2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

අයි එස් ත්‍රස්ත ප්‍රහාර දෙකකින් 120 ක් මරුට: 250 කට තුවාල

2017 පෙබරවාරි මස 16 22:56:38 | . , රොයිටර් ඇසුරෙනි.පරිවර්තනය-හර්ෂණ තුෂාර සිල්වා

දකුණු දිග පාකිස්තානයේ දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරය පසුගිය දින කිහිපය තුළ දකුණු ආසියානු කලාපයට එල්ල වූ ප්‍රහාර අතරින් ප්‍රබලතම එකක් යැයි විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම ප්‍රහාරයේ වගකීම මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි.  අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 

ප්‍රහාරය එල්ල කර ඇත්තේ පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානයට හිතවත් කණ්ඩායමක් යැයි අයි.එස් සංවිධානය හා සම්බන්ධ පුවත් සේවයක් වන අමාක් පුවත් සේවය වාර්තා කරයි.

මියගිය සංඛ්‍යාව තවත් වැඩි වනු ඇතැයි ප්‍රහාරය එල්ල වූ දේවස්ථානය ආසන්නයේ තිබෙන රෝහලක සිටින පාකිස්තාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

“දැනටමත් මළ සිරුරු 72ක් හමු වී තිබෙනවා. මියගිය පිරිස තවත් වැඩි වෙන්න පුළුවන්. එකසිය පනහකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා” යැයි ෂබීර් සෙතාර් මහතා කියයි.

මේ අතර ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනකු මියගොස් 55 දෙනකු තුවාල ලබා ඇත.එම ප්‍රහාරයේ වගකීම ද අයි.එස් ත්‍රස්ත සංවිධානය බාරගෙන තිබිණි. 
 

අදහස්(16) බැලූවෝ (5781)

අයි එස් ත්‍රස්ත ප්‍රහාර දෙකකින් 120 ක් මරුට: 250 කට තුවාල සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජනහිත 2017-02-16 23:15:44

මේ දේම තමා අපටත් අත්දකින්න වෙන්නේ මහින්ද ජනාධිපතිතුමා නොහිටින්න. අපේ රටේ සියලුම දෙනා භේදයකින් තොරව එතුමාට ස්තුතිවන්ත වියයුතුයි. මේ ගැන කවුරුවත් වරදවා හිතන්න එපා.මොනවා නැතත් බයක් නැතුව තම කාර්යයන් ටික කරගන්න දැන් අපට ඉඩ ලැබිලා තියනවනේ. (නි)

විරාජ් 2017-02-17 04:09:02

මහින්ද මහත්තයා යුද්ධේ නිම කළා එකේ ගෞරවය එතුමාට නොවඩුව ලැබිය යුතුයි, හැබැයි ඊට පස්සේ දීපු සුද්දෙටයි අපි අකමැති, (අ)

සුසන්ත 2017-02-17 08:59:34

ඔයදේම තමයි අපිටත් වෙන්නේ තව ටික කාලෙකින්, බලන්නකෝ මේ යන විදියට ඔය අන්තවාදී ප්‍රහාර නැගෙනහිර මුල්කරගෙන ලංකාවෙත් පටන් ගත්තම සෙල්ලමේ තරම! (නි)

පියල් 2017-02-17 11:54:42

අපරාදේ ජිවිත.. මේ පලිගැනීම් සටන් මේ ලෝකෙන් කවද තුරන් වේවිද? (ර)

සංජීව - හොරණ 2017-02-17 14:40:32

හෙට ඉන්දියාව.. බලධාරිනි වහාම ආරක්ශාව තහවුරු කරන්න.. (ර)

මහේන්ද්‍ර 2017-02-17 15:22:39

කණගාටුයි (ර)

අශිකා 2017-02-18 01:14:34

ජනහිත, නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයාට නම් ඔක්කොම කළේ මහින්ද වුණාට අමතක කරන්න එපා, ජේ ආර්ගේ ඉඳල ඔක්කොම ජනපතිවරු සහ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ විජය විමලරත්නගේ ඉඳලා මෙකි නොකී දහසකුත් දෙනා ලොකු කැපවීම් කළා. මහින්දට හම්බවුණේ අවසාන අදියර. (නි)

සුසන්ත 2017-02-18 06:20:17

අයියෝ දෙවියනේ!

නුවන් 2017-02-18 13:58:30

සංහිඳියාව නමැති භයානක රෝගකාරකය යටතේ ලංකාවෙත් මේ වසංගතය පැතිරෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. එදාට ඔය සංහිඳියාවට කරගහපු අය ඔක්කොම රට පැනලා යාවි! (නි)

කල්ප 2017-02-18 17:03:00

අශික, මහින්ද නොහිටින්න තාමත් අවසන් අදියරේ තමයි. (නි)

සිරිමාන්න 2017-02-19 03:39:26

බලන්න මේ ISIS ත්‍රස්තවාදී කණ්ඩායම කරන අපරාධ. ඉස්ලාම් ධර්මය වෙනුවෙන් කියාගෙන අහිංසක මුස්ලිම් මිනිස්සුන්ව මොවුන් ඝාතනය කරනවා. මුළු ලෝකෙම දන්නවා ඔවුන්ගේ පිටුපස ඉන්නේ ඊශ්‍රායල ය සහ ඇමරිකාව කියල. අද මේ ත්‍රස්තවාදීන් මරණ තරමක් මරන්නේ මුස්ලිම් මිනිස්සුන්ව. මොවුන් ඒ මදිවට දැන් පල්ලිවලටත් ගහන්න පටන් අරන් (අ)

සිල්වා 2017-02-20 05:51:28

සිරිමාන්න කන්නෙ රට තණකොලද?, කාලෙකින් අප්ඩෙට් වෙලා නැ වගෙ..! (අ)

ගයන්ත 2017-02-20 15:37:17

සිල්වා, සිරිමාන්න කියනදේ වැරැද්දක් නැහැ. මමත් පිලිගන්නවා තලේබන්ලව හැදුවේ ඇමරිකාව රුසියාවට එරෙහිව, ISIS ත්‍රස්තාදීන්ට ඇමරිකාව සහයෝගය දෙනවා. ඊට පස්සේ ටිකක් ගහනවා. මේ බටහිර රටවල් තමන්ගේ අවශයතා වෙනුවෙන් මේ අයව පාවිච්චි කරනවා. (ර)

හෙවිල් 2017-02-22 11:07:36

අශිකා ට අවසිහිය වගේ යුද්ධයේ අවසාන අධියර මහින්දට ලැබුන නෙවේ එයා එ්ක අවසාන අධියරට පත් කළා . (අ)

හෙවිල් 2017-02-22 11:14:11

සිරිමාන්න නෙවේ ඔයාට තණකොළ පොඩි වෙලා එන තණ කොළ සුවඳට කටට කෙල උනනවා නේද ? ඇත්ත කියන්න(අ) .

චරිත 2017-02-24 06:27:13

අයි එස් ප්‍රහාරයට ලක්වෙන්නේ මුස්ලිම් රටවල් සහ මුස්ලිම් ජනතාව. ඒ උනාට එයාලගේ හතුරෝ ඇමරිකාව සහ බටහිර රටවල්. අයි එස් කවදාවත් ඇමරිකාවට වත් ඊශ්‍රයලයටවත් පහරදීලා නැහැ. එහෙම බැලුවහම අයි එස් කියන්නේ කව්ද කියලා තේරෙනවා. කරුණාකරලා අපේ රටෙත් ජාති වාදය උගුලට හසුවෙන්න එපා. (ර)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :