2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා

2017 පෙබරවාරි මස 27 09:44:02 | . , ක්‍රිස්ටෝපර් සීපියන්

නව වසර සඳහා කැලැන්ඩරයක් නොලද අයෙකු තමා දිනපතා ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළෙඳසලට පැමිණියේය. “බිත්තර කීයදැයි” ඔහු සේවකයකුගෙන් විමසූ අතර, “එකක් දහ තුනයි” සේවකයා පැවැසීය. “මට බිත්තර දහයක් දෙන්න” පාරිභෝගිකයා කීය. 


බිත්තර දහය ලබාගත් හෙතෙම රුපියල් එකසිය පනහක් දෙන ගමන් “කැලැන්ඩරයක් නැද්දැයි” විමසීය.


“ඉන්න දෙන්නම්” පැවැසූ සේවකයා කැලැන්ඩරයක් දුන්නේ, “මේක අපේ කඩෙන් ගැහුවේ” යැයි උජාරුවෙන් පවසමිනි. ඉතිරි මුදල්ද රුපියල් දහයක් ලැබිණි. පාරිභෝගිකයා සේවකයා අමතා “බිත්තර දහයට රුපියල් එකසිය තිහයිනේ. මොකද රුපියල් එකසිය හතළිහක් ගත්තේ” යනුවෙන් විමසීය.


“කැලැන්ඩරේට වියදම් කළ සල්ලි ටිකක් හරි අඩුවෙන නිසා මුදලාලි කිව්වා කැලැන්ඩරයක් ඉල්ලන අයගෙන් රුපියල් දහය ගානේ අරන් දෙන්න කියලා.” සේවකයා කීවේ ඇඟට පතට නොදැනීය.


පාරිභෝගිකයා මිතුරෙකුට කැලැන්ඩරේ පෙන්වමින් “කඬේ නම ගෙදර ප්‍රදර්ශනය කරන්න රුපියල් දහයකුත් ගෙවන්න ඕනැ. අන්න මාර්කටින්” යනුවෙන් පැවැසීය. 
ක්‍රිස්ටෝපර් සීපියන්

අදහස්(2) බැලූවෝ (3320)

නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුලෝචන 2017-02-27 21:43:11

මුහුණට දමලා ගහලා වෙන කඩේකට ගිහින් ඉල්ලන්න තිබුණේ (නි)

ජනහිත 2017-02-28 05:26:30

ආපහු දීලා සල්ලි ඉල්ලගන්නනේ තිබුනේ. හොඳට මතක තියාගන්න ඔය මුදලාලිලා කිසිවක් නිකම් දෙන්නේ නැති බව. නිකන් දෙන හැම එකකටම ගාන, ගන්න බඩුවල වටිනාකමට ඇතුළත් කරලයි තියෙන්නේ. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :