2017 අගෝස්තු මස 24 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ජාතික පුෂ්පය රැකගන්න සටනක්

2017 පෙබරවාරි මස 20 13:31:32 | . , ගයාන් සූරියආරච්චි

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල පටක රෝපණ ක‍්‍රමය හරහා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය පර්යේෂණයක් අරඹා ඇත.Correct-ni-manel-flower

වෙළෙඳ පොළ සහ වගුරු බිම් ආශ‍්‍රිතව නිතර දක්නට ලැබෙන දම් පැහැයට හුරු මානෙල් මල නිවැරදි නිල්මානෙල් මල නොවන බවත් සැබෑ නිල් මානෙල් මල ලා නිල් පැහැයක් ගන්නා බවත් පර්යේෂකයෝ කියති.

වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ උද්‍යානබෝග හා භූමි අලංකරණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය ප‍්‍රසන්ති පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පර්යේෂණය සිදුකෙරේ. මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දී ඇත්තේ ජාතික පර්යේෂණ සභාවයි.

“ නිල් මානෙල් මල ලෙස අප බොහෝවිට හඳුනාගෙන තිබෙන්නේ දම් පැහැති මානෙල් මලක්. එය සත්‍ය නිල් මානෙල් මල නෙවෙයි. එය ලංකාවට අලූතෙන් හඳුන්වා දුන් එකක්. එය මේවන විට සැබෑ නිල් මානෙල් ශාකයට තර්ජනයක් වෙලා තියෙනවා. මේ දම් පැහැති නිල් මානෙල් ශාකය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.මේක නිල් මානෙල් මලට තර්ජනයක්.ඒ වාගේම නිල් මානෙල් මල තර්ජනයට ලක්ව තිබෙන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.“

“නිල් මානෙල් මල් විවිධ ශරිර ව්‍යාකූලතාවලට ප‍්‍රතිකාර කිරීම සඳහා දේශිය බෙහෙත් පැලෑටියක් ලෙසද භාවිතා කෙරෙනවා. ප‍්‍රති බෑක්ටිරියා,පිළිකා මර්ධන,ප‍්‍රති දියවැඩියා ආදී ගුණයෙන් යුතු බව කියන නිල් මානෙල් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා ද භාවිත කළ හැකියි.මීට අමතරව මෙහි අලය හා දඬු අහාරයක් ලෙසද භාවිතා කරනවා.“small-555

“මෙම ජාතික පුෂ්පය මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කර ගැනීම අප කාගෙත් වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙම පර්යේෂණය ආරම්භ කළා. සාමාන්‍යයෙන් නිල් මානෙල් ශාකයේ වර්ධන වේගය ඉතා අඩුයි. ඒ නිසා විශ්වාසදායකම ක‍්‍රමය වන පටක රෝපණයෙන් නිල් මානෙල් ශාකය විශාල වශයෙන් බෝකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.අපේ පර්යේෂණයෙන් නිල් මානෙල් ශාකය මහා පරිමාණයෙන් නිපදවා ජලජ පරිසර පද්ධතිවලට මුදා හැර වැඩිදුර සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. විශාල වශයෙන් පැල නිපදවා විවිධ පරිසර තත්ත්වයන් යටතේ විශ්ලේෂණය කර ව්‍යාප්ත කිරීමටත් බලාපොරොත්තු වෙනවා.“

“මේ සඳහා කාර්යක්ෂම ක‍්‍රමයක් හඳුන්වාදී  පර්යේෂණ කටයුතු කරගෙනයාම සඳහා පර්යේෂණ ශිෂ්‍ය චතුර නයන්තර ප‍්‍රනාන්දු මහතාගේ දායකත්වයද ලබාගෙන තියෙනවා. මීට පෙර නිවැරැදි නිල් මානෙල් මල සහිත ශාකය හඳුනා ගැනීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් පර්යේෂණ සිදුකළා.ඔවුන් ද මේ සඳහා දායකත්වය ලබාදෙනවා. අපේ ජාතික පුෂ්පය තවදුරටත් ආරක්‍ෂා කර ගැනීමට මෙම පර්යේෂණය ඉවහල් වේවි“  

Chathura-collecting-the-plants Correct-ni-manel-flower Habitat-is-about-to-dry

අදහස්(1) බැලූවෝ (2095)

ජාතික පුෂ්පය රැකගන්න සටනක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

fb-icon නීල් 2017-02-22 11:52:38

සැමටම බෝ කර ගැනීම පිණිස වගා හෝ කෘශි නිලධාරීන් හරහා පැල ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකියි. (අ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :