2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ

2017 පෙබරවාරි මස 23 12:27:15 | . , රොයිටර් ඇසුරෙනි.පරිවර්තනය- හර්ෂණ තුෂාර සිල්වා

ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නාසා ආයතනයේ විද්‍යාඥයෝ මෙම කරුණු ප්‍රකාශ කළහ.පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක දුරින් පිහිටා ඇති කුඩා සෞරග්‍රහ මණ්ඩලයක මේ ග්‍රහලෝක හත පිහිටා ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති.

වාණිජ ජෙට් යානාවකින් පැයට කිලෝමීටර 926කින් ගමන් කළ ද එම තාරකාව පිහිටා ඇත්තේ වසර මිලියන 44කට වඩා දුරින් යැයි ද නාසා විද්‍යාඥයෝ තවදුරටත් පෙන්වාදෙති. 

මෙම නව ග්‍රහයන් හත් දෙනා කුඩා තරුවක් වටා භ්‍රමණය වෙමින් පවතින බව ද විද්‍යාඥයෝ පවසති.විද්‍යාඥයන් එම තරුව නම් කර ඇත්තේ ‘ට්‍රැපිස්ට් 1’ යන නමිනි. මෙම තරුව අප සූර්යයා මෙන් නොව, ඊට වඩා සිසිල් යැයි ද පැවැසෙයි.

මීට පෙර වෙන වෙනම ජීවය ජීවය පැවැතීමට හිතකර සාධක ඇති ග්‍රහලෝක විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇතත්, ජීවය පැවැතිය හැකි යැයි අනුමාන කළ හැකි ග්‍රහයන් හතකින් සමන්විත ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට හැකිවුණු පළමු අවස්ථාව මෙය බවත් එම නිසා මෙම සොයා ගැනීම ඉතා වැදගත් සොයා ගැනීමක් බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙම ග්‍රහයන් හතෙන් තුනක් ඔවුන්ගේ මවු තාරකාව වටා කක්ෂ ගත වී ඇත්තේ ද්‍රව මතුපිටක් එසේත් නැතිනම් මතුපිට ජලය ඇති දුරකින් යැයි ද විද්‍යාඥයෝ පෙන්වා දී ඇත. අනෙක් ග්‍රහයන් හතරට සාපේක්ෂව මෙම ග්‍රහයන් තුනේ ජීවය තිබීමේ අවස්ථාව වැඩි යැයි ද නාසා විද්‍යාඥයෝ පවසති. 

 

download

download-(1)(ග්‍රැෆික් ඡායාරූප උපුටාගැනීම-නාසා ආයතනය)

download-(2) download-(4)

(ඡායාරූප-රොයිටර් පුවත්)

අදහස්(43) බැලූවෝ (11618)

පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චතුර 2017-02-23 08:20:26

ගොඩක් සතුටුයි මේ සොයාගැනීම ගැන. අනාගතයේ දවසක ප්‍රවාහන ක්ෂේත්‍රෙය් තාක්ෂණය මීට වඩා ගොඩක් දියුණු වී මේ ග්‍රහලෝක වලට මිනිස් ජීවිත කාලයක් අතරතුර යාමට ඉඩ ලැබේවි. (ම)

කුමාර් (ගල්ෆ්) 2017-02-23 08:56:04

ආලෝක වර්ෂ 40 ක් දුරින්, මේවා නිකන් දවල් හීන පමණයි (ම)

ගම්මන්පිල 2017-02-23 09:19:30

ලංකාවේ බඩු මිල වැඩිවීම මහජනයාට අමතක කිරීම සඳහා ඇමෙරිකාව කරණ බොරුවක් මේක. (ම)

දර්ශන බටගොඩ 2017-02-23 10:06:56

බුදු දහමේ මේවා කිව්වේ අවරුදු 2600 කට කලින් (ම)

ලක්විදු 2017-02-23 10:50:25

ජංජාලයයි......! ඒ කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව වාගේ තව හතක් තියෙයි (ම)

රමසි 2017-02-23 10:51:55

සයිටම් කාරයෝ කියාවිද දන්නේ නැහැ ඒ හතෙත් සයිටම් වගේ ඒවා තියෙන්න පුළුවන්, ඒක නිසා අනුමැතිය දෙන්න කියල. (ම)

රූපසිංහ 2017-02-23 11:16:41

බුදු හාමුදුරුවන්ගේ ධර්මය කියවන්න (නි)

පිටබැද්දර ජයා 2017-02-23 11:13:36

බෞද්ධ දර්ශනයේ උපරිම පල නෙළාගන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන් තමයි ඉතින් (නි)

දම්මික 2017-02-23 11:34:56

දර්ශන හරියටම හරි. නාසා විද්‍යාඥයින් මේ පසුපස හඹායන්නේ බුදුන් වහන්සේ මීට වසර 2600ට කලින් සඳහන් කළ දේ බටහිර විද්‍යාවට අනුව සනාථ කර ගැනීම සඳහාය. (නි)

සංක 2017-02-23 12:06:41

ඇමරිකාව දැන් කිව්වට ආලෝක වර්ෂ 40 දුර කියලා තව ටික දවසකින් කිලෝමිටර් 40 ක් වේවිද දන්නේ නැහැ. මට නම් පේන්නේ මේ ග්‍රහලෝක 7 ත් තවම රසායනාගාර සොයාගැනීමක් පමණයි වගේ (නි)

කුෂාන් 2017-02-23 13:32:51

අනාගතයට මෙය ඉතා වැදගත් වේවි (නි)

මොරවක 2017-02-23 15:38:35

හොඳ සොයාගැනීමක් වෙයි මේක (නි)

මොහොමඩ් 2017-02-23 15:59:42

මෙවැනි දේවල් පිළිබඳව අල්ලාහ් දෙවියොත් කියලා තිබෙනවා. අපිට නම් මේවා අමුතු දේවල් නොවේ. (නි)

විජේපාල 2017-02-23 16:11:42

මේ ග්‍රහලෝක වලත් අපේ රටේ ඉන්න දේශපාලඥයෝ වගේ අය ඉන්නවද දන්නේ නැහැ නේද. (නි)

අමිල 2017-02-23 17:52:02

මේ සොයාගැනීමෙන් වැඩක් තියෙනවද? (නි)

බන්දුල 2017-02-24 02:06:39

ඔය මොනවා කිවුවත් බුදුන් වහන්සේ මේ සක්වල ගැන කිවුව දේ ගැන හොයන්න නාසා ආයතන තව 100 ක් විතර තිබුනත් මදි. බෞද්ධයෝ වන අපිට නම් මේවා ඒ තරම් වැදගත් නැහැ (නි)

අශිකා 2017-02-24 02:49:58

සියලුම ආගම සහ දෙවිවරු හදාගත්තේ මිනිස්සුම මිසක් දෙවියෝ නෙමෙයි. බලමුකෝ ඔය හොයාගත් ලෝක වලත් දෙවියෝ ඉන්නවද කියලා? (නි)

අකිල 2017-02-24 03:18:12

අදහස් දැක්කම ලංකාවේ මිනුස්සුන්ගේ පම්පොරියක් නම් තියෙනවා, හැබැයි අවුරුදු 69ක් ගිහිල්ලත් තාම 3වෙනි ලෝකේ රටක්. (ර)

උපුල් 2017-02-24 03:32:09

මේ ප්‍රවෘත්තිය නාසා එසේ අයට මැජික් වුණාට බෞද්ධ අපට මැජික් එකක් හෝ ප්‍රවෘත්තියක් නොවෙයි. බුදුන් කිව්වෙ අනන්තවත් වෙනත් ලෝකයන් තිබෙනවා හැබැයි හොයන්න එපා පිස්සු වැටෙනවා කියලයි. (නි)

අබය 2017-02-24 03:31:40

ඔය ලෝක ඔක්කොම මවාපෑම් විතරයි. කිසි කෙනෙකුට යන්ටත් බැහැ. අපිවගේ අයට පෙනෙන්නෙත් නැහැ. කිසිම ආගමක මෙවැනි දෙයක් තියෙනවා කියලා කියලත් නැහැ. (නි)

රාමනායක 2017-02-24 04:12:44

මොහොමඩ් සහෝදරයා මේ පෘතුවිය සහ ජීවින් ඇතුළු මුළු විශ්වයම නිර්මාණය කලේ අල්ලාහ් දෙවියන් කියා කියනවා. එහෙමනම් පෘතුවිය පිට ජීවින් සිටිනවා කියා තිබේද නැත. යම් සොයාගැනීමක් නිසා තම ආගමික මතය වෙනස් කර ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නැත. කටුස්සෝ වෙන්න හදන්න එපා. පෘතුවියේ අතිවලාතිබෙන කරදර මදිවට වෙන ලෝක වල ජීවින් අල්ල ගන්න එපා. (ර)

ජයන්ත 2017-02-24 10:16:08

හොඳයි හැබැයි තව ටික දවසකින් මිනිස්සුන්ට ගැලපෙන්නැ කියයිද දන්නේ නැ (ර)

විජිර 2017-02-24 10:17:50

මොහොමඩ් ඔයාගේ දෙවියෝ ගැන ගන්න කලින් අපේ බුදු හාමුදුරුවෝ අවුරුදු 2600 කලින් වදාළ දේවල් තමා නාසා හොයාගත්තේ තරහ ගන්න එපා හොදේ! (ර)

නිමල් 2017-02-24 11:07:11

තවත් නාසා බයිලයක්. ලෝකේ නටයි ඇත්ත කියලා. (ර)

ලලිත් 2017-02-24 11:26:38

අනේ එකකටවත් පැනගන්න පුලුවන්නම් මේ දේශපාලුවන්ගෙන් ගැලවිලා. කොළ අතු ඇඳගෙන උන්නත් දුකක් නැහැ සන්තෝසෙන් ඉන්න පුළුවනි දාඩිය මහන්සියෙන් හරිහම්බකරන දෙයක් කාල බීල. මෙතන ගන්න ගන්න සේරම දේවල් භුක්ති විඳින්නේ මේ අයනේ (ර)

රිචි බාලසුරිය 2017-02-24 20:32:52

ඔය සොයාගත් ග්‍රහලෝක වල, අපේ ලංකාවට සමාන රටකුත් තියෙන්න බැරි නැහැ හොඳට සොයා බැලුවොත් (නි)

රසික 2017-02-24 20:56:01

මොහොමඩ්, මොනවද ලෝකය ගැන කියලා තියෙන්නේ? පෘථිවිය ගැනනම් කියපු දේ නම් පිළිගන්න බැහැ නේද?පෘථිවිය පැතලි තලයක් කියා (නි)

සුනිල් 2017-02-25 06:57:43

අපේ බුදුන් දෙසූ බණ කවදත් සත්‍යයයි (නි)

කුෂාන් 2017-02-25 08:33:29

මෙය වඩා වැදගත් වෙන්නේ අපිට නොව අනාගත පරම්පරාවටයි (නි)

කුමාර් (ගල්ෆ්) 2017-02-25 08:40:08

මොහොමඩ් මහත්තයෝ, ඔවු ඔවු ඇත්ත තමා (නි)

මහේෂ් 2017-02-25 16:41:19

නාසා එක දැන් මේවා හොයාගත්තට අපේ චතුර නම් මේවාට ගිහිල්ලත් ආවලු! (නි)

fb-icon එරන්ද 2017-02-25 17:12:25

එහෙනම් ඉඩකඩ ප්‍රශ්නයත් හරි (නි)

fb-icon කුරේ 2017-02-25 17:09:28

ගම්මන්පිල, විශ්වයයි බඩු මිලයි අතර ඇති සම්බන්ධය කුමක්ද? (නි)

සුසන්ත 2017-02-25 21:22:18

එහෙනම් අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ (නි)

නිසාර් 2017-02-26 09:04:32

අර අතුරුදහන් වෙච්ච මැලේසියන් ගුවන් යානය දැන්වත් සැක නැතිව සොයා ගත්තද. (බ)

නාලක 2017-02-26 23:51:10

ඔහේ ගියත් වැඩක් නැහැ. මහින්ද, මෛත්‍රී, රනිල්, ගම්මන්පිල, චම්පික, ජෙප්පෝ, පෙරටුගාමී... වගේ තව අය එහෙත් ඇති. (නි)

ශ්‍යාමලී 2017-02-27 02:48:33

සත්‍ය ලෙසම මේවා අපට අලුත් ප්‍රවෘත්ති නොවේ. බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ " දම්සක් පැවතුම් සුත්‍රයේදී" මේ සහස්සී ලෝක ධාතුව ලෝක පිළිබඳ දේශනා කළ සේක. (නි)

අබරන් 2017-02-27 07:21:45

ඕල්කොට්තුමා විත් බුද්ධාගම ගැන කියනකල් සමහරු බුදු දහම විශ්වාස කළේ නැහැ. ඒ වගේ සුද්දෙක්ම කියනතුරු විශ්වාස නොකරන ගොඩක් දේ තියෙනවා (නි)

හේවාවිතාරණ 2017-02-28 01:13:10

බුදුරජුන් කල දේශනා කරලා තිබෙනවා බඹලොව සතකි කියලා. මේ ගොල්ලෝ දැන් තමා එකක් සොයාගත්තේ (නි)

අබය 2017-02-28 04:56:14

බුදුන් වහන්සේ දෙසූ දේවල් දන්නා කෙනෙක් ඉන්නවා නම් හරියටම කියන්න අපිටත් දැනගන්නට.... (නි)

හේසාන් 2017-02-28 12:53:57

"අපරාධයට දඬුවම" කියලා වැරදි කරන අයව එහෙට යවන්න තියෙන්නේ (නි)

සුමනේ 2017-03-01 04:46:56

ඔය අදහස් දැක්වීම් නවත්තලා ඔය ග්‍රහලෝකයකට ඉක්මනට යන විදිහක් කල්පනා කරමු. මට නම් මේ ලෝකේ එපාවෙලා තියෙන්නේ. (නි)

රන්ජිත් 2017-03-01 14:05:25

දවල් හීන තමා මේවා, මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් හොයන්නේ නැතුව (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :