ඉන්දීය ජාතික කොංග්‍රසයේ රාජේන්ද්‍රන් තනතුරෙන් ඉවතට
2017 පෙබරවාරි මස 27 16:35:28 | . , පී.ටි.අයි ඇසුරිනි……055
ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයේ ප්‍රධානියකු වන එස්. රාජේන්ද්‍රන් මහතා ඔහු දැරූ ධුරයෙන් ඉවත් කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොංග්රස් පක්ෂ කමිටු ප්‍රධානි සූ තිරුනාවූක්කාර්සාර් මහතා විසිනි.
ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලද රත්තරං තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසු මෙම පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
“රාමනාථපුරම් දිස්ත්‍රික්කයේ කොංග්රස් පක්ෂ කමිටුවේ සභාපතිධුරයෙන් රාජෙන්ද්‍රන් ඉවත් කර තිබෙනවා. ඔහු පක්ෂයට අපකීර්තියක් ගෙන ආවා” යැයි එම පියවර නිවේදනය කරමින් සූ තිරුනාවූක්කාර්සාර් මහතා සඳහන් කර ඇත.
රාජේන්ද්‍රන් මහතාගේ තනතුරට දේවේන්ද්‍රන් මහතා පත් කිරීමට නියමිත බවත් කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය සහ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි මහතා ඊට අනුමැතිය දීමට නියමිත බවත් ඊට තමිල්නාඩු ප්‍රාන්තයේ කොංග්රස් පක්ෂ ප්‍රධානි මුකුල් වාස්නික් මහතා ද අත්සන් තැබීමට නියමිත බවද කියැවේ.
ඉන්දීය රුපියල් කෝටි 3.58 ක් වටිනා කිලෝග්‍රෑම් 11.9 ක් බරැති රත්තරං ජාවාරමකට සම්බන්ධ යැයි චෝදනා එල්ල කරමින් රාජේන්ද්‍රන් මහතා සහ රාජේන්ද්‍රන් මහතාගේ රියදුරු කේ. ගාන්ධි මහතා දින දෙකකට පෙරදි ඉන්දියාවේ මධ්‍යම සුරාබදු සහ රේගු නිලධාරීන්ගෙන් සමන්විත ආදායම් අධ්‍යක්ෂක මණ්ඩල බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
“රාජේන්ද්‍රන් මහතාගේ උපදසේ පරිදි තමන් චෙන්නායි වෙත රත්තරං රැගෙන යමින් සිටියා” යැයි රාජේන්ද්‍රන් මහතාගේ රියදුරු ගාන්ධි අනාවරණය කර ඇත. එස්. රාජේන්ද්‍රන් මහතා ‘ගුඞ්ලක් රාජේන්ද්‍රන්’ යනුවෙන් ද හැඳින්වේ. ගාන්ධි නැමැත්තා අවුරුදු විස්සකට ආසන්න කාලයක් රාජේන්ද්‍රන් මහතාට සේවය කර ඇතැයි ඉන්දීය ආදායම් අධ්‍යක්ෂක මණ්ඩල බුද්ධි ඒකකය සඳහන් කර ඇත.
ඉන්දීය ජාතික කොංග්‍රසයේ රාජේන්ද්‍රන් තනතුරෙන් ඉවතට සඳහා ලැබී ඇති ප්‍රතිචාර.
මම හිතන්නේ නැහැ නිල් චිත්‍රපට බැලීම වාරණය කළ යුතුයි කියලා (0)
(983)
සති විස්සකින් මලිත් ඇඟ හදාගෙන (0)
(931)
ලිංගිකත්වය කියන එක මේ මහා ලොකු කරගෙන ඒක හරි නැහැ කියන්න මම කැමති නැහැ (0)
(894)
අපි හොඳ දේවල් කළොත් අපිට බැණුම් අහන්න වෙන්නේ නැහැ (0)
(835)
'සොනාලි ටිචර්' අවුරුද්දට ගමේ ගිහින් (0)
(789)
වසර 25කට පසුව මධුරි හා සංජේ නැවතත් (0)
(770)
හොඳම නළුවාගේ සම්මානය ලැබුණත් මට මගේ කොණ්ඩේ නැති වුණා (0)
(707)