෂා කරන්න (නි)

ඉමේශ් 2017-03-01 05:19:45

අනේ මන්දා මොනවා සිද්ධවෙන්න යනවද කියලා (නි)

සන්වන් 2017-03-01 09:34:49

අපේ හාමුදුරුවනේ, ලංකාවේ බෞද්ධයන්ට මීටවඩා ප්‍රශ්න තිබෙනවා (නි)

පිටබැද්දර ජයා 2017-03-01 10:24:11

අපිටත් තව අවුරුදු විස්සකින් ඉතින් දෙවියන්ගේම පිහිටයි! (නි)

අධිකාරී 2017-03-01 10:38:39

හේතුව කුමක්ද දන්නෙ නැහැ (නි)

සුලෝචන 2017-03-01 10:41:11

කොහෙද ලංකාවේ බෞද්ධයන්ට හිරිහැර වෙන්නේ? (නි)

උපාලි 2017-03-01 15:39:30

මට මෙය නොතේරේ. තායිලන්තය බෞද්ධ රටක් නේද? (නි)

භද්‍රානි 2017-03-01 16:26:59

තායිලන්තයේ සිදුවෙන්නේ මොකක්ද කියන්න මම දන්නේ නැහැ. එ්ත් පිවිතුරු බුදුදහම දඩමීමා කරගෙන දේශපාලකයින්ගේ වලිගයේ එල්ලිලා කරන විගඩම් තලේබාන් වර්ගයේ සංවිධාන වලට ලංකාවේ පොලිසිය හා හමුදාව ක්‍රියාත්මක නොවුණ එක ගැන තමයි බෞද්ධයින් වන අපිට තිබෙන කණගාටුව. හැබැයි මේ දවස් වල නම් පහුගිය කාලේ හිටපු පුහු වීරයෝ වැඩි සද්දයක් නැහැ. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :