2017 අගෝස්තු මස 24 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

යුද්ධයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි

විදේශ ඇමති ජිනීවාහිදී කියයි

2017 පෙබරවාරි මස 28 21:29:44 | . , තිළිණි ද සිල්වා

පැවති යුද්ධයෙන් වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට සත්‍ය දැන ගැනීමේ යාන්ත්‍රණය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් , ඒ යටතේ සත්‍ය දැන ගැනීමේ කොමිසමට අදාළ නීති කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට්   මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ  පැවසීය.

මානව හිමිකම් උල්ලංඝණය වීම් වලින් පීඩාවට පත් වූවන්ට යුක්තිය ලබා දීම හා ජාතික සංහිඳියාව ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ  පවතින අධිෂ්ඨානය වෙනස් නොවී පවතින බව  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන මානව හිමිකම් සමුළුව අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

විදේශ අමාත්‍යවරයා  වගවීම හා ප්‍රතිසන්ධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මානව හිකම් කවුන්සිලයේ සාමජික රටවල් 47 හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේද කීය.

“ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීම හා වගකීමෙන් යුතු ලෙස ක්‍රියාකිරීමට 2015 ඔක්තෝබර් මාසයේ සිට වත්මන් රජය සහයෝගය දැක් වුවද ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශවයන් විසින් රජයේ මෙම සද් ක්‍රියාව  විවේචනයට ලක් කරනවා.  එමෙන්ම ඇතැම් අය මෙය පාවා දීමක් හා ද්‍රෝහිකමක් ලෙසද පෙන්වා දී තිබෙනවා“

“පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව අත්කරගත් ඉලක්ක සඳහා දිගින් දිගටම විරුද්ධ වෙමින් ඒවා පිලිනොගමින් පුද්ගලයන් කටයුතු කළද වත්මන් රජය විසින්  2016 වසරේ උතුරේ ජනයාට අක්කර 5,515.98 ක රජයේ ඉඩම් ද අක්කර 1,383.51 ක්ද ලබා දුන් අතර ජනවාරි මස ඉඩම් අක්කර 30.54 ක් ලබා දී තිබෙනවා.“ යයිද පැවසීය.

‘‘එසේම රටේ  සංහිඳියාව උදෙසා වන කාර්ය සාධක බලකාය සමඟ එක්ව ලංකාවේ ප්‍රථම වතාවට උතුරේ ජනතාවගේ අදහස් ලබා ගනිමින් වාර්තාවක් නිර්මාණය කර ඇති තිබෙනවා.‘‘

අදහස්(9) බැලූවෝ (826)

යුද්ධයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

පේදුරු 2017-03-01 00:39:43

අනේ මොකට කියනවද? (නි)

සරත් 2017-03-01 01:35:36

වින්දිතයින් කිව්වේ? (නි)

නිමල් 2017-03-01 03:46:44

යුද්ධයේ වින්දිතයන් ඉන්නේ උතුරේ විතරද? ඒ අයට විතරද ඉඩම් නැත්තේ? එල් ටී ටී ඊ එකේ ත්‍රස්තවාදීන් විතරද අසරණ වුණේ? ලංකාවේ නිල හමුදාවට හානියක් වුණේම නැද්ද. මායිම් ගම්මාන වල සිංහල ජනතාව ගැන බලන්න ඔය කියන ජාත්‍යන්තරය එනවද. (නි)

ටිෂාන් 2017-03-01 03:53:12

වෙනස? මේක තමා වෙනස (නි)

ධම්ම 2017-03-01 04:15:57

වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට බාධාවක් වූ වැටුප් ඉල්ලා උද්ඝෝෂණය කළ සෙබළුන්ට ජලප්‍රහාර එල්ලකිරීම ගැන මොනවද කියන්න තියෙන්නේ? (නි)

පිටිගල මිලානෝ 2017-03-01 05:37:34

යුද්ධයේ වින්දිතයන් ලෙස මුලිකව සැළකියයුත්තේ අබාධිත සහ මියගිය රණවිරුවන් සහ එම පවුල් සහ මායිම් ගම්මාන වල දුක්විඳි ජනතාවයි. මේ අය ගැනද මේ ඇමතිතුමා කතා කරන්නේ? (නි)

විපුල 2017-03-01 07:01:05

දකුණේ බස් බෝම්බ, කෝච්චි බෝම්බ, මහබැංකු බෝම්බ වලින් මියගිය අය ගැන කවුරුත් හඬක් නැඟුවේ නැහැනේ (නි)

සෙනරත් 2017-03-01 10:54:43

ඒ වුණාට හමුදාවල සොල්දාදුවෝ ආබාධිත වෙලා, ඔවුන්ට පැන්ෂන් එක දෙන්නේ නැතුව තවම මහපාරවල දුක් විදිනවා. සමහරුනට ලැබෙන්නේ මාසිකව රුපියල් 1,500 ක් වගේ සොච්චමක්. ඉස්සෙල්ලම මේ උදවියට සළකලා ඉන්න. මේ ඔක්කොම අද වන්දි ඉල්ලන්න හරි ජීවත්වෙන්නේ ඒ සොල්දාදුවෝ නිසා. (නි)

බමුණු ආරච්චි 2017-03-01 12:03:47

දැන් දැන් සිදුවෙන දේවල් අනුව නම් අපිට ඔය සංහිඳියාවෙන් වැඩක් නැත. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :