2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට

2017 පෙබරවාරි මස 15 12:17:52 | . , බී බී සී පුවත් ඇසුරිණි - පරිවර්තනය - සිරංගිකා ලොකුකරවිට

චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ශිහාරි කොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කළ රොකට්ටුවක් මගින් මෙම චන්ද්‍රිකා ගුවන් ගත කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මීට පෙර රුසියාව විසින් චන්ද්‍රිකා 37ක් එකවර ගුවන් ගත කරමින් තබා තිබූ වාර්තාව මේ අනුව බිඳ වැටෙන බවයි.

ඉන්දියාව විසින් ගුවන් ගත කළ මෙම වන්ද්‍රිකා 104න් ඉන්දියාව සතු චන්ද්‍රිකා ඇත්තේ තුනක් පමණක් බවත් අනෙක් සියලුම චන්ද්‍රිකා විදෙස් රට වලට අයත් ඒවා බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ බී. ජයකුමාර් මහතා පවසයි. මෙම ක්‍රියාවත් සමග ඉන්දියානු ඉතිහාසය ප්‍රතිනිර්මාණය වනු ඇති බවත් සියලුම ඉන්දියානුවන්ට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

_94650977_mediaitem94650975

අදහස්(25) බැලූවෝ (5866)

ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නන්දන 2017-02-15 11:23:08

ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට මොකද උනේ ? (ර)

මහානාම කුමාරගේ 2017-02-15 15:01:05

ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව ඩේසි ආච්චිගේ ඔඩොක්කුවේ. (අ)

සුනිල් මාපලගම 2017-02-15 16:09:29

චන්ද්‍රිකාව ගුවන් ගත කරා නම් , මහින්දට ලොකු සැනසිමක් ...(අ)

යහම්පත් නලින් 2017-02-15 16:11:51

ඉන්දියාවේ සාදන මේ චන්ද්‍රිකා , එහෙ හදන බජාජ් සහ නැනෝ කාර් වගේ ඇති , ප්‍රමිතිය , එකයි එකවර චන්ද්‍රිකා 104 ක් අරින්න ඇත්තේ , කියක් හෝ ක්‍රියා කරාවී . (අ)

බමුණු 2017-02-16 00:38:03

අනික් රටවල චන්ද්‍රිකා වලට අහසේ ඉඩ නැතිවෙනවා.(ම)

ජනහිත 2017-02-16 07:04:26

එයා තාම යැවුවේ නැහැනේ. යමින් එමින් තියනවා. (බ)

ද සිල්වා 2017-02-16 19:25:21

අපෝ පරිස්සමෙන්! ඕවා අපේ ඔලුවට කඩා වැටේවිද දන්නේ නැහැ. ඉන්දියන් බඩුවල ප්‍රමිතිය අඩුයි (නි)

කැනඩා දිසා 2017-02-16 23:05:49

මහානාම කුමාරගේ නියම සතියේ කියමන කිව්වා! (නි)

සිසිර 2017-02-17 06:14:26

ඇත්තටම ඔය තරම් චන්ද්‍රිකා යවන්න හේතුව මොකක්ද? ඔහොම තොග ගණන් දේවල් අභ්‍යවකාශයට යැව්වම විශාල දූෂණයක් වෙන බව නිකමට වත් හිතුවද? ඔය යවන ඒවා කාලයක් යනකොට ක්‍රියා විරහිත වෙලා නිකම් පාවෙන්න පටන් ගන්නවා.ඉඳල හිටලා පොළොවටම කඩාගෙන වැටෙනවා. දැනටමත් විශාල අපද්‍රව්‍ය තොගයක් අහසේ පාවෙමින් පවතිනවා. දැන් මේවා ගැන හිතන්න කාලය හරි. මුළු ග්‍රහ මණ්ඩලයම විනාශ වෙන වැඩක් මේක. (අ)

නිමල් 2017-02-17 14:30:43

කෝකටත් ඉස්සරහට කවුරුත් පරෙස්සමින් ඉන්න එක හොඳයි. 104ම ඉන්දියාවෙ හදපුවනම්, අපේ රටටත් චන්ද්‍රිකාවක් දෙකක් ගොඩබාන්න ඉඩ නැතුවාම නෙමෙයි. (ර).

රොහාන් දයාදර 2017-02-17 21:28:57

තව අවුරුදු 5000 ක් ගතවුණත් අනුන්ට ගරහා ගරහා ඉන්නවා මිසක් කිසිදාක දියුණු වෙන්නේ නැති ජාතියක් අපි (නි)

fb-icon උදය 2017-02-18 06:58:02

මෙම ක්‍රියාවත් සමඟ ඉන්දියානු ඉතිහාසය ප්‍රතිනිර්මාණය වනු ඇති බවත් සියලුම ඉන්දියානුවන්ට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් ඔහු වැඩි දුරටත් පවසයි. එතකොට ශ්‍රී ලංකාව? (නි)

ආනන්ද 2017-02-18 16:09:26

අපරාදේ මහින්ද හිටියා නම් අපෙනුත් එකක් හරි උඩ අරිනවා නිසැකයි (නි)

අනුර 2017-02-18 16:19:10

ඉන්දියාවට සෙකන්ඩ් නොවී ගිනි පොළියට ණයට අරන් ලොකු කොමිස් එකකුත් අරන් මොනවාහරි විගඩමක් කරනවා මහින්ද හිටියා නම් (නි)

fb-icon කමණි 2017-02-19 06:51:11

අපිත් එකක්වත් යවලා බලමුද? (නි)

ජොයල් 2017-02-19 15:14:24

අනිත් රටවල් තමන්ගේ රටේ නිපදවූ චන්ද්‍රිකා ඉන්දියානු රෝකෙට්ටුවක් මගින් ගුවන් ගත කලේ ඉන්දියානු තාක්ෂනය මත ඇති විශ්වාසය නිසයි !! තමන්ගේ තාක්ෂනය ලොවට පෙන්වා පිටරටවල විශ්වාසය දිනමින් ඔවුන්ගේ චන්ද්‍රිකා ගුවන් ගත කර මුදල් උපයන්න තමයි ඉන්දියාව අඟහරු ග්‍රහයාට රෝකෙට්ටුවක් යැව්වේ !! එකටත් අපේ කට්ටිය වැසිකිලි කතාව ඇද්දා!! ඉන්දියාව පෝසත් රටක් නමුත් එහි ධනය පහල පන්තියේ කට්ටියට නොයැම තමයි එහි ඇති ප්‍රශ්නය !! (අ)

ගන්දර සුනිල් 2017-02-20 10:40:23

අපේ ලංකාවේ තාක්ෂණය ඉන්දියාවට වඩා දියුණුයි , දිය යටින් පළමුව ගින්දර ගෙන යෑම කළේ අපේ කාන්තාවන් , කපුටු පිහාටුවක් නිසා යුද්ධයක් බිහි කළෙත් අපේ ලංකාව , මුළු රටම පාලනය කරන නුගතුන් වුවත් පාර්ලිමේන්තුව පුරා ඉන්නෙත් අපේ ලංකාවේ (බ)

චන්න 2017-02-20 12:46:29

රොහාන් දයාදරගේ කීම තේරුම් ගන්න උත්සහයක්වත් ගන්න තරම් අපිවත් අපේ 225 ටවත් තව කලකට හැකියාවක් නොමැත. (නි)

ගයාන් ප්‍රියන්ත 2017-02-20 15:34:08

අපේ මිනිස්සු මෝඩ කතා කිය කිය ඉන්නවා ඉන්දියව ගැන. අපිට බැරි දේ එයලා හොදට කරනවා.මෙතනදි ඉන්දියව වෙන රටවල් වල චන්ද්‍රිකා එයලගේ රොකට් එකකින් කක්ශ ගත කරල එතනත් රටට අදායමක් හොයනව. මතක තියගන්න ඉන්දියන් චීන බඩු බාල නෑ. (ර)

සුදීර 2017-02-21 13:08:11

නියමයි රොහාන් (නි)

හිල්මි 2017-02-23 03:39:16

මම නම් හිතන්නේ අපි ඉන්දියාව ගැන හිතන විදිහ වැරදියි. (නි)

ලලිත් 2017-02-24 20:59:53

ඔය පේනවා නේද යන්තම් අත පොවාගන්න දුන්නොත් ඉවරයි. මෙහාට එන්නත් විසා එහෙම දෙනකොට කල්පනාවෙන්. එක විසා එකෙන් පරම්පරා ගණනාවක්ම ගොඩබහියි. (නි)

ලක්විදු 2017-02-25 13:44:51

අල්ලපු රටේ ඉඳලත් ඕනෑම එක අරන් ගිහින් නැහැනේ. (නි)

දිමුත් 2017-02-26 14:34:36

ඒකට අපේ අර දමිල අය එහෙන් රටෙන් කෑල්ලක් ඉල්ලනවා අනිත්අ අය අරහෙන් තව කෑල්ලක් ඉල්ලනවා. අපි තාම 1948 හිර වෙලා ඉන්නවා (අ)

රිතික් 2017-02-27 16:14:22

අපොයි! ඕවා සට සට ගාලා කඩා වැටෙන්න ගත්තොත් නිකන් පරමාණු බෝම්බ ගැහුවා වගේ තියෙයි. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :