2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

දේපොළ වත්කම් සාපයක් වුණු ‘සමයං‘ගේ සෝබර පාපොච්චාරණය

2017 පෙබරවාරි මස 27 23:04:56 | . , බිඟුන් මේනක ගමගේ

11430114_1597414230547904_-big-pic

රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ගැන රට පුරා පුවත් පැතිරෙන්නට ගත්තේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම පාතාල නායකයකුට වෙඩි තැබීමේ පුවත සමගය.  දකුණු උරහිසට වැදුණු වෙඩිපහරින් ජීවිතය බේරාගන්නට රණාලේ සමයංට එදා හැකිවිණි. එහෙත් තමන්ගේ ජීවිතයට ද අකාල මරණයක සෙවණැලි වැටී ඇති වගත් පාතාලයේම උණ්ඩයක් ඉතා ඉක්මණින්ම තමා සොයා එන බව සමයං එදින පසක් කරගත්තේය.

මහඋළුගෙදරින් පිටත ලෝකයට නැවත පියමැන පාතාල ඉසව්වේ අවි අත නොදරා අතීතයට සමුදෙන්නට හැකිද යන සිතුවිලි මාලාවක සමයං තනි වූ මොහොතක් ද විය. සමයංට පාපොච්චාරණයක් කරන්නට අවශ්‍ය විය.

 ලියුම්කරු සමංයව සම්බන්ධ කරගත්තේ ඒ අනුවය. මතුදැක්වෙන්නේ මාරයා දැක දැක තම අතීතය හා අනාගතය ගැන ඔහු පුවත්පතක් හමුවේ කළ එකම කතාවයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන ලෝක නියමයට අනුව අද සමයං ජීවතුන් අතර නැත. එහෙත් සමයංලා බිහි කරන සමාජ වටපිටාව වෙනුවට වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් දරදිය අදින්නට මුළු මහත් සමාජයට ඔහු වැටී සිටි අඩිය තේරුම්ගැනීම වැදගත් වනු ඇත.  

මම අරුණ කියන්නද? සමයං කියන්නද?

අවුලක් නෑ. අරුණ කියන්න.

ඇයි එතකොට සමාජය ඔබට සමයං කියන්නේ?

යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි..

ඔබට චණ්ඩියෙක් වෙන්න ඕනෑ වුණා. එහෙමද?

මට චණ්ඩියෙක් වෙන්නවත් පාතාලයෙක් වෙන්නවත් ඕනේ නෑ. මට දැන් පාඩුවේ ජීවත්වෙන්නයි ඕනෑ. ඒත් ඒකට ඉඩක් නෑ.

ගම්පළාත කොහේද?

මගේ උපන් ගම පොළොන්නරුව. මම ඒක දැනගත්තෙත් පස්සෙ. 

ගුරුවරු දෙන්නෙක් අම්මා තාත්තා වුණා කියන්නේ ඇත්තද?

ඒවා ඇත්ත. ඔවුන් තමයි මාව හදාගත්තෙ.

පවුලේ සහෝදර සහෝදරියො?

කවුරුවත් නෑ. මට මම විතරයි.

අධ්‍යාපන කටයුතු කළේ?

බෝමිරියෙ.

කුඩා කාලෙ ගෙවුණු හැටි ගැන කිව්වොත්?

මම 5 වසරෙදි තමයි තාත්තා මියගියේ. අපිට දේපළ ගොඩක් තිබුණා. අම්මයි මායි විතරක් නිසා දේපළවලට වහ වැටුණු අය අපට ප්‍රශ්න ඇතිකළා. මම ඒ අසාධාරණ වැඩ ගැන කතාකරන්න ගියාම හදාගත්ත එකා කියමින් මිනිස්සු මාව කොන්කළා.

ඥාතීන් උදවු කළේ නැද්ද?

ඥාතීන් අපි දෙන්නාව කොන්කළා. උදවු කරන්න කවුරුත් ආවේ නෑ.

පාසැලේ අධ්‍යාපන වැඩවලට මොකද වුණේ එතකොට?

මම ඕ ලෙවලූත් පාස් වුණා. ඒත් ඒ ලෙවල් කරන්න වැඩ කරගෙන යද්දි තමයි ප්‍රශ්න ආවේ.

කැමැත්තෙන් හදාරපු විෂයන් තිබුණාද?

ඔව්. සිංහලවලටයි ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ.

කොහොම හරි ඒ ලෙවල් කරන්න ඕනෑ කියලා හිතුවෙ නැද්ද?

ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි අම්මවයි ගමෙන් එලවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. මට අවස්ථා කීපයකදීම පහරදුන්නා. ඊටපස්සෙ තමයි මේ තත්ත්වෙට වැටුණේ.

කරදර වුණා කිව්වේ මොනවද?

තාත්තා නැතිවෙලා අවුරුදු දෙක තුන යද්දී මාව එලවන්න බොහෝ අයට ඕනෑ වුණා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපොල වත්කම්.  ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලිසියට පැමි‚ල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්.

මේ දේවල් වැඩිහිටි කෙනෙකුට ගුරුවරයෙකුටවත් කිව්වෙ නැද්ද?

එතකොට මම ටික ටික යාළුවොන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලූවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.

අතට කීයක් හරි හොයාගන්න ඕනැ කියලා අදහස් ආවද?

නෑ.නෑ..මගේ අම්මා මට කරන්න පුළුවන් උපරිමෙන් සැළකුවා. අපිට කඩ තිබුණා. ඒ ටික බලා කියාගෙන හිටියෙ.

පාසැල් කාලේ ප්‍රේම සම්බන්ධකම් තිබුණා ද?

ප්‍රේම සම්බන්ධකම් තිබුණත් ඒවා ගැන ගැඹුරින් හිතන්න මගේ මනස හැදිලා තිබුණේ නෑ. 2004 තමයි මම ඕ ලෙවල් කළේ. ඊටපස්සෙ මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට.

මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ කවදද?

2007 දි.

මොකද්ද හේතුව?

තුවක්කුවක් තියාගෙන හිටිය කට්ටියක් ළඟ මම හිටියා කියලයි ඇල්ලූවේ. එහෙම අල්ලන් ගිහින් පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුලට දැම්මා. එතැනින් තමයි මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යන්න පටන්ගත්තේ.

ඉස්සෙල්ලාම පොලිස් අත්අඩංගුවට පත්වෙද්දි මොකද හිතුණේ?

මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොන්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා. පොලිසියෙන් දාපු බෝම්ඛෙ තමයි මාව මේ තත්ත්වෙට පත්කළේ. නැත්තන් අද මම මේ වගේ තැනක නෑ.

නැවත හිරෙන් එලියට එන්නේ?

2009 දි.

විවාහක ද?

ඔව්. 2014 තමයි විවාහ වුණේ. මට දරුවෙක් ඉන්නවා.

වැටුණු වළේ හැටියට දරුවාගේ අනාගතේ ගැන මොකද හිතන්නේ?

මම වැටුණු සමාජයට දරුවා වැටෙන්න ඉඩදෙන්නේ නෑ. මම දරුවාව මෙහේටවත් ගෙන්නගන්නේ නෑ. මොකද මට ඉන්නෙ දැන් අම්මයි බිරිඳයි දරුවයි.

ඔබ සමඟ සිටි මිතුරනුත් මේ තත්ත්වෙ එක්ක අනතුරේ වැටෙනවා නේද?

ඔව්. ඒක අනිවාර්යෙන් වෙනවා.

ඔඛෙන් පළිගන්න විරුද්ධ පිලට දේශපාලන සහායත් ලැඛෙනවා යැයි කියන්නෙ ඇත්තද?

 ඔව්. මමත් එහෙම හිතනවා.

දේශපාලන වැඩවලට කාට හරි වැඩ කළා ද?

මගේ සම්බන්ධවීමක් නෑ. මගේ හිතවත් පිරිස නම් දේශපාලන වැඩවලට උදවු වුණා.

ජීවිතේ වෙනස් කරගෙන අලූත් ලෝකයකට යන්න හිතෙන්නේ නැද්ද?

මම අලූත් ලෝකයකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි නැවත කරදර කරන්නේ. බිරිඳයි දරුවයි එක්ක විදෙස්ගත වෙලා පාඩුවෙ ජීවත්වෙන්න හැදුවේ. මට උසාවියෙදි වෙඩිතියන්නේ මම වෙනස්වෙන්න හිතන් ඉන්නකොට. කඩුවෙල කුඩු විකුණන්න එපා කිව්වා කියලයි මට වෙඩිතියන්නෙ. මම වෙනස්වෙන්න හදද්දී මගේ කොල්ලො මරනවා.

තාම අවුරුදු විසි හයයි. ජීවිතේ ආපු වේගෙ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?

මගේ ජීවිතෙ වේගවත් කළේ සමාජය. මට ඔය ගහන හංවඩුවල තරම් දේවල් මම කරලා නෑ. මගෙන් කරදර වුණේ මාව මේ තැනට දාපු අයට විතරයි.

ඔබේ ජීවිතේට අනතුරක් වුණොත්?

මට තාමත් ජීවත්වෙන්න ගෙදර පරිසරය තිඛෙනවා. මම කරදර කළේ මට කරදර කළ අයටයි. මම වැදගත් පවුලක කොල්ලෙක්. මම නැතිවුණත් මගේ දරුවාට ඒ වගේ වැදගත් අනාගතයක් ලබාදෙන්න ඕනෑ. මට වෙච්ච දේවල් දරුවාට වෙන්න මම ඉඩතියන්නේ නෑ.

 1471338_1598127363809924_749341455583647506_n 11430114_1597414230547904_679976894606087617_n 16939572_1103672646409947_7429601742962278873_n 17021962_258430001275294_5542454879861079157_n 17022242_156217824893696_6370300314718279166_n

 

 

 

අදහස්(66) බැලූවෝ (49060)

දේපොළ වත්කම් සාපයක් වුණු ‘සමයං‘ගේ සෝබර පාපොච්චාරණය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අනුර ඉලන්කොන් 2017-02-27 18:11:24

ඇත්තටම අපේ සමාජය බොහෝ මිනිසුන් වගේම අහිංසක ගැහැනුන්ද මේ තත්වයට පත්කර තිබෙනවා. එය අපේ රටේ අවාසනාවන්ත තත්වයක්! (ත)

මහින්ද 2017-02-27 18:35:14

ඇත්තද නැද්ද දන්නේ නැහැ මේ කියන දේවල්. හැබැයි, පොලිසිය කාගෙන්හරි පලිගන්න ඕනැ වුණහම මේ වගේ දේවල් කරන බව නම් රටම දන්නවා. (නි)

ධම්ම 2017-02-27 18:43:20

"පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුළට දැම්මා". අපේ පොලීසිය එහෙම කරයිද? (නි)

නුවන් 2017-02-27 18:56:36

ගොඩක් අය ඔහු ජීවත්වෙනකම් පාතාලයා කියලා හංවඩු ගැහුවා. දැන් අපි ඔප්පු කරන්න හැදුවට වැඩක් තියෙනවද අහිංසකයෙක් කියලා. (නි)

නුවන් 2017-02-27 19:21:42

පොලිසිය වගකියන්න ඕනෑ මේ තැනට පත්කළාට. ඔහුට මතු සසරේ මේ වගේ අකල් මරණයක් නොවෙන්නත් සංසාරේ බිය අවබෝධ කරගෙන නිවන් මඟට යන්නත් අවස්ථාව ලැබේවා!! (නි)

උපාලි 2017-02-27 19:52:50

හැම අපරාධකාරයම බළල් පැටවූ වගේ හරි අහිංසකයි. ඔවුන් කියන හැටියට සමාජය තමයි වැරදි. සමාජය තමයි මේ අහිංසකයින් නරක් කළේ. එතකොට මේ සමාජයේ ඉන්න අනික් මිනිස්සු ලක්ෂ ගණන නරක්‌ වුණේ නැත්තේ ඇයි? ඒ හින්දා, සමාජය හිරේ දමලා අපරාධකාරයින්ට රට පාලනය කරන්න දෙමුද? (නි)

සුසිල් 2017-02-27 19:57:33

ඔන්න අපේ පොලීසිය ගැන හොඳ චරිත සහතිකයක්. (නි)

නිහාල් 2017-02-27 20:03:39

බෝම්බයක් දාලා ඇතුළට දැම්ම කතාව ඇත්ත නම් ඒ පොලිස් නිලධාරියා මනුස්සයෙක්ද? එතකොට ඕනෑම කෙනෙකුව ඔය විදිහට ඇතුළට දාන්න පොලිසියට පුලුවන් නම් ලොකු අඩුවක් නීතියේ ඇත (නි)

නිමල් රාජපක්ෂ 2017-02-27 21:07:15

මොහු කියන විදිහට සමාජය මොහු මේ තත්වයට පත්කළා නම්, සමාජය විසින්ම එය නිවැරදි කළයුතුයි. එසේ නොමැතිනම් තවත් මෙවැන්නන් බිහිවීම වැළැක්විය නොහැක (නි)

චන්ද්‍ර වීරසිංහ 2017-02-27 21:28:00

හිත හොඳ කොල්ලෙක්!! ශේප් එකේ ඉඳගෙන බිස්නස් එකක් කරන්න තිබුනා. නැත්නම් ටික කාලයකට හෝ වෙන පළාතක රැකියාවකට යන්න තිබුනා. (නි)

ප්‍රදීප් 2017-02-27 23:06:49

සමාජයේම වරද කියන්න බැහැ. මේ මනුස්සය පොඩි කාලෙම බජාර් එකට බැහැපු එකෙන් වේගවත් ගමනක් ගිහින්. මෙවැනි ප්‍රශ්න ආ මිනිස්සු ඒවා මඟහැරලා තමන්ගේ අනාගතේ සරු කරගත් කතා මම ඕනෑතරම් අහලා තියෙනවා. ඉන්න තැනක් නැතුව කන්න නැතුව හිටපු ළමයිත්, එකම ඇඳුම ඇඳගෙන පාසල් ගිහින් රැකියාවක් සොයාගෙන නැද්ද. ගුරුවරු දෙපලක් මෙයාව අරන් හදාගෙනත් මෙහෙම වුණේ මෙයාගෙත් වැරදි නිසා (නි)

හසන්ත 2017-02-27 23:07:20

මොහු කප්පම් ගනිද්දි හිතන්න තිබුණා තමන් මේ තැනට වැටුනා වගේම තව දහස් ගානක් මේ තැනට වැටෙනවා කියලා. මොහුට කප්පම් ගෙවන්න වුණ අය රතිඤ්ඤා පත්තු කරලා කියලා ආරංචියි මොහු මියගියාට පස්සේ. හැමෝම මේ කතාවෙන් ඉගෙනගත යුතු දේ තමයි, තමන්ට අකටයුතු කමක් වුණා කියලා වැරදි මාර්ගයෙන් ඒකට විසඳුම් සෙවීම නිදහසට කාරණයක් නොවන බව. (නි)

ප්‍රියදර්ශනී 2017-02-28 01:05:15

ලංකාදීපයට ස්තූතියි අපි නොදකින පැත්තක් අනාවරණය කරදීම ගැන (නි)

fb-icon ලෙස්ලි ජයවර්ධන 2017-02-28 01:55:32

මේ වගේ මිනිස්සු නිසා පීඩාවට පත්වුණ ජනතාව බොහොමයි (නි)

සිසිර 2017-02-28 02:01:39

මේ ලිපිය කියවද්දි අපේ පොලිසිය ගැන ඇති වෙන්නේ තරහක් (නි)

හේමන්ත 2017-02-28 02:21:08

ඔහු මැරෙන්න කලින් මේ සාකච්ඡාව අපිට දකින්න ලැබුනා නම්.... (නි)

නිලූක 2017-02-28 02:49:25

ඔහු හිතහොඳ පුද්ගලයෙක් (නි)

යහපාල 2017-02-28 02:51:42

පොලිසියේ අඩුපාඩු වහගන්න මේ වාගේ වැඩ කරනවා. හරිම කණගාටුයි මේ ධර්මද්වීපයේ සිද්ධවෙන දේවල් වලට (නි)

සතිෂ් 2017-02-28 03:19:53

අනේ අනිච්චං! (නි)

දනූෂා 2017-02-28 03:35:28

උපන් ගම පොළොන්නරුව. රටට ගිය කල හැබෑට (නි)

නිෂාඩ් ප්‍රීනා 2017-02-28 03:36:30

හොඳ මිනිසුන් හුඟ දෙනෙකුන්ව නොමගට යවන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ සල්ලි වලට සහ යම් යම් දේවලට කෑදර සමහර පොලිස් නිලධාරීන්ගේ පොලිස් සේවයට නොසුදුසු ක්‍රියාකලාපයන්. මම නම් කියන්නේ එවැනි සමාජ තත්වයන් ඇති කරන ඔවුන්ගේ පවුලේ අයට නම් හොඳක් සිද්ධ වෙන්න එපා කියලයි. උසාවි වලට ගිහිල්ල මේවා ගැන සාධාරණත්වය බලාපොරොත්තු වෙනවට වඩා හොඳයි දේවාල සහ කෝවිල වලට ගිහිල්ලා පිඩාවට පත්වූවන් විසින් පොල් ගහන එක. ප්‍රතිපල අත්දුටුයි. එහෙමවත් මේ කුහක අය එවැනි වඩා නොකර ඉඳීවි. (නි)

යෝනක 2017-02-28 04:03:29

සියළුදේට මූලික වෙන්නේ මිනිස් සිතයි (නි)

අරුණ 2017-02-28 04:17:29

මෙමපුවතපත් සාකච්ඡාව දුටුවිට සමයං ගැන ඇතිවුණේ දුකක් (නි)

අසංග 2017-02-28 05:03:23

මේ කියපු දේ යම්කිසි ප්‍රමාණයක අැත්තක් ඇති. ඒ වුණාට මේ සමාජෙට දොස් කියන්න බැහැ. මෙයා තමා ජීවිතේ නරක විදියට තමන් විසින්ම හදාගෙන තියෙන්නේ. (නි)

ලක්මාල් 2017-02-28 05:20:00

මේ පුද්ගලයා ගැන අනුකම්පා කිරීම හෝ නොකිරීම නොවෙයි ඔහු පටන් ගන්න තැනයි කතාව ඇත්තේ. බොහෝ දෙනෙකුට කරදර ඇත්තේ තමාගේ අයගෙන්ම බව ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇති. වැඩියෙන් තමන්ට වෛර කරන්නේ කවුද කියලා බැලුවොත් ඒ තමන්ගේම අයයි. හොඳින් ඉන්න කෙනාට හිරිහැර කරන්නේ මොකක් හෝ ගැටුමකට පටළවා ගන්න මඟක් තමයි හොයන්නේ. තම දේපල කොහොමද අල්ලාගන්නේ කියලා බලනවා. (නි)

fb-icon දීලීප 2017-02-28 05:19:28

පොලිසියේ අයට වතුර ටිකක්වත් දෙන්න හිතෙන්නේ නැහැ (නි)

උදිත 2017-02-28 05:31:25

පොලිසියෙන් කරන තවත් වැඩක් තමයී මිනිස්සු බොරු නඩු වලට පටලවන එක! හරිම අවාසනාවන්ත තත්වයක් ලංකාවේ තියෙන්නේ. (නි)

විජේපාල 2017-02-28 05:36:10

තමන්ගේ වැරදි වෙන අය පිට පවරලා වැඩක් නැහැ (නි)

සාමශාන්ත 2017-02-28 05:45:06

පොලිසිය එහෙම වැඩ කරයිද කියල අහන අය දන්නේ නැහැ වගේ අපේ පොලිසියේ වැඩ ගැන. (නි)

රොහාන් 2017-02-28 05:45:14

‘සමයං‘ ගැන ප්‍රථම වරට දුකක් දැනුනා (නි)

ඩී. ජයදේව 2017-02-28 06:01:57

රාජකාරිය කරන්න ගිහින් දිවිදුන් නිලධාරීන්වයි වීරත්වයට පත්කරන්න ඕනෑ (නි)

fb-icon රංග 2017-02-28 06:01:08

සහතික ඇත්ත. මටත් මේ අත්දැකීම් තිබෙනවා (නි)

අරුණ 2017-02-28 06:07:11

වැරදි කරලා සමාජයට දොස් කියන එක ගොඩක් අපරාධකාරයන්ගේ විලාසිතාවක් වෙලා (නි)

සිල්වා 2017-02-28 06:16:34

මේ වගේ මිනිස්සු ඉන්න රටක තරුණ පරම්පරාව රට අතහැර යන එක වළක්වන්න නම් බැහැ (නි)

රොෂාන් 2017-02-28 06:17:33

මොනවා කළත් ඔහු මරලා කියලා මුලින්ම දැනගත්තහම මගෙ හිත අස්සෙන් ලොකු වේදනාවක් ආවා (නි)

දොන් 2017-02-28 06:32:44

ඒ කියන විදිහටත්, සමහරු කියන විදිහටත්, ඔහු අහිංසකයෙක් නම් ඔහු හැදෙන්න තිබුණෙම නැද්ද? (නි)

සිරිල් 2017-02-28 06:39:58

දැන් මේ කියන ඒවා ඔක්කොම අපි විශ්වාස කරලා මෙයා අහිංසක බබෙක් කියලා පිළිගන්න ඕනෑ (නි)

ගාමිණී 2017-02-28 06:40:06

සැම වළාකුලකම රිදී රේඛාවක් තියෙනවා. ඒ වගේ සෑම මිනිසෙකුගේම හොඳ පොඩ්ඩක් හරි තියෙනවා. (නි)

එස්. සිල්වා 2017-02-28 06:45:08

සමාජයට දොසක් කියන්න අමාරුයි (නි)

මහින්ද 2017-02-28 06:57:10

පොලිසිය ගැන කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. පොලිසිය කරන මේ අපරාධ කියන්න ස්වාධීන ක්‍රමයක් නැති එකත් ලොකු සමාජ අසාධාරනයක් (නි)

ලෙනෝරා 2017-02-28 07:38:39

අපිට තියෙන්නේ ලෝකෙන්ම හොඳම පොලීසියනේ (නි)

ලලිත් 2017-02-28 08:00:52

අපේ පොලිසියට ඕනෑම කෙනෙක් අපරාධකාරයෙක් කරන්න පුළුවන්. අපේ පොලිසිය හදන්නේ නැතුව රට හදන්න පුලුවන්ද? පොලිසිය කරන දෙයක් ගැන පැමිණිලි කරන්නේ කාටද? මේ දෙය ලංකාවේ ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. (නි)

කුමාර - ඩුබායි 2017-02-28 08:04:38

ගොඩක් පාතාලයේ ඉන්නේ අසරණ වුණු දරුවෝ. මෙම විස්තරය හොඳම නිදසුනක් (නි)

සොපි 2017-02-28 08:15:13

අනේ මන්දා! මොනවා කියන්නද ....? (නි)

බන්දුල 2017-02-28 08:39:15

ගොඩක් මිනිස්සු තමාගේ වැරදි වහගන්න මේවගේ දේවල් කියනවා. පොලිසිය එහෙම කළා කියලා මිනී මරන්න උවමනා නැහැනේ. හැදෙන මිනිහෙක් නම් කොහොමත් හැදෙනවා. ඔය වගේ අය නිසා අහිංසක මිනිස්සු කොච්චර දුක විදින්න ඇද්ද? (නි)

රජින්ද 2017-02-28 09:05:09

මිනීත් මරලා පාඩුවේ ඉන්න හිතනවා නම් මොහුට වෙච්චදේමයි කාටත් වෙන්නේ. උඩ ඉදන් යටටම කුණුවෙලා ගඳ ගහන ශ්‍රී ලංකාව මේ යන විදිහට ගොඩදාන්න බැහැ. හොදින් හෝ නරකින් අහිංසකයි වගේ මේ සමාජේ පිටින් හිටියත්, ඇතුළතින් පිච්චෙන හිත් තියෙන ලංකාවේ මිනිස්සු මේ යන ක්‍රමය වෙනස් කරන්නම වෙනවා. (නි)

සුසන්ත 2017-02-28 09:12:09

මේ වගේ අය සමාජයට බරක් (නි)

මධූ 2017-02-28 09:13:53

උපාලිගේ කතාව එක්ක මමත් එකඟයි. අපිටත් මේ සමාජයෙන් අසාධාරණකම් වෙනවා. ඒවාට පළිගන්න ගියා නම් අපිත් පාතාලයෝ වෙන්න ඕනෑ. පාතාලයට සුදු හුණු ගාන්න එපා. පාතාලය තුරන් කළයුතුයි. (නි)

ගමගේ 2017-02-28 09:24:45

පොලිසියට කිසිම අයිතියක් නැහැ මිනිසුන්ට ගහන්න. එක නීතිවිරෝධි ක්‍රියාවක්. වැරදි කරන අයට අඩම්තේට්ටම් කරලා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ව හරි මගට යවන්න කටයුතු කරන්න ඕනෑ. පොලිසියට මේ කටයුතු මර්දනය කරන්න පුළුවන්. මුලින්ම මේ අය මෙවැනි දේවලට ඇබ්බැහි වෙන්න හේතුව කුමක්ද කියා සොයා බැලීම ඉතාම වැදගත්. මිනිස්සු කවුරුත් වැරදි කරනවා. වැරදි හදාගෙන ඉදිරියට යාම තමයි ඉතාම වැදගත්. (නි)

සුරාජ් 2017-02-28 09:29:18

අරුණලාව සමයං කරන සමයංලාට නැවත අරුණලා විමට ඉඩනොදෙන මේ සමාජය වෙනස් වියයුතුයි. (නි)

කරුණාරත්න ගම්පොල. 2017-02-28 10:09:27

පළමුව ඔබගේ, භවගමන කෙටිවී නිර්වාණය අවබෝධ වේවා! හැදෑරුවත් නැතත් අප ජීවත්වන සමාජයට බොහෝ කාරනා ඔබගෙන් උගත හැකිවීමම නිහඬව කළ සේවයක්. දේපොළ වලට ලොල්වී අනුන් තලාපෙලා හැසිරුණ අයටත්, බොරු චෝදනා කළ බව ඇත්තක් නම් එම පොලිස් නිලධාරීන්ටත් හෘද සාක්ෂිය පින් පමුණනවා ඇති. ඒ භවගමන බොහෝදුරක් ඇදගෙන යාම උදෙසා. අසරණයන් මෙමඟට යොමුකළ, යොමුකරන දේශපාලුවන්ට ශාපයක්ම වේවා!!! අනෙකුත් අයට උගැන්වූ පාඩමක්ම වේවා!!! (නි)

රුවන් 2017-02-28 10:17:36

මෙහි අපි නොදුටු තවත් පෑත්තක් තිබෙන බව කියවන අය දැනගත්තොත් හොඳයි (නි)

විපුල 2017-02-28 10:27:54

පොලිසියේ රාජකාරියේ තියෙන තත්වය නිසා තමයි එකල ජනාධිපති මරණ දඩුවම අක්‍රිය කළේ. (නි)

රොශන් 2017-02-28 10:32:43

එහෙනම් අම්මා තාත්තා කුඩා කාලයේ නැතිවෙච්ච, දේපළ-වත්කම්-මුදල් ප්‍රශ්ණ තිබුණ හැම කෙනාම පස්සෙ වැඩිහිටියො වුණාම අපරාධකාරයො වෙන්න ඕනෑ. කිතුලට නැග්ග මනුස්සයට කතාවක් තිබ්බා කියනවා වගේ මේ මිනිස්සු අපරාධ පිට අපරාධ කරලත් හැසිරෙන්නේ හතරට ගණින්න බැරි අහිංසක පුද්ගලයො විදියට. (නි)

අතුල 2017-02-28 10:58:13

සමාජ ක්‍රමයම වෙනස් නොකර මේවට පිළියම් නැහැ. මෙහෙම හිටපු අය ඉතා හොඳ මිනිසුන් කළ දේශපාලන පක්ෂත් තියෙනවා රටේ. අසරණ මිනිසුන් මොනතරම් විනාශ මුඛයට ඇද දමනවද? මේවා මහා ඛේදවාචක. කාටද කියන්නේ? (නි)

රුවන් 2017-02-28 12:56:22

පොලිසියට දොස් කියන අය එහෙම කියන්න කලින් මෙයාගේ නියම කැරැට්ටුව දැනගෙන ඉන්න (නි)

ජයසිරි 2017-02-28 12:57:06

අපරාධකරුවෙක් බිහිවෙන්නේ සමාජයේම වරදිනි (නි)

ජ.ග 2017-02-28 12:58:36

මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය වෙළෙඳාම් පාතාල අපරාධකරුවන්ගේ මෙන්ම සමයංගේද ප්‍රධාන ආදායම් මාර්ගය විය. සාමාන්‍යයෙන් එතෙක් මතෛක් බිහි වූ පාතාල අපරාධකරුවන්ට ඔවුන්ටම යැයි කියාගත් ආචාර ධර්ම පද්ධතියක් පවා ඇතත් සමයංට නම් එසේ නැති බව සඳහන්ය. සමයංගේ ගෝලයෙක් දෙස යමෙක් බැලුවත් ඔහුට එල්ල වන්නේ පිහි පහරකි. බුලත් තට්ටුවෙන් පවා කප්පම් ගන්නා බව කියති. සමයංට මෑතකදී කඩුවෙල අධිකරණයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ නඩු කටයුත්තකට ඔහුව බන්ධානාගාරයේ සිට අධිකරණයට ගෙන එන අතරතුරදීය. (නි)

දුමින්ද 2017-02-28 15:05:34

පොලිසියේ පුදුම මිනිස්සුනෙ ඉන්නෙ බලනකොට (නි)

ලංකාසිරි 2017-02-28 16:09:33

හැමෝම හිතන්නේ අපරාධකාරයෝ කියන හැමදෙයක්ම ඇත්ත කියලද? (නි)

ලංකා 2017-02-28 16:13:03

මොහු කර තිබෙන අපරාධ කොතෙක්ද? (නි)

ජයන්ත 2017-02-28 22:56:09

සමාජයට අහිතකර පිළල අතුගා දැමීම ගැන අපි නම් සතුටු වෙමු (නි)

චාමින් 2017-03-01 02:48:08

මෙතන මූලිකම වැරැද්ද පොලිසියේ (නි)

කනිෂ්ක 2017-03-01 03:25:37

මේ මිනිස්සු අපරාධ පිට අපරාධ කරලා හැසිරෙන්නේ හයක් හතරක් නොදන්න පොඩි ළමයි වගෙනේ. (නි)

ගමගේ 2017-03-01 13:37:09

'වැටත් නියරත් ගොයම කා නම් කාට පවසම් ඒ අමාරුව' මෙහෙම කිව්වේ අපේ පැරණි මිනිස්සු. (නි)

මාර්ලන් ඩී. සිල්වා 2017-03-01 16:36:48

මොහුගේ පාපොච්චාරණය සත්ත්‍යක් නම් ඔහුට ජීවිතයට අත්වූ ඉරණම ඛේදජනකයි. දෙමවුපියන් නැතුව හදාගත් දෙමවුපියන් ළඟ හොඳින් ඉගෙන හැදී වැඩී, මොහු හදාගත් දරුවෙක් බැවින් ඥාතීන් ඇතුළු අන් අය දේපලට තණ්හාව වූ බැවින් ජීවිතයෙන් කුරිරු ලෙස සමුගැනුණු ඛේදජනක අවසානයක හැටි. ලෙහෙසියෙන් මුදල් සෙවීමේ පලවිපාක. ඉදිරි අනාගතේ පාතාලයක් නැතිවේවා! සාධාරන බියෙන් සහ සැකෙන් තොර සමාජයක් බිහිවේවා! (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :