2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඊශ්‍රායල් පලස්තීන සාකච්ඡාවකට පසුබිම සැකසීමට චීනය සූදානම්

2017 පෙබරවාරි මස 15 15:53:23 | . , රොයිටර් ඇසුරිනි.පරිවර්තනය-හර්ෂණ තුෂාර සිල්වා

ඊශ්‍රායල හා පලස්තීන නායකයන් සාකච්ඡාවකට කැමැති නම් අවශ්‍ය පසුබිම සහ සහයෝගය ලබාදීමට සූදානම් බව චීනය පවසයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් යන නායකයන් සමඟ ලබන සතියේදී වෙන වෙනම ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට චීනය සූදානමින් සිටියි. 

මෙම තීරණය මැදපෙරදිග කටයුතු සම්බන්ධයෙන් චීනයේ උනන්දුව පෙන්වීමට ගන්නා උත්සහායක් බව විචාරකයෝ පෙනවා දෙති.කෙසේ වෙතත් පසුගිය කාලයේදී චීනය මැද පෙරදිග අර්බුදවලට මැදිහත් නොවීය.

ඊශ්‍රායල නායකයකු චීනයේ සංචාරයක නිරත වන්නේ 2007 වසරෙන් පසුවය. අවසන් වරට චීනයේ සංචාරයක නිරත වූයෙ ඊශ්‍රායලයේ හිටපු අගමැති ඉහුද් ඔල්මාර්ට් මහතාය.ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් දීම සඳහා මැදිහත් වීමට චීනය කිහිපවරක්ම උත්සහ කළ ද එය සාර්ථක නොවීය.

ඊශ්‍රායල පලස්තීන සාම සාකච්ඡා සම්බන්ධයෙන් පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් මහතා සහ  ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අතර සාකච්ඡා පැවැත්වී මාසයකට පසු නෙදන්යාහු සහ මොහොමඞ් අබ්බාස් යන නායකයෝ මෙලෙස චීනයේ සංචාරයේ නිරත වෙති. 

අදහස්(0) බැලූවෝ (1186)

ඊශ්‍රායල් පලස්තීන සාකච්ඡාවකට පසුබිම සැකසීමට චීනය සූදානම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :