2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ගුරුසිංහ ක්‍රිකට් කළමණාකරු තනතුරට එයි

2017 පෙබරවාරි මස 28 21:32:19 | . , දමින්ද විජේසූරිය

1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු ලෙසින් වැඩ බාරගැනීමට නියමිතය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින අසංක ගුරුසිංහ මහතා සියලු අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගම රැඳී සිටීමට නියමිතය.

හෙට හෝ අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත ගුරුසිංහ මහතා බංග්ලාදේශ පිලට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිටම ශ්‍රී ලංකා පිල සමග එක්වනු ඇත.

අදහස්(19) බැලූවෝ (4854)

ගුරුසිංහ ක්‍රිකට් කළමණාකරු තනතුරට එයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ප්‍රසන්න 2017-02-28 16:21:13

හොඳ තීරණයක් (නි)

පාලිත 2017-02-28 17:58:55

වැඩිපුර කයිවාරු නොගසා රට වෙනුවෙන් විශාල සේවයක් කරපු ක්‍රීඩකයෙක් තමයි අසංක ගුරුසිංහ. ඔහුගේ කළමනාකාරිත්වයෙන් රටට හොඳ කලක් යනු ඇත. (නි)

නිමල් 2017-02-28 18:31:17

අනගි පුද්ගලයෙක්! (නි)

ලලිත් 2017-02-28 20:34:36

සුදුස්සාට සුදුසු තැන ලැබුනා (නි)

ජයාත් 2017-02-28 22:23:16

‘ගුරා‘ වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයෙකු පත්කීරීම අපේ ක්‍රිකට් කණ්ඩායම ලබන ලොකු භාග්‍යයක්. ඒ කාලේ අපේ ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ බොහෝ තරඟ දිනවූ අංක 3 ක්‍රීඩා කළ ඔහුත් සමඟ ඉදිරි තරඟ ජය ලබමු (නි)

එරන්ද 2017-02-28 23:38:12

අපෙන් සුබ පැතුම්! (නි)

ද සිල්වා බෙර්ලින් 2017-03-01 00:18:25

වැඩක් කරන්න පුළුවන් පුද්ගලයෙක්. ක්‍රිකට් දැනුම, ඉංග්‍රීසි දැනුම, උගත්කම් යහපත් කල්ක්‍රියාව යන හැම අංශයකින්ම ඉදිරියෙන් සිටින පුද්ගලයෙක්. කළමනාකාර තනතුර පමණක් නොව නවකයන්ට මොහුගේ ක්‍රිකට් දැනුමෙනුත් විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපිට පිතිකරණය අපහසු ඕස්ට්‍රේලියාවේ තණතීරු ගැන මොහුට හොඳ අවබෝධයක් ඇත (නි)

ආනන්ද 2017-03-01 02:59:33

ගුරා නියමයි (නි)

සෙනරත් 2017-03-01 03:28:29

අනුන්ට කැපිලි නොදා, තමන්ගේ දක්ෂතාවයෙන් ක්‍රිකට් ගහපු ගුරා වැනි කෙනෙක් පත්කිරීම ඉතාම හොද තීරණයක්. අපේ රටේ ක්‍රිකට් වලට යහපත් දෙයක් කෙරේවි කියලා හිතනවා (නි)

ධම්ම 2017-03-01 04:07:52

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි මහත්වරුන්ගෙන් කෙනෙක් කළමනාකරණයට එක්වීම සතුටට කාරණයක්. (නි)

fb-icon ලහිරු 2017-03-01 04:37:57

ද සිල්වා,නොදන්නා කතා කියන්න එපා (නි)

නිරේෂ් 2017-03-01 05:12:14

ඉතාම හොඳ තීරණයක්. ඔය අපේ කණ්ඩායම හොඳට හදලා ගන්නවා කියලා අපිට විශ්වාසයි. ඔයාට ඒ දේවල් කරන්න දේව ආශීර්වාදය ලැබෙන්න කියලා මම සුබ පතනවා. (නි)

වර්ණ 2017-03-01 06:36:20

ඕක තමයි ලංකාවේ ඉන්න අයගේ අවාසනාව. ලංකාවේ ඉන්න කෙනෙක් දාන්නේ නැහැ. රට ගිය අය තමයි හොඳ. (නි)

ලාල් 2017-03-01 09:05:27

නියමයි (නි)

සිසිර 2017-03-01 11:02:24

මහේල ජයවර්ධන, රොෂාන් මහානාම හා අනුර රණසිංහ වැනි අප රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙනදුන් අග්‍රගණ්‍ය ක්‍රීඩකයින් බිහිකළ මා ඉගෙනුමලත් නාලන්දා විදුහල් මෑණියන් කුසෙන් බිහිවුන උදාර පුත්‍ර රත්නයක්. කෙනෙහිලිකම් නිසා රටම එපාවී ඕස්ට්‍රේලියාවට ගිය කල එම රටෙන් පිදුම් ලද ලක් පුතෙක්. ඔබගේ පුනරාගමනය නියඟයෙන් ඉරි තැලීගිය ක්‍රිකට් දෙරණට වට එය සරුසාර කරන වැස්සක්ම වේවා! ඔබට ජයෙන් ජයම වේවා. ඔබගේ කළමනාකාරිත්වය යටතේ අප රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජය සලකුණු වේවා! ඔබට ආශීර්වාද වේවා !!! (නි)

මෙන්ඩිස් 2017-03-01 11:09:18

වටිනා තීරණයක්

ජැකී 2017-03-01 11:22:22

අසංක ගුරුසිංහ අංක 3 පිතිකරු ලෙස එවන්නේ නැතුව උපුල් තරංග සමඟ අංක 5-6 පිතිකරු විදියට එවන්න බැරිද?

පාලිත පෙරේරා 2017-03-01 12:03:15

මහත්මා ගති ඇති ක්‍රීඩකයෙක්. හොඳ තීරණයක් (නි)

ප්‍රේමතිලක 2017-03-01 12:16:32

ඔබට සුබ ගමන්! (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :