2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි

2017 පෙබරවාරි මස 25 01:55:38 | . , ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුර.

තරුණ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක් පෞද්ගලික බැංකුවක ආරක්‍ෂාවට යොදවා තිබුණි. බැංකු නිලධාරීන්ගේ සම්මන්ත්‍රණ, පුහුණු වැඩමුළු ආදිය පැවැත්වූයේ බැංකුවේ උඩු මහලේය.

දිනපතා ආරක්‍ෂක නිලධාරීන්ට උදේ සවස කිරි තේවලට අමතරව කෙටි කෑමක් ද නොමිලයේ ලැබුණි. දිනක් මෙම ආරක්‍ෂක නිලධාරියාව වෙනත් ආයතනයකට මාරු කෙරිණි. එය රාජ්‍ය ආයතනයකි. ආරක්‍ෂක නිලධාරියා වැඩ භාරගත් මුල්ම දිනයේදී උදේ දහය පසු වුවත් තේ කෝප්පයක් නොලැබුණු නිසා එතැන සිටි කාර්යාල කාර්ය සහායක මහතා හමුවිය.

“මොකද මල්ලී?” යැයි හෙතෙම විමසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා, “තවම තේ ආවේ නැහැනේ. මම හිටිය තැන නම් මේ වෙලාවට මොනවා හරි කාලා, කිරි තේ දෙපාරක්ම බීලා” යැයි කීය. එවිට කා.කා.ස. මහතා සිනාසී, “ඒ මල්ලී පෞද්ගලික ආයතනවලනේ. මේවා රජයේ ඒවා හැමදාම පාඩුයි. මෙහෙ සර්ලා මිස්ලා සල්ලි එකතු කරලා, සීනි තේකොළ ගෙනල්ලා, තේ හදාගෙන බොන්නේ, ඒත් ප්ලේන් ටී” යනුවෙන් පැවැසීය. ආරක්‍ෂක නිලධාරියා සංචාරක නිලධාරියාට මෙසේ කීය. “අනේ සර් මෙන්න වැන්දා මාව රජයේ තැනකට නැතිව වෙන කොහාට හරි ගිහින් දාන්න. මට කලන්තේ වගේ. මෙහෙ තේ තියා ඇල්වතරවත් නැහැ”

ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුර.

අදහස්(2) බැලූවෝ (4604)

පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මංගල 2017-02-25 05:52:43

ඔතනම ඉන්න. අවු 30ක් 40ක් වෙනකොට දියවැඩියාව හැදෙන්නෙ නැතිවෙයි. අතන හිටියොත් ජීවිත කාලෙම බේත් බිබී ඉන්න තමයි වෙන්නෙ. (නි)

යස්මින් 2017-03-01 04:43:02

රජයේ කාර්යාලවල තේ සාදන මිනිහා තේ හදන්නේ වතුර වගේ. තේ කොළ දාන්නේ නැහැ. දවසකට කෝප්ප පනහකට විතර එකම තේ කොළමයි පාවිච්චි කරන්නේ. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :