2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

නැන්දම්මා පලා බෙදද්දී ලේලියගේ මූණ රතුවෙලා

2017 පෙබරවාරි මස 28 09:45:42 | . , තිහගොඩ - උපසේන ලියනගම

අලුතෙන් නිවෙසට කැන්දාගෙන ආ ලේලියට අමුතු සංග්‍රහයක් කිරීම නිසා මංගල ගමනේ පළමු දිනයේම නැන්දා සහ ලේලිය අතර අමනාපයක් ඇති වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.

යෝජනාවක් මත සිදුවූ මෙම විවාහයේ මනාල ජෝඩුව මධුසමය ගත කිරීමෙන් පසුවදා මනාලයාගේ නිවෙසට පැමිණි අතර එහිද කුඩා උත්සවයක් පැවතිණි. කෑම මේසයට වාඩි වූ මනාල යුවළට ඥාතීන් කෑම බෙදූ අතර සතුටු සිනා මැද සියල්ල සිදුවෙද්දී නැන්දම්මා ලේලියට “පලා” වගයක් බෙදමින් කීවේ මේවා වැඩිපුර කෑම ගුණදායකයි කියාය. මනාල ලේලියගේ මුහුණ රතුවිය. කතාබහෙන් තොරව සිටි ඇය පසුව තම සැමියාට “ මාත් එක්ක අම්මගෙ මොකක්හරි තරහක් තියෙනවාද” කියා කීවේ තරමක කෝපයකින්ලු.

(තිහගොඩ - උපසේන ලියනගම) 

අදහස්(14) බැලූවෝ (4292)

නැන්දම්මා පලා බෙදද්දී ලේලියගේ මූණ රතුවෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජනහිත 2017-02-28 05:44:18

පවුල් ජීවිතය රැක ගන්න නම් වහාම වෙනම පදිංචියට යායුතු වේ. (නි)

විමලරත්න 2017-02-28 07:01:59

දෙන්නට දෙන්නා තේරුම් නොගැනීමේ වරද (නි)

පිටිගල මිලානෝ 2017-02-28 07:19:58

අලුත බැඳපු නිසා මොනවද දන්නෙ නැහැ බෙදන්න ඇත්තේ. (නි)

රිතික් 2017-02-28 07:24:04

මට නම් තේරුනේ නැහැ අනේ මේකේ වැරැද්ද (නි)

මහේෂ් 2017-02-28 07:28:25

මෙහි ඇති වරද කිම? (නි)

ක්‍රිෂ් 2017-02-28 09:38:59

මැල්ලුම් ජාතිවල ගුණ නොදත් අලුත ගෙනා මනමාලිට ලොකුවායින් මස් හරි, මාළු කෑල්ලක් හරි පිඟානට බෙදුවා නම් නැන්දම්මාට ඔය කතාව අහගන්න වෙන්නේ නැහැ (නි)

පිටබැද්දර ජයා 2017-02-28 09:49:33

මම නම් කියන්නේ ඇය අඥාන ලේලියක් (නි)

ධම්ම 2017-02-28 10:26:19

සමහර පණ්ඩිත කාන්තාවන් කසාද බැන්ඳහම ඔයවගේ ප්‍රශ්න මතුවෙනවා. (නි)

සරසි 2017-02-28 13:09:48

ඕකට තරහා ගන්න ඕනෑ නැහැ. ඊළඟ දවසේ නමෝ විත්තියෙන් කුස්සියට ගිහින් කොහිල ව්‍යංජනයක් හදලා නැන්දම්මට ආදරයෙන් බෙදන්න මේවා අපි කාටත් ගුණයි කියලා. (නි)

විපුල 2017-03-01 06:43:25

සරසි, කොහිල කවන්න ඕනෑ ඔය ලේලිට. පලා කියන්නේ වැරදි දෙයක්ද? කොල්ලට දෙයියන්ගේම පිහිටයි! (නි)

fb-icon එරන්ද 2017-03-01 09:53:46

මේ විරසකය ඉස්සර ඉඳලම තියෙන එකක්නේ (නි)

අරවින්ද 2017-03-01 10:58:25

පල නොකියා පලා බෙදලාවද්ද? (නි)

තේජාන්විත 2017-03-01 13:04:03

හරිම මෝඩ ලේලියක්නේ. මොන පලා වර්ගයද ගුණදායක නැත්තේ? (නි)

සෙලනිකස් 2017-03-01 15:04:33

මෝඩ නැන්දම්මා කෙනෙක්නේ. අලුතින් නිවසට ආ සාමාජියකයාගේ මනස තේරුම්ගෙන එයට සුදුසු විදිහට හැසිරුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :